මෙවර ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ ආධිපත්‍යයේ විශාල ඉරි තැලීමක් බව ප්‍රංශයේ හිටපු තානාපති මෙන්ම දේශපාලන විචාරක වන ආචාර්ය දයාන් ජයතිලක මහතා කියයි.
‘මේ ආණ්ඩුව අවුරුදු 20ක ඉඳලා රට පාලනය කරනවා. චන්ද්‍රිකා මහත්මිය කාලයක් පාලනය කළා. දැන් අවුරුදු දහයකට ළං වෙන්න මහින්ද මහත්තයා යටතේ රට පාලනය කරනවා.
මේ ආණ්ඩුවේ උච්චතම අවස්ථාව ආවේ 2009 වසරෙදි. ඒ යුද්ධය නිමා කළ කාලයේ. ඉන් පස්සේ 2009 ජිනීවා රාජතාන්ත්‍රික යුද්දේ එහෙම නැත්නම් සීතල යුද්දෙත් දිනුවා. 2010 ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා. ඉන් පස්සේ ආණ්ඩුවේ අවරෝහණයට ආවා. එය පටන් ගත්තේ 2012 ජිනීවා මානව හිමිකම් යෝජනාවෙන් ලංකාව පරාජයවීමෙන් පසුවයි.
උතුරු පළාත් ඡන්දය පරාජය වුණා. ඊළඟට ඌව. ඌව ආණ්ඩුව යන්තමින් ගොඩ ආවාට ශක්තිය බොහෝ සෙයින් අඩුවෙලා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩුවෙලා.
ඌවේ ජනතාව මේ පෙන්නුවේ ආණ්ඩුවට තිබෙන අඩු පිළිගැනීමයි. පාලන ශෛලිය, හැසිරීම, පවුල්වාදී දේශපාලන ජනතාව ප්‍රතික්ෂේප කරමින් යනවා. මේ ක්‍රමය ගැන ආණ්ඩුවට සිතා බලන්න කාලය ඇවිත්.‘
ඌව පළාත් සභා ඡන්දය පිළිබඳ ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ විග්‍රහයක් සහිත විශේෂ වීඩියෝව පහත දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමවෙලා මදි මට නම් (නි)
දැන් දින්න කෙනා දින්නා පැරදුන කෙනත් දින්නා අපි පැරදුනා (දී)
කාලයත් සමඟ ආණ්ඩුවල ජනප්‍රියතාවය අඩුවීම සිදුවෙනවා. (නි)
අපේ රටේ මිනිස්සුන්ගේ බහුතරයක් තාම ඉන්නේ දහනව වැනි සියවසේ ද මන්ද, වැරද්දක් වැරද්දක් ලෙස නොදකිම අභාග්‍යයක් (දී)
හරිනේ.මෙතුමා ආණ්ඩුවට උදව්වක් මේ කරල තියෙන්නේ. දැන් ආණ්ඩුවේ අවරෝහණයක් තියෙනවනම් ඒක අරෝහණයක් බවට පත්කිරීමට අවශ්‍ය සියළු උපායමාර්ග, ක්‍රියාමාර්ග ගන්නා බවට හොඳටම විශ්වාසයි. (දී)
අපිට මොකද අනේ (දී)
ආඔන්න මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
බන්දුල කියන්නේ පුදුම මෝඩයෙක්නේ බලනකොට (නි)
මේ මිනිස්සුන්ට ආරෝහණ අවරෝහණ බැහැනේ තවම (දී)
දයාන් මහත්තයෝ ආරෝහණ අවරෝහණ කොහොම උනත් පලත් සභා නමයෙන් අටක්ම මහින්ද මහත්තයාගේ පක්ෂයට අයිතියි නේද ? ඔබතුමා මොනවා කිවත් ඊලග මැතිවරණයේදීත් ඔබතුමාට කියන්න වෙන්නේ ඔය වගේ දෙයක් තමයි (නදී)
