සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
අතීතයේ අණබෙරකරුවන් මාර්ගයෙන් සිංහල හා දෙමළ අලූත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් ගෙයින් ගෙට ගොස් බෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලූත් අවුරුදු සීට්ටුව නමින් හැදින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින් අණඛෙරකරු සමග පැමිණිලි නැකැත් රාල ජනාධිපති වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්වීය.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක , අමාත්‍යංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මාධව වත්තේගම, මහජන සම්බන්ධතා නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විජිත් කපුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්දුල එගොඩගේ මහත්ම මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසිත් වගේ අයට මහින්ද මහත්තයා හීනෙනුත් පේනවා වගේ. සියලුදේටම එතුමාව ඇදලා ගන්නේ නැතුව අදහසක්වත් දාන්න බැරි තරමට එතුමා මේ රටට නැතුවම බැරි බවයි පෙනෙන්නේ (නි)
යහපාලන දින 100 මේ තරම් සාර්ථකවීමට ප්‍රධාන හේතුව කාගේ දුරදක්නා නුවණද කියලා අපි දන්නවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩගන්නා රනිල් මැතිඳුන්ට තුණුරුවන්ගේ සරණයි! (නි)
අනිල්, දැන් මේ පුවත ගැන ඔබේ අදහස මොකද්ද ? ඔබත් පුවතේ නැකත් සීට්ටුව ගැන වචනයක්වත් ලියන්නේ නැතුව මෙතන ලියන අයගේ ඔත්තු බලනවා වගේ වැඩක් නේද කරන්නේ? (නි)
ඔන්න වැඩේ පිනාටත් කඩේ යන අය (සමීර) ඉන්නවා දැන්. (ස)
නැකැත් සීට්ටුව රටේ පාලකයාට පිළිගැන්වීම අපේ පුරාණ වැදගත් චාරිත්‍රයක්. හසිත, ඔයාලට හැමදේකදිම මහින්දවම මතක් වෙන්නේ මහින්ද භීතිකාව උග්‍රවෙලා නේද? (නි)
ඇත්තමයි හසිත, මෙහෙන් කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. ආර්ථික වර්ධන වේගය අඩුවෙනවා. මේ ඔක්කොම මැද්දේ සමීර කියනවා එයාගේ මැතිසඳ ආර්ථිකය ගොඩගන්නවාලු? (නි)
ඕක දෙන්න තිබුනේ පන්සල් ගානේ ආඩපාලි කියමින් රට වටේ යන මහින්ද මහතාට. කියන්නෙම අනේ මට මොකුත් නැහැ කියලා. අන්තිමට කියාවි මට අඩු ගානේ නැකත් සීට්ටුව වත් ලැබුනේ නැහැ කියලා. (ස)
හසිත්, ඔබ හරියට හරි. (ස)
හසිත්, ගැටලුව කියන දේ අහන්න පැරදිලත් සිය-දහස් එන එකනේ. (ස)
හසිත් එයා රටවටේ යනගමන් ඔයාලටත් රට වටේ බුරුතු පිටින් යන්න පාර හදල ගියේ. ඒක අමතක කරන්න එපා.කොහොමටත් පන්සල් වලට වඩා පල්ලි කෝවිල් ඉදිරියේදී වැඩි වේවි....(ස)
ජනවාරි අටවෙනිදායින් පසු රටේ රජතුමකු නැතයි කියලා නේද පැවසුවේ .මේ වැඩ පටන් ගත්තේ හිටපු රජතුමා තමයි . පෙර හිටපු නායකයන් කරපු නැති චාරිත්‍ර මේවා .(ම)