මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදී මිය ගිය පිරිස් සිහිකරමින් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ත්‍රිකුණාමලයේ චෙල්වනායගම් පිළිරුව අසලදී පහන් පත්තුකර මිනිත්තුවක නිහඬතාවයක් පැවැත්වූහ.
මිනිත්තු 10කට ඔවුන්ගේ එම කටයුතු සීමා විය.

![DSC_5374[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_53741.jpg)
![DSC_5377[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_53771.jpg)
![DSC_5378[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_53781.jpg)
![DSC_5379[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_53791.jpg)
![DSC_5380[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_53801.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේවට මොනවා කියලා කියන්නද? (නි)
කුමාරගෙ අදහසට මගේ ආචාරය! (නි)
තමන්ගේ පවුලේ කෙනෙක් මියගියහොත් සිහිකිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතිමුත් නොමඟ යාම නිසා ත්‍රස්තවාදයෙන් නැතිවුණ කෙනෙක් සිහිකිරීමට කිසිම අයිතියක් නැහැ (නි)
මෙය ආරම්භයක් පමණයි. මෙතැනින් කොතැනටද? (නි)
වෙනසක්නෙ ඕනෑ කිව්වෙ. මේක තමයි නියම වෙනස (නි)
මිනිසුන් හැමදෙනාම මරපු( සිංහල හින්දු මුස්ලිම් ) මේ පව්කාරයෝ සිහිකරන මේ වගේ අන්ධයින්ට තවමත් බිහිසුණු යුද්ධයේ දුක තේරිලා නැහැ.ඔබේ දරුවන් මරපු මේ කොටියන්ට තවමත් වඳින්න තරම් මොවුන්ට හරි වැරැද්ද මොකක්ද කියලා තවම තේරෙන්නේ නැහැ.දුකේ අරුමය තවම තේරිලා නැහැ (නි)
සිංහල අපි සාමයෙන් කතාකරද්දී දමිල දේශපාලකයෝ බෙදුම්වාදයෙන් පිළිතුරු දෙන්න හදනවා.(බ)
රටකට ඕනෑ අපමණ අගයක් නම් මෙහෙම වෙන්න දෙන්න පුලුවන්ද? (නි)
අපි ඕවාට කතා කලොත් කියන්නේ ජාතිවාදය වපුරනවා කියලා. (නදී)
යහපාලනය කියන්නේ මේකට තමයි..(නදී)
කුම්බලා මාලු කෑවනම් වින්දවපන් බලලෝ කිවලු. (බ)
අපරාදේ අපේ නායකයොත් ගියේ නැත්තේ (බ)
කෝ මේ ජාතික සමගිය ගැන කතා කරන කට්ටිය ...(බ)
දැන් ඉතින් කට වහගන ඉන්න වෙන්නේ . ඡන්දය දුන්න එකට කෘතුගුණ සලකන්න ඕනනේ . තව ඉස්සරහට හොද ඒවා බලන්න පුළුවන් (බ)
කොටියාගේ හොඳ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි සොබා දහම කට්ටියකට නරක කාලේ එද්දී කට්ටියකට හොඳ කාලේ එනවා (බ)
කෝ අපේ අර අහවල් නෝනා? එය හිටියේ නැද්ද? (නි)
කෝ අපේ අහවල් සේනාව? (නි)
ඔය කසකාරයෝ විතරයි. පෙරහැර තව ඉස්සරහට. (නි)
රටකට ඕනෑ අපමණ අගයක්-හෙටකට ඕනෑ යුද නැති දවසක් (නි)
මේවා නැවැත්විය යුතුයි නේද? (නි)
අපි ලෝකයට සුදනෝ වෙන්න අපේ හැම දෙයක්ම පාවාදෙනවා. අපිට පාසලේදී ඉගැන්නුවේ අපි ඉපදුන රට හරියටම අපේ අම්මා වගේ කියලා. ඒත් දැන් ඉන්න සමහර අය තමන්ගේ වාසියට රට පාවාදෙනවා. අපිට හොඳ පිට කොන්දක් නැහැ මේක සිංහලයන්ගේ රට කියන්න.ඉන්දියාවේ භාෂා කීයක් තියනවද? එයාලගේ ජාතික ගීය ගයන්නේ එක භාෂාවකින්. ඒත් අපේ රටේ එහෙම නැහැ (නි)
අළුත් විදිහට හිතන්න ඉටිපන්දමක් දල්වන්න එන්න කියන්නෙත් මෙයාලගේම කොටසක්ද ?(හේ)
මෙය යුද්ධය නැතුවූ දවස සිටම සෑම අවුරුද්දකම ක්‍රියාවට නැංවූ දෙයකි.(හේ)
අවසන් සටනේදී මියගිය කොටි මෙහේ පමණක් නොව පිටරටදීද සිහිකිරීමට සැළසුම් කර තිබේ (නි)
ඔය දේවල් වැඩක් නැහැ.දෙමළ මිනිසුන්ට දැන් සටන් කරන එක බොරු වැඩක් කියලා දන්නවා.ඔය ඉතුරුවෙලා ඉන්න කොටි ටිකත් ඊළඟ ඡන්දෙදි පරදිනවා.විනාඩි දහයෙන් අවසන් වුණා කියන්නේ ජන සහභාගිත්වයක් නැහැ කියන එකයි (නි)
ඇමතිතුමෙක් කියනවා අපේ විරුවන් සැමරුවාම දෙමළ අයගෙ හිත් නරක්වෙයිලු. ඒ අය සමරනකොට අපේ හිත් වලට කිසි අමාරුවක් නැහැ. යහපාලන සතුටින් අපේ හිත් තාම සැනසෙනවා. අනේ මගේ කට! (නි)
දේශපාලන බල පෙරේතකම නිසා අපි සිංහල අයිතිය පවා පාවාදෙමු. (නි)