උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය සැමරුම් පින්කම් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වෙයි.
අස්ගිහිරි මහා නාහිමිට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතා ආශිර්වාද බුද්ධ පූජා හා පරිත්‍රාන ධර්ම දේශනා පිංකමක් ද බම්බලපිටිය මල්ලිකා නිවාසයේ, රාජගිරිය වික්ටෝරියා නිවාසයේ මාපියවරුන් හට බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද පිරි නැමේ.
අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි මාහිමි, සියම් මහා නිකායේ මල්වතු පර්ශ්වයේ අනුනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි මාහිමි, දරණාගම කුසලධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විහාරස්ථ දායක දායිකාවෝ ද සහභාගී වූහ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා!(දිල්)
අපේ අතිපුජනීය මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේට දිගාසිරි වේවා! සුබ උපන් දිනයක් වේවා! (ර)
අපේ මහා නායක හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා! (ර)
හිටපු ජනපතිතුමා ගැන දුකක් දැනුනා. ඔබතුම දන් ටිකක් විවේක ගන්න. (ර)
අපේ මහානායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය පතනවා! (නි)
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)