මරදාන අසෝක විද්‍යාලයයට විදුහල්පතිවරයකු පත් කිරීමේ දී නීත්‍යනුකූලව, නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම් සහිත විදුහල්පතිවරයකු පත් කර ඇත්දැයි යන්න සොයා බලා වාර්තාවක් එවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එම විද්‍යාලයයට දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරයකු පත් කර ඇතැයි කියමින් මැයි 21 වැනි දා ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලක් අනුව එම වාර්තාව කැද වූ බව ආණ්ඩුකාර ලේකම් කාර්යාල ආරංචි කියයි.
ඡන්ද සමයේ මෙම විද්‍යාලයයේ බස් රථය ආණ්ඩුවේ දේශපාලකයකුගේ වැඩ සදහා ලබා දුන් බව කියමින් විදුහල්පතිට එරෙහිව ගුරුවරු රැසක් විරෝධතා පැවැත්වූහ. ඒ උද්ඝෝෂණයෙන් පසු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් පාසලට පැමිණ විදුහල්පති තාවකාලිකව ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු පත් කරනු ලැබීය.
මීට සති දෙකකට පමණ පෙර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ පැවැත්වූ රැස්වීමකින් පසු නැවත හිටපු විදුහල්පතිම එම විද්‍යාලයට පත් කළේය.
විදුහල්පතිට අකමැති ගුරුවරුන් සිටින්නේ නම් ස්ථාන මාරු ඉල්ලන ලෙස අධ්‍යාපන බලධරයකු එදින කළ ඉල්ලීමක් අනුව ගුරුවරු රැසක් ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ගෙවුණු මාස තුන ඇතුළත එම විද්‍යාලයයේ ගුරුවරු 27ක් ස්ථාන මාරු කරනු ලැබූහ.
ඉතිරි ගුරුවරුන් ද ළගදීම ස්ථාන මාරු කිරීමට නියමිත බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
විද්‍යාලයයේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට දේශපාලනඥයකු හමුවීමට එන්නැයි පාසලේ ශිෂ්‍ය නායකයන්ට දැනුම් දී තිබූ අතර දේශපාලනඥයන් සමග සාකච්ඡා කිරීමට අකමැති වූ ශිෂ්‍ය නායකයෝ කිහිප දෙනෙක් තනතුරින් ඉවත් වූහ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විද්‍යාලයයට දේශපාලනය මැදිහත්වීම නිසා ගුරුවරුන්, සිසුන් මෙන්ම දෙමාපියන්ටද ගැටළුවක් මතු වී ඇති බවයි.
විදුහල්පතිට විපක්ෂව උද්ඝෝෂණය කර පිරිස් මර්දනය කිරීමට දේශපාලනඥයකුගේ පිරිසක් යොදා ඇති බවත්, මේ වන විට අශෝකයේ ගුරුවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලැබී ඇති බවත්, විද්‍යාලයයේ මේ තත්ත්වයට ඉක්මන් විසදුමන් නොලැබුණහොත් කොළඹ කලාපයේ සියලු ගුරුවරුන් වැඩවර්ජනයක් කරන බවත් ස්ටාලින් මහතා කීවේය.
එක් පුද්ගලයකු තියා ගැනීමට විශාල පිරිසක් ස්ථාන මාරු කිරීම හෙළා දකින බව ද හෙතෙම පැවසීය.
පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා පැවසුවේ විදුහල්පතිගේ වරදක් ඔප්පු වී නැති හෙයින් ඔහු නැවත එම තනතුරට පත් කළ බවයි.
කොඩිකාර මහතා මෙසේ ද පැවසීය.
‘විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන් කොටසක් ස්ථාන මාරු කළා. තවත් කොටසක් ස්ථාන මාරු ඉල්ලා තිබුණා. ආයතනයක ප්‍රධානියත් එක්ක ඉන්න බැරිනම් ගැටුම් ඇති කරන්නවාට වඩා එතැනින් යන එක හොදයි.
