IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අස්ගිරි අනු නාහිමි මහා නාහිමි පදවියට

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස ගලගම අත්තදස්සී අනුනායක හිමියෝ (95) අස්ගිරි කාරක සංඝ සභාව විසින් ඒකඡන්දෙන් අද පත්කර ගනු ලැබූහ.

මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක් ඉදිරිපත් නොවීම නිසා අත්තදස්සී හිමියන් ඒකමතිකව පත් කර ගත් බව අස්ගිරි කාරක සංඝ සභාව නිවේදනය කරයි.

නව මහා නායක හිමියෝ පිච්චමල් බඳුනක් දොහොතින් රැගෙන මහ පිළිම වහන්සේට පූජා කර තෙරුවන් පිදූහ. එය නව මහ නා හිමියන්ගේ මුල්ම චාරිත්‍රය විය.

ඒ හිමියන්ගේ පුරප්පාඩුවෙන් හිස් වූ අනුනායක ධුරය පසුව පිරවීමට නියමිතය.

කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා  හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මහා නාහිමියන්ගේ මවුපියෝ ය.

  කුලතුංග මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා යන නමින් 1922 වසරේ ජනවාරි 11 වැනි දින මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරි පල්ලේසිය පත්තුවේදී එතුමෝ උපත ලදහ.

මාතලේ යටවත්ත වීරපරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමෝ 1936 වසරේදී   උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවැදි දිවියට ඇතුළු වූහ.

1937 දී මාතලේ ශ්‍රී ධර්මාරාජ පිරිවෙණෙන් අධ්‍යාපනය ලදහ.  1942 දී අස්ගිරි මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ.

1947 දී පාලි, දෙමළ හා සංස්කෘත විෂයයන් වලින් විශිෂ්ට සාමාර්ථ ලද උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන වසරේ පණ්ඩිත උපාධියද හිමිකරගත්හ.

විද්‍යොදය පිරිවෙනේ   ත්‍රිපිටක ධර්ම පරීක්ෂණාගාරයේදී සද්ධර්මාචාර්ය උපාධියද 1950 වසරේදී අභිනවාචාර්ය උපාධියද, ත්‍රිපිටකාචාර්ය උපාධිය ද හිමි කර ගත් එතුමෝ 1982 වසරේදී වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැටියගනේ රාජමහා විහාරාධිපති ධූරයට පත්වූහ.

 උන්වහන්සේ ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරයේ විහාරාධිපති තනතුරටද පත්වූහ.   1999 වසරේ දෙසැම්බර් 13 දින ඵෙතිහාසික අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරයට පත්වූහ.

විද්‍යාලංකාර පිරිවෙණ මගින් ස්ථවිර වංශාලංකාර ශාසන සෝභන ගෞරව උපාධියද උන්වහන්සේට පිරිනැමීය.

Galagama-Sri-Aththadassi--chapter-Asgiri-anunayaka--(1)



අදහස් (0)

අස්ගිරි අනු නාහිමි මහා නාහිමි පදවියට

නිමල් ලලිත් Saturday, 09 May 2015 02:07 AM

ගරුතර මහා නායක ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා.(හේ)

:       0       0

ධම්මරතන හිමි Saturday, 09 May 2015 10:20 AM

චිරන් ජයතුෙ දිගාසිරි වේවා.(හේ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Friday, 08 May 2015 04:59 PM

ඔබ වහන්සේට දිගායු පතමි .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 66 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site