‘ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු‘ යන තේමාව යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ අද (30) කොළඹ කොටුව දුම්රියපොළේදී සිදුකළහ.
වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධ්‍ය ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාවට දරාගත නොහැකි බරක් පටවා ඇති බවත් මෑතදී වාහන සඳහා බදු වැඩි වශයෙන් ඉහළ දමා ඇතැයිද ජවිපෙ පවසයි.
‘අපි කවුරුත් දන්නවා ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කළා. ඒ බදු ප්‍රතිපත්තියෙන් මාස තුනක් යෑමට පෙර අලුතෙන් බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිද්ධ වෙලා තිබෙනවා. අපි දන්නවා ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා තියෙනවා. ඒ ආණ්ඩුව මුහුණ පා ඇති දැවැන්ත ආර්ථික අර්බුදය ජනතාවට පටවන්න තමයි දැන් ආණ්ඩුව කටයුතු කරගෙන යන්නේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජායාරූප හා වීඩියෝ ඉෂාන් සංජිව

![DSC_1074[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_10741.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ එකේ ඉන්න කාන්තාවක් ඇගේ අප්‍රසන්න ගතිය පෙන්වනවා දැන් ඕවට රැවටෙන් නැහැ (බ)
සමරසිංහ කොහොමද ආණ්ඩුව හොඳද (බ)
දැන් සතුටුයිනේ? නැඟගෙන ආ ආර්ථිකය, සංවර්ධනය, ජනතාවට සහන අනිත් පැත්ත හරවා අසාර්ථක ආණ්ඩුවක් හැදෙවුවනේ. දැන් ඉතින් කල්ල මරේ තමයි! (නි)
කඩේ ඇතුලේ ඉදගෙනම බොරුවට කඩේ යන එක ගැන දුකයි සහෝ. ලබන පාර මේපාර ලැබුන 4 ත් නැහැ. (බ)
අර මහඇමතිය අපේ රණවිරුවාට බැනපු එකට විරෝධයක් නැද්ද සහෝදරවරුනි.(රේ)
මම හොඳ එජාප පාක්ෂිකයෙක්. හැබැයි මන්ත්‍රීලට වාහන පර්මිට් අරගෙන 15% බදු වැඩි කරපු එක හරිම කැත වැඩක්. මේ ප්‍රශ්නෙදි විතරක් මම ජනතා පෙරමුණ එක්ක ඉන්නවා. (නි)
නියමයි ජවිපෙ (බ)
එකම ප්‍රතිපලය පරිසර දුෂණය පමණකි! (බ)
මෙච්චර තමයි ඉතින් මෙයාල දන්නේ. (බ)
කෝකටත් විරොදයක් දක්වන්න මාධ්‍ය දර්ශනයක් තියෙන්න ඕනේ. (ර)
මෙයාලගේ දේශපාලනේ තනිකරම බොර දියේ මාළු බෑමක්. යූඑන්පී එකට කඩේ යන ගමන් සාමාන්‍ය ජනතාවට පේන්න කොළ බෙදනවා. සුනිල් කියපු එක තමයි අවසානේ වෙන්නේ. (බ)
අපූරුවට සංවර්ධනය වෙමින් ආපු රට අනිත් පැත්ත හැරෙව්වා ඔහේලම නේද. එ.ජා.ප ආණ්ඩුවක හැටි දන්නේ නැතුවද එදා වැඩ කලේ. (ම)
මෙයාලට පුළුවන් තියෙන දෙයක් විවේචනය කරන්න විතරයි. (බ)
මීට වඩා අඩු පඩි වලට වැඩ කරන්න ඕනේ තරම් මිනිස්සු පිට රට ඉන්නවා. දැන් ලංකාවේ ජීවන වියදම සැරයි. (ර)
මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ට ඕනේ දේ මිස මහජනයාට ඕන දේ නොවේ, රණවිරු අපහාසයට සද්ද නැහැ (ම)