රජයේ නායකත්වය වඩාත් පරෙස්සම් විය යුත්තේ විපක්ෂයෙන් හෝ රජයේ කටයුතු විවේචනය කරන අයගෙන් නොවේ. තමන් වටා ඉන්න වංචාකාරී ඔලමොට්ටල කයිරාටික හිතවතුන් ලෙස පෙනී සිටින "හිතවතුන්ගෙන්" හා තම තමන්ගේම අයගෙන්. (නදී)
ජනාධිපතිතුමා කවමදාකවත් පරද විය යුතු නැහැ... ඊට හේතු කිහිපයක්ම තියෙනවා... 1. මෙතුමාට කිට්ටු කරන්නවත් පුළුවන් කිසිම කෙනෙක් විපක්ෂයේ නොමැති වීම.... 2. කවමදාකවත් මෙතුමා රටට අගතියක් වන තීරණ නොගැනීම.... 3. විදේශ බලපීම් වලට නොබියව මුහුණ දීමේ ශක්තිය ඇති බව.... සිදුකල යුත්තේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය හා මහජන අප්‍රසාදයට ලක් කරන අය හැඳිනගෙන ඒවා ප්‍රතිසංස්කරණය කිරීම පමණි.... එහෙම කරන්න බැරී හේතුවත් වෙන කිසිවක් නොව.. අපේම ඉතා බුද්ධිමත් මහජනතාවම තමා... හරි කියන්න බලන්න ඉවත් කරන්න පුළුවන් පිස්සු නටන එක ඇමති කෙනෙක්.... එයාව අයින් කළා කියමු... එයාගේ ඡන්ද පදනම බිඳ වැටේද... මහජනයා ඔහු විපක්ෂයට ගියාම ඡන්දය නොදී ඉඳීද... නෑනේ.. ඒ හඬ බලය රැකගෙන ඉන්න ඒ වගේ අයවත් ආණ්ඩුවේ තියාගන්න වෙලා තියෙන්නේ..(ස)
කවුරු මොනවා කොහොම කිවුවත් ඉක්මනට යමක් සිදුවෙන බව ඉර හඳ වගේ විශ්වාසයි (නි)
එක චන්දෙන් සියලු හින එලි වෙන්නේ නැහැ (දී)
එක දිගට රටක් පාලනය කරනකොට මෙවැනි පසුබෑම් ඇතිවීම ස්වාභාවිකයි. ජනපතිතුමා මෙයටත් නිසි විසඳුමක් දෙන වග අපට විශ්වාසයි. (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජි , බන්දුල පෙරේරා , මධුභාශිනි යනු, එකම චරිතයකි. (ස)
නියන් සහනාදාර 2500 නිසා යන්තන් ගොඩ. (දී)
දයාන් මහත්තයෝ ඔයාට තියෙන ප්‍රශණ්ය තමා ආන්ඩුවෙන් තනතුරක් නොලැබීම. රටට කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ නිකන් ඉන්න. (දී)
අවිවාදයෙන් තොරව පිලි ගන්න ඕනේ (දී)
මීට පස්සේ ආණ්ඩුවේ කචල් පටන් ගනීවි .විපක්ෂය තවත් එකමුතු වේවි (දී)
දයාන් ජයතිලක මහතාගේ හැම අදහසකටම අප එකග නැතත් බන්දුල පෙරේරා වගේ නිතරම කාටවත් කඩේ යන කෙනෙක් නම් නොවේ.කැපුවත් කොලපාට,නිල්පාට කියන පරපුරට අයත් බන්දුල පෙරේරා වගේ අය සිටින තාක් කල් අධි පෝෂණය පරපුර තව තවත් වර්දනය වන අතර මන්ද පෝෂණය සමග පරපුර තව කිහිප ගුණයකින් වර්දනය වෙන බව කිවහැකිය. (දී)
