ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව බව ගලගම අත්ථදස්සි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසූහ.
ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (27) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව පැවැසුහ.
අපේ රටට යම් ව්‍යසනයක් විපතක් ගැටළුවක් ඇති වු විටක එයින් රට මුදා ගැනිම සදහා මහා සංඝයා පෙරමුණ ගත් බව ඉතිහාසය දෙස බැලිමේදි මනාව පැහැදිලි වෙනවා. රටේ ජාතික සමගිය ගොඩ නැගිමේ කාර්යයේදි ඒ ආකාරයෙන්ම මහ සංඝයාගේ ආශිර්වාදය හා මග පෙන්විම අතව්‍යශ සාධකයක් බවත් උන් වහන්සේ පැවසුහ.
අපේ බෞද්ධයින් කිසි දිනක අන්‍ය ආගමිකයින් බෞද්ධාගමට හරවා ගන්නට උත්සහ නොදැරුවත් සිංහල බෞද්ධයින්ට බලපැම් කර අන්‍ය ආගම් වලට බදවා ගන්නට උත්සහ දරනවා. එවන් දේ සිදු නොකළ යුතුයැයි මගේ හැඟීම බවත් ගව ඝාතනය වගේම එක් පිරිසක් රක්ෂිත වනාන්තර එළි කර ගම්මාන හදනවා. ඒවා නැවැත්විය යුතුයි. ඒවාට අපි විරුද්ධ බව දන්වා ඇතැයිද මහනාහිමියෝ පැවැසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසු දෙය ඇත්ත උනත් චීවරයක් පොරොවා ගත් ඥානසාර හිමි පසුගියදා හැසිරුණ ආකාරය නම් කිසිසේත් අනුමත කිරීමට නොහැක. ඒ ගැනත් අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ වචනයක්වත් කතා කරා නම් හොඳ නැද්ද ?(කෞ)
ගරුතර හිමියනි, ඔබගේ දේශනය ඉතා අගයකොට සළකමි. (නි)
කතාව ඇත්ත. සිංහල අපි වෙනුවෙන් වෙන කව්රුද පෙනී ඉන්නේ? කැලය එළිපිට එළිවෙනවා. සිංහල බෞද්ධාගමිකයන් වෙන ආගම් වලට හරවා ගන්නවා. රටේ නීතියක් නැද්ද මේවා පාලනය කරන්න? වගකිව යුත්තෝ කව්ද? ඔවුන් නිහඩ ඇයි? ජනතාවගෙන් වැටුප් ලබන්නේ කියල , ජනතාවගේ සේවකයෝ කියල මෙයාලට අමතකද? (බ)
එඩිතර සහ අවංක ප්‍රකාශයක් (නි)
අපි එකඟයි හාමුදුරුවනේ (නි)
ඔබතුමාගේ ප්‍රකාශය අගයකරනවා ,හාමුදුරුවන්ට රට වෙනුවෙන් ඡන්දයක් සදහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි (බ)
රටේ නීතියට අපි අවනත වියයුතුයි. (නි)
මහනාහිමි නමකගෙන් කලකට පස්සේ කෙලින් ප්‍රකාශයක්, සාදු සාදු! (අ)