පාසලෙන් පිටත යම් සිද්ධයක් වෙනවා නම් ඊට මැදිහත් වෙන්න මට හැකියාවක් නෑ. පොලිසිය ඊට මැදිහත් විය යුතුයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දිසාපාමොක් කියල ඒ උතුම් චරිතයට නිගරු කරන්න එපා (දී)
'දිසා පාමොක්' යන වචනයේ අරුත් පහදා දෙනු මැනවි. (ස)
මහ ඇමති ලොකු ලොක්කෝ එක්ක ඇවිත් මෙයාව නැවත පත් කළා කියලා තියනවානේ. ඉතින් වෙන සුදුසු කමක් මොකටද? ඒ ඇරත් බස් එක ඡන්දෙට දීපු එකත් තව සුදුසුකමක්නේ. මේ විදුහල්පතිතුමාගේ වැරැද්දක් ඔප්පු වෙලා නැහැලුනේ. මීට ඉහතදීත් මිනිසුන් අනිවාරතේ අහිංසක මිනිසුන්ට චෝදනා කළා. අර තමන්ම ගස් බැඳගෙන ඇමති කෙනෙකුට චෝදනා කළා. මේජර් කෙනෙක් තමන්ටම ගහගෙන එතුමාගේ පුතාට චෝදනා කළා. මේ දිනවල අර අධිවේගී පොලිස් නිලධාරියා තමන්ම වෙඩි තියාගෙන කාර් එකට ගිනි තියලා උප ඇමතිට චෝදනා කරනවා. මේවා ආශ්චර්යයට යන එක ඉවසන්න බැරුව දේශද්‍රෝහීන් කරන චෝදනා. ඔහොම යං. ඔහොම යං (නදී)
අද අධ්‍යාපන කාර්යාල ඔක්කොම දේශපාලනකරණය වෙලා කිසිම සුදුසුකමක් නැතී පුත්ගලයෝ දක්ෂයන්ට තැන නොදී ගැත්තන්ට තනතුරු දෙන එක තමයි කරන්නේ (දී)
අධ්‍යාපනය විනාශ කරන්න එපා (දී)
කොඩිකාර මහතා මෙසේ ද පැවසීය. ‘විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන් කොටසක් ස්ථාන මාරු කළා. තවත් කොටසක් ස්ථාන මාරු ඉල්ලා තිබුණා. ආයතනයක ප්‍රධානියත් එක්ක ඉන්න බැරිනම් ගැටුම් ඇති කරන්නවාට වඩා එතැනින් යන එක හොදයි. මෙන්න අපි පත්කරල අරින දේශපාලඥයින්ගේ කථා. සුදුසුකම් නැති එක්කෙනෙක් තියාගන්න ද උගන්නන ගුරුවරුන්ට මාරු වෙන්න කියන්නේ. ඉස්කෝලයක් කියන්නේ සැමන් ෆැක්ටරියක් කියලා හිතන් ඇති. ගුරුවරු කියන්නේ දෙවිවරු. පළාත් සභාවට අයිති හොදම පාසල අසෝකය. එහෙම පාසැලකින් දෙමව්පියන් අවුරුද්දක් මැදදි මාරුවීම් ඉල්ලන්නෙ ඇයි කියලා තේරෙන්නේ නැද්ද? එහෙම උනාම දරුවො ඉගෙන ගන්නෙ කොහොමද? ගෝනියකින් ඇපල් හලනවා වගේ ගුරුවරු ඉස්කොලෙකට හලන්න පුළුවන්ද? සුදුසුකම් නැති විදුල්පතිල ඉස්කෝලෙකට සුදුසු නම් චක්‍ර ලේඛන මොකටද? (නදී)
සමහර දේශපාලුවෝ කරන්නේ ඒ අය වාගේම මැට්ටන් පරම්පරාවක් අනාගත ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කිරීමයි. නිලධාරීන්ගේ බල බිඳ දේශ පාලකයන්ට පැනලා දීම නිසා ශ්‍රී ලංකාව මෝඩලන්තයක් බවට පත් වී හමාරයි. (නදී)
සුදුසුකම් නැති විදුල්පතිල ඉස්කෝලෙකට සුදුසු නම් චක්‍ර ලේඛ ව්‍යවස්ථා රෙගුලාසි මොකටද? මේ ගොල්ලො හිතන්නේ දේශපාලනයට සුදුසුකම් ඕන නැහැ වගේ ඉස්කොලවලටත් එහෙම කියලද? හොඳ ගුරුවරුන් හැම තැනින්ම අහුල ගන්න පුළුවන්ද? (ස)
අපි අපේ කටවල් ගලක උලාගන්න එක ඇරෙන්න කරන්න වෙන යමක් නෑ. මේ දේශපාලකයෝ පත් කරපු අපි තමයි ලොකුම වැරදි කරුවෝ. දේශපාලකයන්ට ඕන කෙනාව තමයි එයාල හැම තැනකම පත් කරන්නේ. එහෙම නොකලොත් එයාලට ආධාර උපකාර නැති වෙනවනේ . ඔවුන්ට කිසිම අවස්තාවක් නොදෙන්න වග බලාගැනීම තමයි මේවට හොඳම පිළිතුර..උෟවෙන් පටන් ගමුද..? චන්දය දෙන්න හරි පුද්ගලයෙක් නැත්නම් සදහටම හරි චන්දය නොදෙන්න,, අපි අපේ රට බේරාගමු. සියලුදෙනා දැනුවත් කරමු. (ස)
බලධාරින් ඇයි ඔබතුමා ලා මේවා දැක දැකත් ඇහැකන පියාගෙන ඉන්නේ. (අ)
මම නම් කියන්නේ ඉස්සර වගේ එක තැනක සිට අධ්‍යාපන කටයුතු මෙහෙයවිය යුතුයි. ස්වාධීන අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කිරීමෙන් ඔය දේශපාලන වැඩවලට අධ්‍යාපන නිලධාරීන් සහභාගි කරගැනීම නැවැත්විය හැකියි. (නි)
මේක මහා විහිළුවක් නේ (දී)