මරදාන අශෝක විද්‍යාලයයේ දෙමාපියන් පිරිසකට අද (05) උදේ එම විද්‍යාලයය අසල සිටි පිරිසක් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මරදාන පොලිසිය කියයි.
තුවාල ලැබුවෙක් රෝහල් ගත කරනු ලැබීය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ පහර දුන් පිරිස ඇතැම් විට දේශපාලනඥයකුගේ හිතවතුන් විය හැකි බවයි.
මාස ගණනක් තිස්සේ අශෝක විද්‍යාලයයේ ගැටළුව ඇදී ගියත් මෙතෙක් ස්ථිර විසඳුමක් දී නැතැයි දෙමාපියෝ කියති.
විද්‍යාලයය අසල පැවැති විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට ද අඟහරුවාදා (03) ප්‍රහාරයක් එල්ල විය.
.jpg)
පෙර පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුලින්ම බිමල්ගේ කථාව අනුමත කරනවා. මොකද මමත් ඔබ සමග එකට රාජකාරි කරන්න ඇති. අපි රටට සාමය ලබාදිමට වැඩ කළා. අපේ වගකිම අනාගත පරපුර සුරකිම වෙනුවෙනි. එදා රටට අවශ්‍යව තිබුනේ සාමයයි. (නදී)
කලකට උඩදී ලංකාවේ තිබුණු හොඳම ප්‍රාථමික පාසල අශෝක විදුහල. අද එය වල් බිහිවී ඇත. එනමුත් එතන ඉන්න පරිපාලනයට මුදල් දී එයට ළමුන් ඇතුලත් කරන අන්ද දෙමාපියන් ඕනෑ තරම් ඉන්නවා. (නදී)
කීර්තිමත් අතීතයක් පැවති, බස්නාහිර පලාත් සභාවේ ‘රාජකිය විදුහල‘ ලෙස විරුදාවලී ලත් අපූරු පාසැල, විදුහල්පති ගුණදාස මහතාගෙන් පසු අභාවයට යන ආකාරය ඉතාමත් කණගාටු දායකයි. පාසල මගුල සක්වලක් උනේ, ගුරුවරු බෙදුනේ, අලුත් විදුහල්පතිට සහය නොදුන්නේ කාගේ බලපැමෙන්ද කියල දන්නෝ දනිති. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය (නදී)
දැන් නම් පාසල් යන්නත් බය හිතෙනවා (නි)
ජනතාව හැටියට අපි සාමුහිකව එක් විය යුතු කාලය එලඹ ඇත.(නදී)
ඉම්රාන්,මට නම් මේ මඩගොහොරු දේශපාලනයට වඩා අනෙක් ඕනෑම රැකියාවක් වටිනවා (නි)
රජින්ද්‍ර, ඔබ කිව්වත් නැතත් මේ රටේ දේශපාලනය එක්ක අධ්‍යාපනය මුසු වෙලාම නැහැ. ඒක බැලු බැල්මටම පේනවා.(නදී)
විදුහල්පති ගුණදාස මහතාගෙන් පසු නොව කීර්තිමත් විදුහල්පති ධර්මරත්න මහතාගෙන් පසුව මේ විදුහලට ආපු හැම විදුහල්පති කෙනෙක්ම මේකෙන් හම්බ කරන්න විතරයි බැලුවේ. ශ්‍රේෂ්ට ධර්මරත්න ගුරු පියාණනි, මේ විනාශය දෙස බලනන ඔබ අද මේ ලෝකේ නැති එකත් එක අතකට හොඳයි. ධර්මරත්න ගුරුපියාණනි ඔබ නිසා අසෝකය බැබලුනා. දැන් එ්ක කට්ටිය කනවා ඔබට නිවන් සුව (නදී)
මේ සිංහල අපගේ රටයි (නදී)
දේශපාලකයන් කියන්නේ ලෝකයේ අමුතුම ජාතියක්. ඔවුන්ට ඕනෑ බලය විතරයි. මිනිසුන් එකිනෙකා ඇන කොටා නොගත්තොත් ඔවුන්ට දේශපාලනයේ යෙදෙන්නත් බැහැනේ. නමුත් අපට ඒවා තේරෙන්නේත් නැහැ. තේරුම් ගන්නත් උත්සාහයක් නැහැ. (නි)
ආනන්ද මහත්මයා, එදා පමණක් නෙවෙයි අදටත් අවශ්‍ය සාමයයි. එදා කොටින්ට එරෙහිව ත්‍රිවිද හමුදාවම හිටියා. අද දේශපාලන අනුග්‍රහය යටතේ මෙහෙයවන සංවිදානාත්මක මැර කල්ලිවලට එරෙහිව ඉන්නේ කව්ද? අපි එදාටත් වැඩිය අද අසරණයි.(නදී)
කුපිත වූ ජනතාව අතින් තමයි මේ වගේ දේවල් සිදුවන්නේ (නි)
මැර ප්‍රහාර නැති එකම තැනක්වත් අද ලංකාවේ තිබෙනවද? බස් නැවතුම් පළවල සිය ගණන් මිනිසුන් බලා සිටියදී ඔලුවට වෙඩිතියලා මරලා යනවා. රාජකාරියේ ඉන්න පොලිසියේ අය මරනවා. (නි)
මගේ මුළු ළමා ,තරුණ කාලෙම කොටින්ගේ ත්‍රස්ත ක්‍රියා වලට මැදිවූ යුද්ධ කාලයටම ගෙවුණා. දැන් ඉතින් ඉතිරි ජීවිත කාලයේ මව්බිමේ පවතින මැර තර්ජන මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ මංකොල්ල , පැහැරගැනීම් , පහරදීම් ගැන අහ අහ ඉන්න තමා තියෙන්නේ. (දිල්)
අධ්‍යාපනය හා දේශපාලනය එකට මුසු නොවිය යුතු අංශ දෙකක්. දේශපාලන මැදිහත්වීම් පාසලකට අනවශ්‍යයි.(දිල්)
දැන් රටේ තත්ත්වය එන්න එන්නම දරුණුයි (නි)
දැන් මේකට වගකියන්න ඕනෑ කවුද? (නි)
මේ ඉස්කෝලේ ළමයෙකුගේ බෝලයක් ගෙදරකට වැටිලා බෝල ගහන කට්ටියකගෙන් කලකට ඉහතදී ගැටළුවක් වුනා නේද ? (නදී)
අන්තෝ ජටා - බහිජටා , අනේ අපේ රටේ සම්පත් ?. (නදී)
දැන් මිනිස්සුන්ට උදේ නැගිටින්න වෙන්නෙත්, රාත්‍රියේ නින්දට යන්න වෙන්නෙත් මැර ප්‍රහාර ගැන අසාගෙන තමයි (නි)
මට මතක් වෙන්නේ අසෝක විද්‍යාලයේ ආරම්බයේ හිටපු අපේ ලොකු සර් ව. මමත් මුලික අධ්‍යාපනය අසෝක විද්‍යාලයෙන්. ඒ සර්ට පස්සේ අසෝකය දවසෙන් දවස අාගාදයට ගියා. (නදී)