අපිටත් පෙනෙනවා (නි)
මේ කතාවේ පිටුපස විවිධ බලවේග තියනවා වගේ කියලා මට හිතෙනවා. (නි)
කඩේ යන අයට රිදුනට මහජනයා කේන්තියෙන් . (දී)
සහතික ඇත්ත. මේ අවරෝහණය හැමතැනම තියනවා. මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වෙනස පෙනෙනවා. ආණ්ඩුවේ නාස්තිය සහ අධික බඩු මිල තමා ප්‍රධාන හේතු. අලි වැට ගහන්න, වකුගඩු රෝගීන්ට පිළිසරණ වෙන්න සල්ලි නැති වුණාට කොළඹ සයුරු පුරය වගේ දේවල් ඊට වඩා වැදගත් කියලයි ආණ්ඩුව හිතන්නේ. මේ "බහින කලාවයි."ගොඩ ඒමක් නැති පාටයි. (නි)
ජිනීවා පැරදීම ආණ්ඩුවේ පැරදීමක් පමණක් නොව එය මුළු රටේම පැරදීමකි. මෙය මහජන අපිට රතු එළියක් වගේ (නි)
බන්දුල පෙරේරා කියන්නේ පිස්සන් කොටුවෙන් පැනපු පිස්සෙක් නැත්නම් ජනතාවගේ සිතු පැතුම් ගැන දන්නා කව්රුත් ඔහොම කියන්නේ නැහැ. අද ආණ්ඩුවේම කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේම පිලි අරගෙන තිබුනා තමන්ගේ අඩු පාඩු වලටයි මෙහෙම උනේ කියලා. (නදී)
මේ කියන දේවල් දෙස යථාර්ථවාදීව බලන්න සමහර මිනිස්සු අකමැති බව පේනවා.එකට හේතුව ප්‍රයෝගික බුද්දියක් නොමැති බව සහ රජයටම පක්ෂපාතී බව.ගැතිකම.රටේ ආර්ථිකව මිනිස්සු විඳින දුෂ්කර බව අවනීතිය මිනිස්සු අද ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින්.යුද්දය දිනුව.එක විශිෂ්ට දෙයක්.එත් හැමදාම යුද්දය මාකට් කරන්න පුලුවන්ද.පාරවල් වරාය ගුවන්තොටුපල හැදුවට විතරක් මදි .රජය කියන දියුණුව තියනවා නම් එක මිනිස්සුන්ගේ බඩට සහ සාක්කුවට දැනෙන්න ඕනි.සන්ක්‍යා ලේකන කියන්නේ මිනිස්සු අන්දවන්න දෙන දෙයක්.යථාර්තය එතන තියද.එක දෙයක් පැහැදිලි. (දී)
උතුරට පොලිස් බලතල ඉඩම් බලතල දීල 13 ක්‍රියාත්මක කරනවා කියල කිව්වා නම් මේ මහත්තය ඔන්න කියාවි ආරෝහනයක් තියෙනවා කියලා. නැත්නම් ඉතින් මෙයා හැමදාමත් අවරෝහණ තමයි. අපිට මේ අවරෝහනේ හොදයි මහත්තයෝ. ඡන්ද හැමදාමත් එක විදියට දිනන්න බැහැ. අවශ්‍ය පාලනය ගෙනියන්න බහුතරය ලැබීම පමණයි.ඒක තියෙනවා නම් තව මොනවද.? (නදී)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
බොහොම හොඳ කතාවක් (නි)
