(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් රුපියල් දෙලක්‍ෂයකට අධික මුදලක් වංක අන්දමින් සිය ප‍්‍රයෝජයට ගැනීමේ සිද්ධියකට අදාළව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
2010 සහ 2011 වසරක කාලය තුළ අශෝක් අබේසිංහ මහතා රජයේ මුදල් වංක අන්දමින් සිය ප‍්‍රයෝජයට ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට, කුරුණෑගල විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැහැර පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාට එලෙස නියම කර ඇත.
නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ලිවේරා මහතාගේ උපදෙස් මත පොලිසියට අදාළ උපදෙස් ලබාදුන් බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිරාෂා ජයරත්න මෙනවිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd