ගලගම ශ්‍රි අත්ථදස්සි හිටපු අස්ගිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු මහනායක පදවිය සදහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමම තිරණය කර ඇතැයි අස්ගිරි විහාර ආරංචි කියයි.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවි දෙක බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඥානරතන , පොලොන්නරුවේ සොලොස්මාථානාධිපති වෙඬරුවේ උපාලි යන නාහිමි වරුන් විසින් දරනු ලබන අතර උන් වහන්සේලා දෙනමම මේ වන විට මහනායක පදවිය සදහා ඉදිරිපත් වන බව සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දි ඇත.
අස්ගිරි මහනායක පදවිය සදහා සුදුසු ජ්‍යෙෂ්ඨ හිමිනමක් පත්කර ගැනීම අප්‍රේල් මස 7 වැනිදා පස්වරුවේ සිදු කිරිමට එම පාර්ශවයේ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.
එදින අනුනායක හිමිවරුන්ගෙන් එක් හිමි නමක් අස්ගිරි පාර්ශවයේ 22 වන මහනාහිමි ලෙස පත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදියයුත්තා පිදීම අපි බලාපොරොත්තුවෙන් සිටිමු (නි)
අජිත්, ඔබේ පැතුම පරිදි සිදුවෙනවා නම්, ඔබේ පැතුම ඉටුවෙනවා නම් සිංහල අපි කෙතරම් වාසනාවන්තද? (නි)
අති ගෞරවනිය මහා නායක හිමි තනතුර, බලතණ්හා තරඟයක් බවට පත්නොවේවා! මේ සිංහල රටේ සිංහල බෞද්ධ අයිතිය අනාගත සිංහලයාටද හිමිකර දියහැකි ගරු ස්වාමින් වහන්සේ නමක් මෙම ගෞරවනීය තනතුරට පත්වේවා! (නි)
සුදුසුකම් ඇති , බල තණ්හාව නැති ස්වාමීන්වහන්සේ නමකට ලැබේවා..(හේ)
අනේ සාධු. (බ)
තමන් තමන්ටවත් වලංගු නැති වයස්වල ඉන්න ස්වාමින් වහන්සේලා , මහනායක කම නොගත යූතුයි . මඩිහේ මහා නායක හාමුදුරුවෝ වගේ , තව කෙනෙක් අපිට අවශ්‍යම වෙලාව .උන්වහන්සේ මහනායක කමට පත් වුනේ ඉතා අඩු වයසකින් .ඒ නිසා රටට , සාසනයට ඉතාම වැදගත් වැඩ කොටසක් වුණා (බ)
උදේට එකක් කියල දවල්ට තව එකක් කියන කෙනෙක් නොවී සාසන චිරස්ථිතිය වෙනුවෙන් උජුපටිපන්න තෙරණුවන් කෙනෙක් පත්වීම ලබත්වා ! (බ)
හමුවීමට පැමිණෙන හැම දේශපාලඥයෙකුටම හොඳමයි නොකියන නායක හාමුදුරුවන් වහන්සේ නමක් පැමිණෙත්වා. උඩුගම බුද්ධරක්ඛිත නායක හාමුදුරුවොත් කෙළින් වැඩකළ නායක හිමිනමක්. (නි)
සමන්, සම්ප්‍රදාය අනුව නායක ස්වාමින්වහන්සේ පත්වෙනවා. (ර)
මාර බැදීමක්.(හේ)
නුවර ඉන්න සහ නුවර පහුකරගෙන යන ජනතාවනේ එකේ අමාරුව දන්නේ. කොටි ආවේ ඒ 26 පාරෙන් නොවේ නගරය දෙසින්. ගහනකන් දන්නේ නැහැ අපේ අය..! ඒ ගැහුවේ එවක තිබු ආරක්ෂක බලධාරීන් ගේ පණ්ඩිත කමත් නොසැලකිල්ලත් නිසා .(කෞ)
රටට මොනවා වුණත් ඇස්ඇර නොබලන සමහර අය දැන් ඉතින් තනතුරුවලට මරාගනිවි. (නි)
මතකනේ එකපාරක් ඔය පාර ඇරලා සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේ වැඩසිටින දළදා මාළිගාව විනාශ කරපු හැටි. එම නිසා ඔය පාර වහලම තියන්න (නි)
වසාගෙන සිටින දළදා මාලිගාව අසළ ඒ -26 මාර්ගයේ පළමු කිලෝමීටරය මහජන භාවිතයට ඉඩදෙන මෙත් සිත් ඇති උතුමෙක් පත්වේවා..! (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රටේ සියලු සඟ පරපුර එකතුකරගත හැකි, උතුරු නැගෙනහිර විහාරස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කළහැකි, ඒකීය බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කර, අන්තවාදීන් අපේ පැරණි විහාර අල්ලාගෙන ඉන්න ඒවා නිදහස් කරගැනීමට කටයුතු කළහැකි, බෞද්ධ ජනතාව දැහැමි ජනතාවක් බවට පත්කිරීමට උත්සුක වන, දේශපාලකයන්ගේ වාහන මිලමුදල් වලට යටනොවන, දළදා සමිදුන් ආරක්ෂා කිරීමට කැපවන රටට ආදරය කරන හිමිනමක් පත්වේවායි මාගේ පැතුම! (නි)
මට නම් ඉතින් කියන්න තියෙන්නේ තණ්හාය ජායතී ශෝකෝ කියලා තමයි (නි)
මම නම් බලාපොරොත්තු වෙන්නේ දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය ඉතා ඉක්මණින් විවෘත වනු දැකීමයි (නි)
අභිනව මහනායක හිමියන් වහන්සේට පැවරෙන වගකීම් බරපතලයි. ඒ අතර නිකායන් අතර සමගිය, සිංහල බෞද්ධයාගේ විශ්වාසනීයත්වය සහ ගෞරවය, රටේ පාලනය අවුල් නොකිරිම සහ ඒ 26 පාර වැනි අවශේෂ කරුණු සම්මුතිවාදීව විසඳීම ඇතුළත් වෙනවා (නි)
ජන ජිවිතයට පීඩාකාරී ඒ 26 පාර ගැනත් අවධානය යොමුකරන්න කියලයි මම නම් කියන්නේ (නි)
සමන්, පළමුව ලංකා බෞද්ධ ඉතිහාසය ඉගෙනගන්න. (නි)