ඔබ තුමා කියන්නේ ඇත්ත හෝ බොරු උනත්, ඔය තරමටම විවේචනය කරන්නේ තමන්ට ආණ්ඩුව පසු කාලයේදී නොසලකපු නිසා බව අපි දන්නවා. අපේ හිත්වල දැනෙන්නේ ඔය කියන කරුණු වලට වඩා ඔබතුමාගේ ඒ වෛරය. මේක නිතර වෙන දෙයක්. නිරන්තරව ඔය වෛරය දෝර ගලන එක අපේ මනස නොසන්සුන් කොට අසහනයට පත් කරනවා. හරියට බීලා කුණුහරප කියන කෙනෙක් ගෙවල් ළඟ ඉන්නවා වගේ. (නදී)
මේක කිසිම පදනමක් නැති ප්‍රකාශයක්. උතුරු පළාත් සභාව පැරදුනු බව ඇත්ත. හේතුව ඔහුන්ගේ වර්ගවාදී බෙදුම්වාදී අදහස් නිසා ඔහුන් ආණ්ඩුව මෙන්ම යු.එන්.පී එකද ප්‍රතික්ෂේප කලා. නමුත් ඌව මැතිවරණයේදී යු.එන්.පී අය තරුණ මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර නැවුම් මහඇමති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කලා. තවද එම පක්ෂයේ සියලු නායකයන් එක වේදිකාවක පෙනීසිටි අතර අවශ්‍ය නම් සියලු විපක්ෂ කණ්ඩායම් එකතු කරමින් බලය ලබාගැනීමට සුදානම් බව ඉඟි කලා. නමුත් රජයෙන් පැරණි මහා ඇමති අපේක්ෂකයම ඉදිරිපත් වූ අතර එහි කොටස් කරුවන් වූ හෙළ උරුමය මැතිවරණ වේදිකාවේ දැකිය නොහැකි වූ අතර ජේ.වී.පී බදුල්ලට තනිව තරඟ කලා. එමගින් සියලු අවාසි සහිතව තරඟ කළ ද රජයට පහසුවෙන් යු.එන්.පි ය පරාජය කළ හැකිවිය. මේ කරුණු සලකා බැලුවිට දයාන් ජයතිලකයන්ගේ මතය පුස්සක් වන අතර නමුත් ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණ අවස්ථාවක රජයෙන් එවැනි ලිහිලක් බලාපොරොත්තු විය නොහැකි අතර එවැනි විටක ජනාධිපතිවරණයේදී මහින්ද මහතාට සමකල හැකි තරඟ කරුවෙක් විපක්ෂයේ නොමැත. මිට අමතරව ජනාධිපතිවරණයට අවශ්‍ය නම් තරඟ කිරීමට ගෝඨාභය වැනි කීර්තිමත් අය රජයේ සිටින බව අමතක නොකළ යුතුය. (නදී)
මහජන ඡන්දෙන් පත්න වන පුද්ගලයා ප්‍රභූ වරයෙක් නොවේ. ඡන්දය දුන් මහජනතාවගේ ප්‍රභූ අයිතිය සුරකින්න. ඡන්දෙන් පත්වන අයෙගේ වියදම අඩුකරන්න (නදී)
දයාන් මයාගේ විචාර වල සමබරතාවය අඩුයි. (නදී)
චන්දෙ ගැන කතාකලා ඇති වගේ දැන් නේද (දී)
මේක ඉතාම නිවැරදි විග්‍රහයක් ලෙසට මම එදත් දැක්ක අදත් දකිනවා. (නදී)
ලබන මැතිවරණයේදී වෙන දේ නම් "ඉර හඳ" වගේ විශ්වාසයි. (නි)
ඉස්සරහර මොනවා වෙයිද (දී)
උමේෂ් නම් තිතට ආණ්ඩුවට කඩේ යනවා වගේ. (ස)
මේ ආණ්ඩුව විතරක් නෙමෙයි, මිනිසුන් පාලනය කරන්න ගත් කාලයේ සිටම හැමෝටම මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තියෙනවා. මේ පාලන ක්‍රම කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ. (නි)
ආණ්ඩුව පරාජය උනේ ජිනීවා පරාජය හින්ද නෙමෙයි මහත්තයෝ. යුද්දේ ඉවර කරපු එක උතුරේ ඉන්න වරගවාදී ජාති වාසීන් ඉත්තෙක් කරගෙන සමස්ත දමිල ජනතාව ගොනාට අන්දගෙන උතුරේ ඡන්දේ දෙමල සන්දානේ දිනපු එක ඇත්ත. ආණ්ඩුව පසුබාන්නේ යුද්ද්දෙන් පස්සේ මිනිස්සු බලාපොරොත්තු උන දේවල් ආණ්ඩුවෙන් නොලැබුන නිසා වගේම එල්ල වෙන දුෂණ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව අපොහොසත් නිසා. දැන් යුද්දේ පරණ කතාවක් මිනිස්සුන්ට. එත් යුද්දේ වවාගෙන කන උදවිය තාම පරණ තුවාල අවුස්සන්න වගේ ඕනි. (ස)
බන්දුල පෙරේරා තුනේ පන්තිකට ගිහින් ආරෝහණ අවරෝහණ කියන්නේ මොකක්ද කියල නැවත ඉගෙන ගෙන එන්න . දයාන් ජයතිලක කියන්නේ බන්දුල පෙරේරාට වැඩිය කොයි තරම් උගතෙක්ද බුද්ධිමතෙක් ද කියල හැමෝටම පේනවා .(දී)
වෙන ඕන දෙයක් ඇස් කන් පියන් බලන් ඉමු... යුද්දය දින්නානේ (දී)
ටිකිරි බණ්ඩා " ඉර හඳ" වගේ විශ්වාසයි කියපු කතාවට බන්දුල කතා ගොතනවා. කෝ බන්දුල කියන කිසිම දෙයක් ටිකිරි කියල නැහැනේ. "නුවන් දර්ශන" බන්දුල ගැන කියල තියෙන අදහස මේවා දැක්කම පිළිගන්න වෙනවා. ආණ්ඩුවට කඩේ ගියාට අපිට කමක් නැහැ.බේගල් කතා ගොතන්නේ නැතුව ඉන්නවද බන්දුල මහත්තයෝ. (දී)
වැරදි නොකරන ආණ්ඩුවක් මේ ලෝකයේ නැහැ (නි)
මේ මහත්තයා දැන් අවරෝහණ වෙලා ගොඩක් දවස්. ඌව කියන්නෙ බදුල්ල විතරද? අනික බදුල්ලට ආණ්ඩු පක්‍ෂයෙන් මහියංගනයේ අනුර ඇරුනම ජනප්‍රිය කවුරුත් නැතුව කරඟ කලේ. එහෙම කරලත් ආන්ඩුව දිනුම්. ජනාධිපතිවරණයේදි යූඑන්පියට හිතන්නවත් බැරි තත්වයක් බව කාට කාටත් දැන් වැටහිලා තියෙන්නේ. මෙතුමාගේ බලාපොරොත්තු කවදාවත් ඉටු කරගන්න ලැබෙන්නෙ නැහැ. (නදී)
ආණ්ඩුව පසුබෑමකට ලක්වෙලා තියෙන එක බොරු කරන්න බැහැ. යුද්දය දිනන්න තමඊ අපි චන්දය දුන්නේ පිට පිට. දැන් එක වවන් කන්නේ නැතුව ජනතාවට සේවය කරන්න. (දී)
ඔන්න ටිකිරි බන්ඩටත් මොලේ පැදිලා. ටිකිරි බන්ඩටත් ඉර හද වගේ විශ්වාසයිලු ලබන ජනාධිපතිවරණෙන් අපේ ජනාධිපති තුමා තෙවැනි වතාවටත් ජනාධිපති වෙන වග. ඒ එක්කම මහා මැතිවරණයෙනුත් බහුතර බලයකින් සන්ධානය ජය ගන්න වග. ඔහොම එන්නකෝ ටිකිරි බණ්ඩා මහත්තයා හැමදාම මේ හැබෑ නොවන හීන දැක දැක ලේ පුච්ච ගන්නේ නැතුව. (නදී)
උමේෂ් මහතා අර නාලිකාවේ කෙනෙක් වගේ. රටට සුගතියක් කරන්නද 17 අවලංගු කලේ. 18 ගෙනාවේ. අද රටේ සිදුවන දේ අනුව දුක් විඳින්නේ අපි නොවෙයි අපේ අනාගත පරපුරයි. (නදී)
මෙම ප්‍රකාශය සර්වා සාධරණ ප්‍රකාශයක් හැටියට හිතන්න බෑ. කෙසේ නමුත් මහින්ද ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය මත සංධාන රජයේ ජය තීරණය වි ඇත. ඔහුගේ ජනප්‍රියතාවයේ ආසන්නයට කිසිම පුද්ගලයෙක් මෙතෙක් ලගා වි නැහැ. කෙසේ නමුත් මෙම ඡන්ද ප්‍රථිපලය ගැන ඉතාම සතුටු වෙමි මන්දයත් ආණ්ඩුව ගමන් කරන මාර්ගය නිවැරදි කර ගැනිම සදහා ජනතාව ලබාදුන් හොද පණිවුඩයක් මෙන්ම රජය විසින් මෙම මහගු පණිවිඩය තේරුම් නොගතහොත් ඉදිරියේදි ඔවුන්ගේ රජයේ අනගතය තිර්ණය වනු ඇත (නදී)
ඕනෑම රජයකටත් ස්වබාවික මරණයක් හිමියි. අතරතුරේදී අසනීප තත්වයන්හටත් මුහුණදෙන්න වෙනවා එක එක විසබීජ නිසා. අවශ්‍ය වන්නේ එවැනි වෙලාවට නිසි ප්‍රතිකර්මයි. ජනාධිපති වරණයේ ප්‍රතිපල මෙම මැතිවරණයෙන් පිළිබිඹු වෙනවයි සිතීම මහා මෝඩකමක්. (නදී)
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඕන මෝඩයෙකුට උනත් තිබිය යුතුය (නදී)
උමේෂ්,ඥාති සංග්‍රහය .... පළි ගැනීම් ගැන ... ලියවිලා නෑනේ .. එකත් ඇතුල් කරානම් තමයි ඔයා කියන විදියේ සමාන කෙනෙක් විපක්ෂයෙන් හොයා ගන්න බැරි වෙන්නේ..(ස)
ආචාර්ය දයාන් කියන දෙයින් ආශ්වාදයක් ලබන්නේ දයාන් අදහන පිළේ අය පමණකි. යතාර්ථය දකින කිසිවෙකුට මෙය ඔහුට ආවේනික කතාවක් පමණක් බව වැටහෙන්නේය.. විරුද්ධ පක්ෂයේ සියලු ඡන්ද හෝ ආසන එකතු කළත් රජය පරදන්නට බැරි බව පෙනෙන්නේ නම්, අවරෝහනයක් ගැන කරන කතාව හිනාවට කරුණක් නොවන්නේද.? (නදී)
ඔය මොනවා කීවත් කන්ඩ නැතත් බඩ යටට පොල් කටුවක් හිර කරගෙන හරි දරු පැටව් ටිකත් එක්ක බයක් නැතුව රැයක් එලි කර ගන්න පුළුවන් පසුබිමක් තියෙනවා නම් එ්ක වටිනවා. දූෂණ වංචා, වගේ දේවල් මිනිස්සුන්ගේ බඩට යි ඔලුවටයි කෙලින්ම වදින්නේ නැහැ. ඒ නිසා මිනිස්සු මේ යන විදිහ අනුමත කරන බවයි පේන්නේ. (නදී)
රණවක මහත්තයෝ..දුක් විදින්න හරි අනාගත පරපුරක් ඉතුරු වුනේ කා හින්දද කියන එක අමතක කරන්න තරම් ගුණ මකු වෙන්න එපා..ඉදිරියට එන රජයක් 17 ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරයි කියල හිතනවද? මෙචර මැරිලා කා කොටා ගෙන වියදම් කරලා බලය ගන්නේ කොමිසන් වලට බලය දීල පැත්තකට වෙන්න කියල හිතුවද..ඕව බොරු බයිලා මහත්තයෝ..මොකා ආවත් ඔච්චර තමයි.ආණ්ඩුවක් බෙල්ල මුලට හිර වෙලා තියෙද්දී ගෙනාව 17 ආණ්ඩුවකට අභියෝගයක් නැති බලයක් ලැබෙද්දී ප්‍රයෝගික වෙන්නේ නැහැ මහත්තයෝ..අනාගත පරපුරට දුක් විදින්න හරි අද රටක් ඉතුරු වෙලා තියෙන්නේ ඔය අභියෝගයක් නැති බලයක් රජයකට තිබුණු නිසයි .නැත්නම් වෙන්නේ යුද්දේ පැත්තක තියෙද්දී මාසෙන් මාසේ ආණ්ඩු පෙරලෙන එක.පෙරලන එක.....(ස)
අවරෝහණයක් පෙන්නුම් කළත් තවත් විපක්ෂයට කිට්ටුකරන්නවත් බැහැ. හරීන් අලුත් කෙනෙක් නිසා ඡන්ද වැටුනා. ඔන්න මම කෙටියෙන් කිව්වා (නදී)
දයාන් මහත්මයා කියනදේ සැහැල්ලුවට ගන්න එපා. රජයේ මාධ්‍ය ආණ්ඩුව ඌවෙන් විශිෂ්ට ජයක් ලැබුවා කියලා උදම් අනන්න එපා. ඌව යන්තමින් බේරගන්න ආණ්ඩුව කොච්චර මහන්සියක් ගත්තද ? මැති ඇමතිවරු තව තවත් පිස්සු කෙලියොත් ඉදිරියත් අවරෝහණ වෙන එක වලක්වන්න බෑ. ජනාධිපති තුමා දැන්වත් මේ තත්වය වටහාගන්න. මැති ඇමතිවරුන්ගේ අනවශ්‍ය වියදම් සහ පිස්සු කෙලීම වහාම අඩුකරලා දුප්පත් මහජනතාවට හොඳ සේවයක් ලබාදෙන්න තීරණය කරන්න. එතකොට අවරෝහණය, අරෝහන කරගන්න එක එතරම් දෙයක් නොවේ. (නදී)
ඔබගේ අදහසට මම එකඟයි. පවුල් වාදී දේශපාලනය මෝරාගේ ඉඳන් හාල්මැස්සා වෙනකම් තියෙනවා. (නදී)
බන්දුල වගේ මිනිස්සු ඉන්නකම් ලංකාවට දියුණු වෙන්න්න බැහැ. ගැතිකම බන්දුලගේ ලේ වලම තිබෙන දෙයක්. මෝඩකමට බෙහෙත් නැති එක බන්දුලගේ විතරක් නෙමෙයි රටේම අවාසනාව. (නි)
අපි කියලා මොනවා කරන්න්නද (දී)
දයාන් මහත්තයා ඔය කිව්වා නෙවෙයි. සාමාන්‍ය මහජනයාට පුංචි ශීර්ෂ පාටයක් දුන්නා විතරයි. පස්සේ දවසක ඔය කලබොල උන අයට තේරේවි (නදී)
යුද්දේ යුද්දේ යුද්දේ මොකද්ද මේ හැම දේකටම ගාව ගන්න යුද්දේ (දී)
ආරෝහණ පිළිවෙලට සකස් වෙලා තිබ්බා (දී)
ඌවෙ ජනතාවට ජයවේවා (දී)
නැවත නැවත මහන්සි වෙන්න වෙයි ආණ්ඩුවට (දී)
ආණ්ඩුව විශාල පසු බෑමකට ලක් වෙලා තියෙනවා (දී)
මට කියන්න නම් විශේෂිත යමක් නැහැ (දී)
ඌවෙ ජනතාව පිළිතුරු දීල තියෙනවා (දී)
දැන්වත් යුද්දේ ගාව ගන්න එපා මේකට (දී)
මතක තියාගන්න යුද්දේ පරාජය කල එකම පක්ෂය (දී)
මිනිස්සුන්ට ඉවසා ගන්න බැරි ජිවන බරක් තියෙන්නේ දැන් (දී)