අපේ මහනායක හාමුදුරුවනේ; ඔබවහන්සේ ප්‍රකාශකර ඇති කරුණුවලට එකඟ විය හැකිය. දූෂණ සහ අක්‍රමිකතාවලට අපිදු අකමැත්තෙමු. ඒවාට එරෙහිව සමාජය දැනුවත්කොට පෙළගැස්වීම හා සටන්කිරීම යෝග්‍ය බව පිළිගනිමු. දැනුදු ගරුතර මහසඟරුවන පෙරමුණ ගැනීම අගය කරමු. ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ ජාතියක් වශයෙන් අපට සිදුවූ අසාධාරණකම් පිටුදැකීමට මහසඟරුවන එඩිතරව ජනතාව පොළඹවමින් ඉදිරියට ආවෙත්, නොනැමී වෙඩි උණ්ඩයට ලය පැවෙත් ඔවුන්ගේ නීති රීති මායිම් නොකරමිනි. එම පාලනයේ මර්දනයත් හිංසා පීඩාවත්, 1948න් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයත් අතර ඇති වෙනස අනුව අද අදහස් පලකිරීමේ, භාෂණයේ නිදහස ඇත. සමාජයේ බෙදීම්, ගැටුම් ඇතිනොවන අයුරින් ජනතාව පෙළගැස්වීමට, ඔවුන් දැනුවත්කිරීමට, උද්ඝෝෂණ කිරීමට, පෙළපාලි යෑමට හැකිය. එසේනමුත් අප කටයුතු කල යුත්තේ රටේ පවතින නීතිරීති හා ව්‍යවස්ථාව අනුව මිස සුදුපාලන සමයේ මෙන් ක්‍රියාකිරීමෙන් නොවන බව මගේ වැටහීමයි. එමනිසා අපේ ඇතැම් හාමුදුරුවරුන්ගේ ඉදිරිපත්වීමේ ක්‍රමවේද,අනුගමනය කරන ක්‍රියාකාරකම්, පෙළඹවීම් හා හැසිරීම් මහජනතාව අගය නොකරනු ඇතැයි මම හඟිමි. ගරතර සංඝරත්නය නොහොබිනා ලෙස ක්‍රියා කිරීමෙන්ද, හැසිරීමෙන්ද අන් ආගමිකයින් හා ලබ්ධ්කයින් ඉදිරියේ අපට ඇතිවන්නේ බලවත් ලැජ්ජාවකි, කලකිරීමකි, අදහස් ඉදිරිපත් කිරීමේ අසීරුතාවකි. (අ)
රටට වෙන්න යන අනතුර (වෙනම පාලනයක්, රණවිරුවන්ට බොරු චෝදනා යටතේ දඬුවම, ආනන්ද නාලන්ද වැනි පාසල් වලට තර්ජන, ආදිය පිළිබඳව) ඔබ වහන්සේට වැටහීම පිලිබඳ අපගේ ප්‍රණාමය! (අ)
දැන් චරිත සහතික දුන්නට වැඩක් නැහැ. අපේ හිතේ අප්‍රසාදය නැතිකරන්න අමාරුයි (නි)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ සමඟ අපිත් එකඟයි (නි)
සේන, ඔබ හරියටම හරි. (නි)
එක හොඳ වෙඩක් කළ පමණින් නරක දෙයක් කර නිදහස් විය නොහැකි බව ඔබ වහන්සේලා දන්නවා (බ)
ලොකුහමුදුරුවනේ,ඔබ වහන්සේට මම හිස නමා ආචාර කරනවා මේ වගේ දෙයක් කීම ගැන.(කෞ)
ඉතිහාසයේ හිටියා වගේ වීර නායක හිමිනමක් සිටිනවා කියා රටට ලෝකයාට ඔබ වහන්සේ වැදගත් පණිවිඩයක් දුන්නා. සමහර හමුදුරුවන්ගේ හැසිරීම හොඳ නැති වුණත් ඒ තත්වයට පත්කළේ කවුද කියන එකයි වැදගත් (නි)
බොහොම හොඳයි. හරිම සතුටුයි (නි)
රට ගැන කැක්කුමක් තියන එක අද වරදක් වෙලා. (අ)
පරාක්‍රම, එතකොට අර කැලේ කපන කට්ටිය ගැන ඔබතුමාට ආඩම්බරයිද? ඔබතුමා නියම නමින් දාන එක දාන්න. අන්‍යාගමිකයන්ගේ කෙරුවාව ඉගෙන ගන පස්සෙ හාමුදුරුවරු ගැන කතා කරන්න මහත්තයෝ. අපේ හාමුදුරුවරු බැන්නට අන්‍යාගමිකයන්ට හානි කරන්න උපදෙස් දුන්නේ නෑ කවදාවත්. (අ)
