හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සේවයෙන් පහ කළැයි කියන ලෙබනන් ජාතිකයා එහි සේවිකාවනට මන්නා පහර දී ඇතැයිද තුවාල ලැබූ කාන්තාවන් ගණන තිදෙනෙකියිද එක් තැනැත්තියකගේ තත්ත්වය බරපතල යැයිද පොලිසිය පවසයි.
මෙම ලෙබනන් ජාතිකයා කඩුවෙලින් විවාහයක් කරගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන සොයා බලන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරවුල බේරීමට ගිය අවස්ථාවේ ඔහුගේ වෙඩි පහරින් ලෙබනන් ජාතිකයාගේ උරහිස තුවාල වී ඇතැයිද රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල කියන පුද්ගලයාගේ අදහස් වලින් මොළයේ තරම තේරෙනවා හැමෝටම (නි)
එයාට මන්නයක් දුන්නේ කවුද? (නි)
මේ පිවිතුරු යහපාල කියන පුද්ගලයාගේ කමෙන්ට්ස් ලංකාදීපය නොදා ඉන්නවනම් ගොඩක් තුති (ස)
දැන් ඉතින් හැමදෙයම දේශපාලනයට බරයිනේ! (නි)
මේ පිවිතුරු යහපාල නමින් ලියන කෙනා හැමදෙයකටම දේශපාලනය ගාවාගන්නේ ඇයි? (නි)
මුන් ඉතින් කොහෙත් එකයි ඉවසීමක් නැහැ, ගෑනුන්ට සත්තු වගේනේ සලකන්නේ ,ඒවා දැන දැනම මුන් එක්ක අපේ ගෑනු සෙට් වෙන එකයි දුක (නදී)
අපේ ගෑනු ඕහොම තමයි (නදී)
ඉතින් ඒ කාන්තාව මොනවා කරන්නද? (නි)
අපේ කැපේ එකේ ගොයියා ෂුවර් එකට ඕකත් දාවි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගොඩට..මහින්ද මහත්තයගේ සුද්දෙක් යහපාලන ලලනාවන් දෙන්නෙකුට මන්න පිහියකින් කෙටුවා කියල.(නදී)