බන්දුල නම් කැපුවත් නිල පාටයි වගේ. පක්ෂ බේදයක් නැතිව හිතන කෙනෙකුට නම් මොලේ අබ ඇටයක්වත් තියෙන කෙනෙකුට නම් මේ වෙන වෙනස්කම් හොදට තේරෙනවා. එ්ක ආචාර්යවරුම කියනකන් ඉන්න ඕනේ නැහැ. (නදී)
ඉදිරි මැතිවරණත් බලමු එකකින් විතරක් කියන්න අමාරුයි (දී)
තිබුන තනතුරු නැති උනාම තමා ඔහොම පේනෙන්නේ (නදී)
සරත් හරි මිනිස්සු කියනදේ අපිට පිළිගන්න සිද්ද වෙනවා (දී)
ජන මතය කියන්නේ ඕකට තමයි (දී)
යුද්දේ විකුණලා ඉවරද නැතිනම් යුද්දේ මිලදී ගන්න අය අඩුවෙලාද (නදී)
කවුරු මොනවා කිව්වත් පහත වාක්‍ය ගැන ආණ්ඩුවට සිතා බලන්න කාලය ඇවිත්. "පාලන ශෛලිය, හැසිරීම, පවුල්වාදී දේශපාලන ජනතාව ප්‍රතික්ෂේප කරමින් යනවා. මේ ක්‍රමය ගැන ආණ්ඩුවට සිතා බලන්න කාලය ඇවිත්" (නදී)
දයාන් මහතාගේ කතාව හරියටම හරි තොන්ඩමන්ගේ චන්ද ටික නිසා යන්තමින් බදුලු දිස්ත්‍රික්කය බේරගත්ත (දී)
දැන් නම් සමහරුන්ගේ නහරයක් පුපුරන්න ළඟයි වගෙයි (නි)
මමනම් ගණන් දන්නේ නැති නිසා මම කතා කරන්න යන්නේ නැහැ (දී)
දයාන් මහත්මයාගේ විග්‍රහය හරි. රාජ්‍ය බලය අයුතු ආකාරයට ඌව පළාත් සභා මැතිවරණයේදී භාවිතා නොකලානම්, ආණ්ඩුවට මීටත් වඩා වේදනාකාරී ප්‍රතිපලයක් ලබන්න තිබුණා. කොහොමටත් දැන් සන්ධාන පාලනයට ගෙදර යන්න කාලය හරි කියල දුන්න බව නම් පැහිදිලියි. (නදී)
ඉදිරිය ගැන සැලසුම් හදන්න (දී)
කවුරු මොනවා කිවුවත් රට බේරාගත් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බැහැ (නි)
පෙනෙන්නේ අවරෝහනයක ලකුණු නොවෙයි නම් වෙන මොන ලකුණුද ? ඡන්ද අඩුවුණා නම්, මනාප අඩුවුණා නම්, මන්ත්‍රීවරු අඩුවුණා නම් ඒක ආරෝහණ ලකුණක්ද ? (දී)
කවුරුත් ඒ කතාව පිලි ගන්න ඕනේ ප්‍රතිපල දැක්කාම පේනවා ඒක (දී)
අවරෝහණ ආරෝහණ දන්නේ නැති මිනිස්සුනේ මේ සභාවේ ඉන්නේ (දී)
ඔබතුමා කොහොමද එහෙම කියන්නේ? සන්ධානයට මුළු රටෙන්ම ලක්ෂ 40කට වඩා චන්ද තියෙනවා. එජාපයට ලක්ෂ 20 ගණනයි තියෙන්නේ. එජාපයට වාසිදායක වෙන්නේ කොළඹයි, ගාල්ල ආසනයයි, බදුල්ලේ ආසන දෙකතුනක් විතරයි.(දී)
මැතිවරණයක් කියන්නේ ඕකට තමයි (දී)
නිල්පාට කන්නාඩි දාපු අය කියනවා ආරෝහනයි කියල. එකයි එයාලට ඇත්ත නොපෙනෙන්නේ තව බොක්කට වැදිලා පටි තද කරගන්න වෙනකොට ඇහැරේවි... (දී)
මිනිස්සුන්ට දොස් කියන්න බැහැ (දී)