යුද්ධයේ අවසන් දින කීපයේදී යුද හමුදාවට බාර වුණු කොටි සාමාජිකයින්ගේ නාම ලේඛනය ජනවාරි 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිසාවිනිසුරු එම්.එස්.එම්.සම්සුදීන් මහතා යුද හමුදාවට නියෝග කළේය.

දිසාවිනිසුරුවරයා එම නියෝගය කළේ යුදහමුදාව වෙත සාක්කි සහිතව බාරදුන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ පවරා ඇති හබයාස්කෝපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවේදී බව  පැමිණිලිකරුවන් වෙණුවෙන් පෙනී සිටින නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා පැවසීය.

මෙම නඩුව හමුවේ සාක්කිදීමට පැමිණි යුදහමුදාවේ මේජර් ජනරාල් එස්.ගුණවර්ධන මහතා මීට පෙර මුලතිව් අධිකරණයට පවසා තිබුණේ යුද හමුදාව වෙත බාරවුණු පිරිසගේ නාමලේඛනයක් යුදහමුදාව සතු බවයි.