දඹුල්ල පූජා භූමියේ අනවසර අන්‍යාගමික ස්ථාන සම්බන්ධයෙන් අස්ගිරි මහා නා හිමියන්, ඉනාමළුවේ සුමංගල මහා නා හිමියන්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්, ඇතුළු නිලධරයන් සමග ලබන 23 වැනි දා දඹුල්ලේ දී රැස්වීමක් පවත්වා තීරණයක් ගන්නා තුරු කණ්ඩලම හන්දියේ දේවස්ථානයක් වසා තබන බවටත් කිසිවකුටත් එහි ඇතළු වීමට ඉඩ නොදෙන බවටත් මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.එම්.ජි.බී. පෙරමුණේ මහතා සුමංගල මහා නාහිමියනට ලිඛිතව දැනුම් දුන්නේය.කණ්ඩලම හන්දියේ එවැනි ඉදිකිරීමක් ඇතැයි ඉනාමළුවේ සුමංගල දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ එහි ගිය පිරිසට පෙන්වා දුන්හ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හා රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මේ විරෝධයට එක්වූහ. නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රකාශයෙන් පසු පිරිස විසිරැගියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd