(ප්‍රසාද් රුක්මල්, ශාන්ත චන්ද්‍රසිරි සහ මහින්ද නිස්සංක) 

වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය  ධාවනය අද ((24)  පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි 

ඒ අනුව දින දෙකකට පමණ පසුව අද (24) පෙරවරු 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය ද, පෙරවරු  11.00ට  බදුල්ල සිට මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ද ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .

 තවද අයහපත්   කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල  කොළඹ  කොටුව අතර  නවතා දමා  තිබෙන රාත්‍රි  තැපැල් දුම්රිය ද අද (24) දින  ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය බළධාරීන් පැවසූහ .