(ඉන්දිකා රාමනායක)
යාපනයට අව්වුවේලි පුත්තුඋෘර් ප්‍රදේහයේ දී ඊයේ (9) දහවල් විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව අව්වුවේලි පොලිසිය කියයි.
මොවුන් දිය නෑම සදහා මිදුලේ මෝටර්යක් සවිකර සකස් කර තිබු ස්ථානයක මෙලෙස විදුලි සැර වැදී මියගොස් සිටි බවත්, මෝටරයෙන් විදුලි කාන්දුවී වැදුලි සැර වැදී ඇති බවට පොලිසිය සැකකරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාසිලාමනී ගුණප්‍රගාසම් (59) සහ ගුණප්‍රගාසම් සුගුණා (52) යන අඹු සැමි යුවළ බවද පොලිසිය කියයි.
මොවුන්ගේ එකම දියණිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවත්, ඇය ඊයේ පෙරවරු 8.30 අධ්‍යනය කටයුතු සදහා නිවසින් ගොස් නැවත පස්වරු 3.30 පමණ නිවසට පැමිණ ඇති බවත්, නිවසේ මව්පියන් දක්නට නොවී නිසා මිදුලේ සොයා බැලීමේ දී දියනෑම සදහා සකස් කර තිබු ස්ථානයේ දෙදෙනාට වැටී සිටිනු දැක ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වළක්වාගත හැකිව තිබූ මරණ 02ක්.. නිසි ආරක්ෂිත උපදෙස් පිළිපදින්නේ නැතිව ඔහේ නිකන් අටවලා මෝටර් එක පණගන්වන්න කරන ලාබ වැඩ නිසා මෙවැනි අකල් මරණ සිදුවෙනවා. හුඟක් දෙනෙක් ආරක්ෂාව සහ නිසි පිළිවෙළට වැඩකරන්න පටන් ගන්නේ මහ ලොකු විනාශයන්, ජීවිත හානි සහ දේපළවලට හානි සිදුවුණාට පසුව තමයි.