පරණ ඇසිඩ් බැරල් වලට පොල් තෙල් හා ෆාම් තෙල් පුරවා සිංහල අවුරුදු සමයේ වෙළෙඳ පොළට යැවීමට නියමිතව තිබියදී තෙල් ලීටර 10000ක් පමණ දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව සිදුකළ වැටලීමකදී සොයාගන ඇත .දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක පිටුපස මේවා රදවා තබියදී සොයාගෙන ඇත .
මෙම බැරල් වල ආහාර හෝ ආහාර යට ගන්නා කිසිදු දෙයක් නොදමන ලෙස ඇති උපදෙස් තීන්ත ගා මකා ඇති බවද පොලීසිය පවසයි.
පොලීසිය හා නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරින් මෙම තෙල් පරික්ෂා කිරීමේදී එම බැරල් වල අඩංගුව තිබු ඇසිඩ් වර්ග මෙන්ම කැට ගැසුණු තීන්ත වර්ග තෙල්වලට මිශ්‍ර වී තිබෙන අයුරු දැකගැනීමට හැකිවිය .
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් අපරධ අංශයේ ස්ථානාධිපති ගයාන් සමරකෝන් යන මහත්වරු මෙන්ම දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ද වැටලීමට එක්වී සිටියහ .
මෙම තෙල් තොගය අධිකරණයට ඉදිරිපත්කොට රස පරීක්ෂක වාර්තාවක් ලබාගෙන සැකකරුවන්ට විරුද්ධව නඩු පවරන බව කියයි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව දෙවනුව සහ තෙවනුවත් එල්ලමුගහ. (ත)
නම් ගම් හෙළි කරන්න බැරුව ඇති හලාල් ද දන්නේ නෑ නේද (දිල්)
අනේ පව් මෙයාට ඔය සම්බන්දයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබාදෙන්න එතකොට එයා ඉගෙන ගනියි (නදී)
පලමුව එල්ලුම් ගහට යන කෙනාට නවින මොටර් රථයක් (ම)
හිතාමතා සමූහ මිනිස් ඝාතනයකට කල උත්සාහයක්. වැරදිකරෑවන්ගේ නම් ගම් රටට හෙළි කල යුතුයි. (අ)
බටහිර කුමන්ත්‍රණයක් වගේ .(හේ)
මාටින් ඔබ හරි ...ඇසිඩ් දමන්නේ නෑ ලෝහ බැරල් වල!!.වෙන මොනවා හරි ...සමහරවිට තාර හෝ තීන්ත වගේ දෙයක් ගෙනාපු බැරල් වගේ වෙන්න පුළුවන් ...බැරල් වල බාහිර පෙනුමෙන්ම ඒවා පොල්තෙල් වගේ ආහාරමය පාරිභෝගික ද්‍රව්‍යයක් ගබඩා කිරීමට නුසුදුසු බව පේනවා ....මිනිස් ජීවිත ගැන නොතකා මිනිස්සුන්ට වහ කවන මෙවන් වරදකරුවන්ට උපරිම දඬුවම් දෙන්න !! (ස)
මේවගේ වැරදි වලට රජකාලේ දඬුවම් දෙන්න ඕන. (ස)
ලංකාවේ නීතියක් නැති එක තමයි වෙලාතියෙන්නේ, මුන්ට වඩා ප්‍රභාකරන් හොඳයි. මොකද ඔය තෙල් ටික එලියට ගියානම් ලක්ස කියක් වස කනවද? (ස)
සල්ලි වලට බැරල් ගන්න ලෝබ වෙලා දැන් ඉතින් තෙල් වල වියදමත් ඉවරයි....දඩත් කනවා (ත)
මේක හොයා ගත්තට පොලිසියට ස්තුතියි. (ත)
මම කීප වතාවක් දුටුවා දඹුල්ල නගරාධිපති මේ වගේ වැටලීම් වලට සම්බන්ද වෙනවා. මේක හොඳ දෙයක් වගේම අනෙකුත් පළාත් පාලන ප්‍රධානීනුත් මෙය ආදර්ශයක් කරගන්නවා නම් හොඳයි '(හේ)
ඉස්සෙල්ලම දෙන්න ඕන දඬුවම තමයි ඔතන තියෙන තෙල් වලින් තෙල් අයිතිකාරයට මාසයක් විතර කෑම හදලා කවන එක .(හේ)
ඇත්තටම හොද වැඩක්.(හේ)
මේ වගේ වැඩ කරපු අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
මේකටනම් ලොකු දඩුවමක් දෙන්න ඕනේ.මේවා මිනිස් පරිභෝජනයට දුන්නා නම් මොන තරම් විනාශයක් වෙයිද?(හේ)
මෙතන අවුලක් තියෙනවා වගේ, මේවා ඇසිඩ් බැරල් වෙන්න බැහැ, ඇසිඩ් දමන්නේ නෑ ලෝහ බැරල් වල. (ස)
ජීවිතාන්තය දක්වා හිරේ දමන්න ඕනි.(හේ)
ඇත්ත උපරිම දඩුවම් දෙන්න ඕන ,මෙහෙම වැඩ කරන අයට.(හේ)
මේ තෙල් බැරලයක් ලිපේ තියලා මෙයාව ඒකට බස්සලා තියන එක තමයි සුදුසුම දඬුවම.(හේ)
මට හිතන්නේ මේවාට සම්බන්ධ සියලු දෙනාට මෙම තෙල් වලින්ම අාහාර සාදා දිය යුතුයි . නැත්නම් අාපහු ඔය ටිකම කරනවා එළියට අාවම හිරේ ගියත්.(හේ)
නම් සමග හෙළි කල යුතුයි.කෙනෙක් සම්බන්ධයි මේකට අනිවාර්යයෙන්ම.. (ස)
පොලිසියම ඔය තෙල් වෙන බැරල් වලට දාල විකුණගෙන අවුරුදු කයි. උසාවි යනකොට ඔය තෙල් වතුර වෙයි . (ස)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු
නියමයි පොලීසියට තව තව තොරතුරු දෙන්න (නදී)