(කාංචන කුමාර ආරියදාස )
ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර නොදුනහොත් 12 වැනි දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමග කෘෂිකර්ම අමාත්‍යංශය වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
අලුත් අවුරුද්ද සැමරීමට කනකර උකස් කිරීමට සිදුව ඇති බවත් වන්දි නොදුන්නොත් නිතිය හමුවට යන බවත් ඒ මහතා කියයි.
ප්‍රධාන සහල් නිෂ්පාදන මෝලක වස විෂ යොදා වී සහල් කල් තබාගනිමින් සිටින බවත් දේශීය හා විදේශීය සහල් කලවම් කරමින් අධික ලාභයක් ලබන බවත් එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.
රජයේ සංස්ථාවක් විසින් මේ දිනවල අලෙවි කරනු ලබන සහල් අතරද කලවම් කරන ලද සහල් ඇති බවද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වස යොදා සහල් තියන් ඉන්නවා නම් ඒ සහල් මෝල වටලන්න ඕන. නැත්නම් ඒක ගැන පොලිසියට හරි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න ඕන. ඒවා නොකර බොරුවට මිනිස්සුන්ට සංදර්ශන තියනවා.
බටහිර වෙද්දු චස්නල් කඩේ බෙර ගන්න දරන පහත වෑයමට අපේ විරෝදය. ජනතාව හැකි පමණ ලෙඩ නොවී ඉන්න බලන්න.
වන්දි ගෙවන්න කෘෂිකර්ම අමාත්‍යංශයට සල්ලි නෑ, මොකද සබිතගේ ගොඩනැගිල්ලටම කෝටි ගානක් දෙන්න ඕනනේ. ඉතින් ඒ වගේ සාධාරණ හේතුවක් තියෙද්දී ගොවියෝ මෙහෙම උද්ගෝෂණය කරන එක වැරදියි. බොරුනම් දුමින්ද දිසානායකගෙන් අහල බලන්න.