IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

 

අතීතයේ අණබෙරකරුවන් මාර්ගයෙන් සිංහල හා දෙමළ අලූත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් ගෙයින් ගෙට ගොස් බෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලූත් අවුරුදු සීට්ටුව නමින් හැදින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින්  අණඛෙරකරු සමග පැමිණිලි නැකැත් රාල ජනාධිපති  වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්වීය.

 

සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක , අමාත්‍යංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මාධව වත්තේගම, මහජන සම්බන්ධතා නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විජිත් කපුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්දුල එගොඩගේ මහත්ම මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
01(70) 02(51) 03(44)

 



අදහස් (0)

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

අනිල් Thursday, 02 April 2015 07:59 AM

හසිත් වගේ අයට මහින්ද මහත්තයා හීනෙනුත් පේනවා වගේ. සියලුදේටම එතුමාව ඇදලා ගන්නේ නැතුව අදහසක්වත් දාන්න බැරි තරමට එතුමා මේ රටට නැතුවම බැරි බවයි පෙනෙන්නේ (නි)

:       0       0

සමීර Thursday, 02 April 2015 08:14 AM

යහපාලන දින 100 මේ තරම් සාර්ථකවීමට ප්‍රධාන හේතුව කාගේ දුරදක්නා නුවණද කියලා අපි දන්නවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩගන්නා රනිල් මැතිඳුන්ට තුණුරුවන්ගේ සරණයි! (නි)

:       0       0

හසිත් Thursday, 02 April 2015 08:24 AM

අනිල්, දැන් මේ පුවත ගැන ඔබේ අදහස මොකද්ද ? ඔබත් පුවතේ නැකත් සීට්ටුව ගැන වචනයක්වත් ලියන්නේ නැතුව මෙතන ලියන අයගේ ඔත්තු බලනවා වගේ වැඩක් නේද කරන්නේ? (නි)

:       0       0

ඇසළ Thursday, 02 April 2015 08:56 AM

ඔන්න වැඩේ පිනාටත් කඩේ යන අය (සමීර) ඉන්නවා දැන්. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 09:51 PM

නැකැත් සීට්ටුව රටේ පාලකයාට පිළිගැන්වීම අපේ පුරාණ වැදගත් චාරිත්‍රයක්. හසිත, ඔයාලට හැමදේකදිම මහින්දවම මතක් වෙන්නේ මහින්ද භීතිකාව උග්‍රවෙලා නේද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 09:55 PM

ඇත්තමයි හසිත, මෙහෙන් කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. ආර්ථික වර්ධන වේගය අඩුවෙනවා. මේ ඔක්කොම මැද්දේ සමීර කියනවා එයාගේ මැතිසඳ ආර්ථිකය ගොඩගන්නවාලු? (නි)

:       0       0

හසිත් Thursday, 02 April 2015 06:27 AM

ඕක දෙන්න තිබුනේ පන්සල් ගානේ ආඩපාලි කියමින් රට වටේ යන මහින්ද මහතාට. කියන්නෙම අනේ මට මොකුත් නැහැ කියලා. අන්තිමට කියාවි මට අඩු ගානේ නැකත් සීට්ටුව වත් ලැබුනේ නැහැ කියලා. (ස)

:       0       0

පියුමි Thursday, 02 April 2015 06:50 AM

හසිත්, ඔබ හරියට හරි. (ස)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 07:01 AM

හසිත්, ගැටලුව කියන දේ අහන්න පැරදිලත් සිය-දහස් එන එකනේ. (ස)

:       0       0

මහින්ද කිතුල්ගොඩ Thursday, 02 April 2015 07:02 AM

හසිත් එයා රටවටේ යනගමන් ඔයාලටත් රට වටේ බුරුතු පිටින් යන්න පාර හදල ගියේ. ඒක අමතක කරන්න එපා.කොහොමටත් පන්සල් වලට වඩා පල්ලි කෝවිල් ඉදිරියේදී වැඩි වේවි....(ස)

:       0       0

කල්හාරි Thursday, 02 April 2015 07:18 AM

ජනවාරි අටවෙනිදායින් පසු රටේ රජතුමකු නැතයි කියලා නේද පැවසුවේ .මේ වැඩ පටන් ගත්තේ හිටපු රජතුමා තමයි . පෙර හිටපු නායකයන් කරපු නැති චාරිත්‍ර මේවා .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site