අලුතින්ම මිලදී ගත් යතුරුපැදිය පදවාගෙන එමින් සිටි ව්‍යාපාරිකයකු (42) සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරයකු පැදවූ කැබ් රථයකට කැස්බෑව අලුත් පාරේදී යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.
යතුරු පැදි ධාවන තරගකරුවකු ලෙසද නමක් දිනා ඇති මෙම ව්‍යාපාරිකයා ලක්ෂ 10 ක් වටිනා තමා පැදවූ යතුරුපැදිය එදිනම මිලට ගෙන ඇතැයි පොලිසිය පවසයි. කැබ් රිය පැදවූ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
නුගේගොඩ සිට කොස්ගම දක්වා ගමන් ගත් රෙදි කන්ටේනරයක් අද (28) බණ්ඩාරගම කිඳෙල්පිටියේදී පෙරළීමෙන් නිවසක තාප්පයක් කඩාගෙන ගොස් ඇතැයිද රියදුරු හා සහායක බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් පානදුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ පාරෙත් රේස් යන්න ඇති.(හේ)
සංචාරක මගපෙන්වන්නන් නීති කඩාගෙන වේගයෙන් යනවා. මේ ගොල්ලෝ ගැන පොලිසිය වැඩි අවධානයක් යොමු කළ යුතුයි (අ)
හරිම කණගාටුදායක සිද්දියක් (අ)..
පාසල් මට්ටමින් දියුණු සමාජයක් හැදීම තුලින් අනාගතයේදීවත් මෙවන් රිය අනතුරු වලක්වා ගත හැකි වේවා.!!!!! (ම)
මිල අධික මරණයක් .(හේ)