IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘අවලාදෙන් මහින්ද මඩින්න බෑ‘

මෛත්‍රී පාලනය  මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවලාද නගන බවත් අවලාද ප්‍රමාණයේ තරමට ඔහු  නැගී සිටිනු ඇති බවත්  ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

ජාතියේ ජයග්‍රහණය වැඩි කල් යන්නට පෙර  පෙන්වන බවද  මහජනයා අතර  මහින්ද රාජපක්ෂට ඇති  හිතවත් කම හා ආදරය නැති කිරීම සඳහා ඔහු   හිරේ දැමීමට හෝ  ප්‍රජා අයිතිය නැති කිරීමට ඉඩ ඇතැයිද  එහෙත් චම්පික රණවක,අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු යහ පාලන ගොයියන් ගහන ගහන තරමට  ඔහුගේ ශක්තිය හා බලය  තව තවත් වැඩි වනු ඇතැයිද  වීරවංශ මහතා කීවේය.ඔහුට යෝධ ශක්තිය යෝධ වීරිය ලැබේවා. මේ රටට සේවය කිරීමට  ඔහුට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වේවා.

‘මහින්ද රාජපක්ෂට රත්තරං අශ්වයින් සිටි බව කීවා. ෂි ෂෙල්ස්වල මන්දිර තිබෙන බව කීවා,රට පුරා මාලිගා හදා ඇතැයි කීවා,තව තව අවලාද නැඟුවා.යහපාලන ගොයියනේ දැන් ඉතින් ඒවා පෙන්නපල්ලා.ඔප්පු තිරප්පු පෙන්නපල්ලා. යාපනේ  ජනාධිපති මාලිගාවක්  හැදු බව කියනවා .එය ජනසතු කරන බව  මෛත්‍රීපාල ජනාධිපති කියනවා. උතුර ජනාධිපති මන්ධිරයක් සැදීම වැරදිද?. එය හදා ඇත්තේ රටට එන විදේශ අමුත්තන්ට බව තේරුම් ගන්නට බැරිද‘

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහටයි ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටයි ආණ්ඩු බලය තිබුණට පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ අපේ පැත්තටයි. මන්ත්‍රිවරුන් 132 දෙනකුගේ බලය අපටයි.අපේ වෑයම යුඑන්පීයට පන්දම් නොඅල්ලන  සන්ධාන මන්ත්‍රීන් එක් පැත්තකට ගැනීමයි.  කන්ද උඩරට සන්ධාන මන්ත්‍රීවරුන්ටත් අපි ඒ පණිවිඩය දෙනවා. යුන්පීයට පන්දම් අල්ලන  පිරිසක්  සිටිය හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා අත ලකුණ අහිමි වු‍ණොත්  අපේ කරත්ත රෝද ලාංඡනය දෙන්නයි හිටියේ.එදා සිටම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව එක්සත් කිරීම මිස එය කඩා බිද දැමීම් අපේ ඉතිහාසයේ නැහැ. වර්තමානයෙත් නෑ.අනාගතයෙත් නෑ. මේ රැස්වීමට නොයන ලෙස  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් තහනමක් දැම්මා.රනිල් වික්‍රමසිංහ නුගේගොඩ අපේ රැස්වීම දැක  ඇති වු වෙවිලිල්ලෙන් පසුව  මාධ්‍යවේදීන්ට බැන්නා.මේ රැස්වීමට පැමිණි සෙනඟ ඒ දෙන්නාටම කනේ පහරක් ගැහුවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ අපි ඉදිරියටම යනවා.‘

පස්වරු හයයි තිහට පමණ රැස්වීම අවසන් විය.

SnapShot(243) SnapShot(251) SnapShot(257)

      ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (0)

‘අවලාදෙන් මහින්ද මඩින්න බෑ‘

චින්ති Saturday, 07 March 2015 08:08 AM

එනපොට නම් හොඳ නැහැ වගේ යහපාලනයට (නදී)

:       0       0

නීල් Saturday, 07 March 2015 09:48 AM

තුම්මුල්ලේ බයිලා , හැමදාම ඔහොම තමයි (අ)

:       0       0

රුවන් Friday, 06 March 2015 01:52 PM

කෝ මේ අසාද් සාලි මැතිතුමා කට්ටිය 5000 ද කියල ගනිනවද ? (නදී)

:       0       0

සුමිත් Friday, 06 March 2015 02:42 PM

මහින්ද අාවේ නැත්නම් රට ඉවරයි (නදී)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 05:55 AM

රටේ බහුතරයට වෙනස තෙරෙන්නේ නැද්ද (දිල්)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 08 March 2015 02:50 AM

මහින්ද මහත්තයට ඔය අවලාද සියල්ල කරද්දී තමයි ලක්ෂ 58 ක් එතුමාට සිය ඡන්දය පාවිච්චි කලේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site