
(චමිල් රූපසිංහ)
ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදි විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල විශාල ප්‍රමාණයක් හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇතයි වාර්තා වේ.
කෝටිගනනක ජල නල මෙහි තිබූ බව ඉංජිනේරුවෝ පවසති.
මෙම ජල නල අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් සියලුම ජල නල මෙහි තිබු බවද ඉංජිනේරුවෝ පවසති.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි.
අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් රාජ්‍ය දේපළ ගිණිතියන යුගයක්වත් ඇවිල්ලාද?
ඕවා අහම්බෙන් සිදුවෙන දේවල් නෙමෙයි. හිතාමතා කරන පව්කාර දේවල් අහිංසක ජනතා බදු මුදල්... මොවුන්ට මෙලොවදීම පටිසන් දෙන්න ඕනෑ...
කවුරු කළත් මේවා ජාතික අපරාධ...!
රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ඇමති කෙනෙක් 1970 සිටම මේ දක්වාම මන්ත්‍රී කෙනෙක් හැටියට ඉන්නවා. එයා මෙතෙක් ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් හැටියට කරපු කිසිවක් නැතත් කැළණි වැලි දුම්රිය මාර්ගය වැසීමට අත උස්සලා තියෙනවා.. ඔහුට තමන්ගේ ආසනය දක්වාවත් එම මාර්ගය තබාගන්න බැරිවුණා. ඔහු පොහොට්ටු ආණ්ඩුව පත්වෙලා ජලඇමැති වෙලා ජල ව්‍යාපෘතියක් කරන්න ආරම්භ කළා.. ඇත්තටම ඒකටත් ඔහොම ජල නල විශාල වශයෙන් ගෙනැවිත් ගොඩගසා තිබුණා... දැන් ව්‍යාපෘතිය නැහැ ජල නලත් නැහැ.. මෙහෙම අපරාධ ගැන බලන්න කෙනෙක් නැද්ද?
හොඳටම සැලසුම්සහගතව ව්‍යාපෘතියේ කිසියම් කෙනෙකුගේ හෝ පිරිසකගේ අනුදැනුම සහිතව කළ ක්‍රියාවක් බව පැහැදිලියි.