පරාක්‍රම වගේ කළු සුද්දෝ ඉන්නකම් මේ රටට අබ සරනයි ..මහා දැනුමක් තියෙන බව පෙන්නන උත්සහ කලාට හිස් වචන ගොඩක් මහත්තයෝ. හිරුනිකට බදුර්දීන්ට ඇරුණේ නැති කට හාමුදුරුවෝ වෙනුවෙන්නම් ඕනෑවටත් වඩා . (අ)
අපේ හාමුදුරුවනේ ඔබ වැඩ සිටිනා තැනෙන් පියවි ලෝකයට වැඩම කරන්න.මේ එක දෙයක්,තව බොහෝ අකටයුතු වෙනවා. (ම)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුණා ද මේ රටේ තවත් ජාතිය ආගම කියාගෙන යහපත් සමාජයක් කිය කරලා තියෙන්නේ මේ රටේ සිංහල බොදු ජනතාව විනාශ කරන එක විතරයි දැන්වත් ඇස ඇරලා බලන්න ජාතිය ගැන හඩක් නගන මිනිස්සුන්ට ජරා කතා නොකිය හිටපල්ලා. උඹලට ජාතිය ගැන කැක්කුමක් නැත්නම් වෙන දෙයක් බලාගෙන පාඩුවේ හිටපල්ලා. වදින්නම් (බ)
අවිනීත, ලෙස හැසිරෙන ගිහියන් හට කිසිම ආදර්ශයක් ගත නොහැකි, පැවිද්දන්ගෙන් වැඩක් නැත. ජාතිවාදය වපුරන, මුඛයෙන් අශික්කිත වචන පිටකරන, මෙවන් පැවිද්දන්ගෙන් රටට හා සාසනයට ඇති ප්‍රයෝජනය කුමක්ද. එය මටනම් විශාල ප්‍රශ්නයකි. (බ)
නියම පුද්ගලයන්ට නියම අවස්ථාවේ කරපු ප්‍රකාශයක්. රට ජාතිය වෙනුවෙන් කතා කරපු අපේ නායක හාමුදුරුවන්ට අපගේ නමස්කාරය (බ)
ඥානසාර හිමි අත් අඩංගුවට ගත්තේ අධිකරණයට අපහාස කිරිම නිසා බව මෙහි අදහස් දැමු බොහෝ දෙනෙක් වටහාගෙන නැත. (බ)
අර පහුගිය කාලෙ යාපනේ උසාවියට ගහපු කට්ටියට නීතියෙන් මොකද කළේ (බ)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා............(ම)
හැමෝම බලන්නේ හාමුදුරුවන්ගේ විනය එක උන්වහන්සේලා බලා ගනීවි අපේ රටේ යමක් ඉතුරුවෙලා තියේනම් ඒ අපේ හාමුදුරුවරු හා ජාති මාමක අපේ ගිහි ජනතාව නිසා මිසක් ඔය හාමුදුරුවරුන්ගේ සීලේ විනය බලන පරාදීන මිනිස්සු හෝ දේශපලුවෝ නිසා නෙමෙයි (බ)
හාමුදුරුවන්ට සංවරය කියලා දෙන්න ඕනි වගේ (ම)
හාමුදුරුවන් හැමවිටම ගන්නේ නිවැරදි පැත්ත (නි)
ගයාන් මහත්මයෝ, සමහරුන්ට තමන් දරන හෝ එල්බගෙන ඉන්න මතය හෝ ආකල්ප වලින් බැහැරවීමට නොහැකි බව ඔබතුමාටද තේරෙනවා ඇතැයි සිතමි. "දේවි" ට යමක් තේරුම් ගත හැකි බව ඔබතුමාට වැටහෙනවා ඇතැයි සිතමි. තේරුම් ගත්තත් නොතේරුනා වගේ ඉන්න සමහරුන්ට ඇතම් දේ " කොහෙද යන්නේ, මල්ලේ පොල්" මෙනි. (නි)
කොහොම වෙතත් ආණ්ඩුව කහ සිවුර එක්ක පැටලෙන එක එච්චර ඇඟට ගුණ දෙයක් නොවේ (බ)
