IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා.දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ  ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා.ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි.

දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ.ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

අපේ පිහිටීම ඉතා වැදගත්.අපේ රටේ පරිසර තත්වය ඉතා ඉහළයි.නමුත් සිදුවී ඇත්තේ කුමක්ද?අලි මිනිස් ගැටුමෙන් ජනතාව මැරෙනවා.අලි මැරෙනවා.ඒ නිසා අප යළි පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතුව තිබෙනවා.

අපේ පුරවැසියන්ට වටිනාකම් මෙන්ම නව හර පද්ධතියක් අවශ්‍යයි.පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් අවශ්‍යයි.

මේ සමාජය යළි සුවපත් කළ යුතුයි.නීතිය ගැන නොව පළමුවෙන්ම පුරවැසියන් ගැන අප විශ්වාසය තබනවා.පුරවැසියන් එය නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා. 

අපේ රටේ පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයට තිබෙනවා. අප එය ඉටු කරනවා. පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතිය පෙළ ගැස්විය යුතුව තිබෙනවා.ජාතික වත්කම් රැකීමට සියලු දෙනාට හැඟීමක් තිබිය යුතුයි.හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වගකිව යුතුයි.කිසිවෙක් තමන්ගේ වගකීමේ බර නොසලකා හරින්නේ නම් මේ සමාජ දේහය කඩා වැටෙනවා.

වගකීමට වග වෙන්න උත්සාහ කරන්නැයි අප රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා.මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ස්වෙච්ඡාවෙන්  වැඩ කරනවා.මගේ උපදේශකයන් තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා.

අපට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා.එය අවසන් අවස්ථාව යැයි මා කියන්නේ නැහැ.මේ අවස්ථාව අත්හරිනවාද නැතිනම් දැඩිව ග්‍රහණය කොට ගෙන අපේ රට ජාතිය නගා සිටුවීම සඳහා තම කාර්යභාරය ඉටු කරන්න සූදානම් දැයි මා අසනවා.

මේ එක් දේශපාලන උත්සාහයක් නොවේ. සාමූහික උත්සාහයක්. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ.අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිසුන් ලෙස මේ රට ගොඩනඟමු.

මේ වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි. ක්ලීන් ශ්‍රී ලංකා යනු අවසන් වන ව්‍යාපෘතියක් නොවේ නැවත නැවත අලුත් වන වැඩසටහනක්.සමාජය දිනෙන් දින නගා සිටුවන වැඩසටහනක් යැයිද ජනාධිපතිවරයා කීය.

 

 



අදහස් (2)

අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු

Jamal Wednesday, 01 January 2025 11:35 AM

හරියට හරි. වැඩකරමු. පච කීම නවත්තමු...

:       1       17

Lucky M USA Thursday, 02 January 2025 01:33 AM

දියුණුව කියන්නේ සහ දියුණු තියෙන්නේ මිනිස්සු මත මිස අර 226 අතර නොවේ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site