සමාවන්න ගරුතර නායක ස්වාමින් වහන්ස. ඔබ වහන්සේලා මේ බලපෙරේත දේශපාලනය නිසා නැතිවෙමින් පවතින සිංහල බෞද්ධ අයිතිය රැකීමට මෙරට පාලකයන්ට බල කළා නම් අද සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් හඬ නැගීමට ගරු සංඝරත්නයට සිදුවෙන්නේ නැහැ. මේ දක්වා නැතිවූ ,අසිංහලයන් විසින් විනාශ කළ කිසිම බොදු බිමක් නැවත ලැබුනේ නැහැ. අද ඔබ වහන්සේ ඔය පිරිත් නුල් බැඳී ඇමැතිවරයා පවා හිටපු ජනපතිතුමාගේ පරාජයෙන් පසු එම වසරේ මාර්තු, අප්‍රියෙල් මස තුලදී විද්‍යුත් නාලිකාවක් මගින් මේ රටේ මුස්ලිම් ජනගහනය ලක්ෂ 17 කට වැඩියි. අපේ සහාය නැතිව කිසිම කෙනෙකුට ජයගන්න බැරි බව පසුගිය ජනපතිවරණය ඔප්පු කළා යි වහසි බස් පැවසු අයෙක්. (බ)
තුසිත, ඔබ හරියටම හරි. වෙන කියන්න දෙයක් නැහැ (නි)
අස්ගිරි නාහිමියන්ට හිස නවා අපේ ආචාරය පුදකරමු (නි)
තුසිත, ඉතාම හරි. (නි)
හාමුදුරුවරුන් හෝ බෞද්ධ සංවිධාන ඇරෙන්නට වෙන කවුරුන් හෝ රණවිරුවන් වෙනුවෙන්, ඒකීය රටක් වෙනුවෙන් හඬක් නඟනවද? එහෙම එක්කෙනෙක්, එක සංවිධානයක් කියන්නකෝ ආසාවට! (නි)
පරාක්‍රම කියන්නේ සියලුම හාමුදුරුවරුන්ට වනගතවෙලා බවුන් වඩන්න කියලද? හොඳට තියේවි (නි)
ඒ වුණත් ඉතින් උසාවියක හික්මීමක් නැතුව හැසිරෙන එක හොඳද? (නි)
ඔබවහන්සේ විසින් කරන ලද ප්‍රකාශයට අපගේ නමස්කරය පුද කරනවා කවුරු මොනවා කිවත් රට ජතිය බේරගන්න හොඳින් හරි නරකින් හරි ස්වාමින් වහන්සේලා පෙරමුණ ගත යුතුය. (ම)
නිමල් ලාලිත එයාලට ඔහොම වග ආඩම්බර කතා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේම වරදින්, මොනවා කරන්නද අපි අසරණයි අපේ මහනායක හාමුදුරුවනේ (බ)
දේවි....ඔයාට තේරෙන්නේ නැද්ද හාමුදුරුවන්ට අධිකරණයට අපහස කරන්න සිද්ද වුනේ කාගේ වරදින්ද කියල....(බ)
කාලෙකට පස්සේ මහනාහිමිවරුන්ගෙන් එඩිතර ප්‍රකාශයක් (බ)
ස්වාමීන් වහන්ස, ඍජුව ඇත්ත ප්‍රකාශ කළාට අපගේ ප්‍රණාමය! (නි)
තවටිකක් සංවරව මේ කටයුතු කලානම් මිට වඩා විසාල බලවේයයක් ගොඩනැගිය හැකිය කියන එකයි මගේ අදහස.(අ)
එහෙනම් දැන් ගිහින් මහා නායක හාමුදුරුවෝ කියපු විදිහට වැඩ කරන්න මාධ්‍යය ඉදිරියේ බොරු නොකර (අ)
ඥානසාර හාමුදුරුවෝ ගැන අපි දන්නවනේ (නි)
ඥානසාර හිමි අත් අඩංගුවට ගත්තේ අධිකරණයට අපහාස කිරිම නිසා බව මෙහි අදහස් දැමු බොහෝ දෙනෙක් වටහාගෙන නැත.(ම)