බම්බලපිටිය මුහුදේදී 2009 වසරේදී මානසික රෝගී තරුණයකු මුහුදී ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් වසර තුන හමාරක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටී.
තමාට ඇප ගැනීම සඳහා වත්කමක් නැති බව පතිරගේ රාජා නම් මේ සැකකරු විවෘත උසාවියේදී ප්‍රකාශ කළේය.
නීති ආධාර කොමිසමෙන් උදව් ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වූ බව ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් වහාම නීතිපති උපදෙස් පතන බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත් ගිහාන් මිලපිටිය මහතාට ප්‍රකාශ කළේය.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ පොලිස් කොස්තාපල් දිමුතු සොම්නස් වැලිකඩ ගෙදරදී මරුමුවට පත්විය. දෙවැනි සැකකාර විරේන්ද්‍ර වීරවර්ධන ඇප මත සිටී.
ලොතරැයි වෙළෙන්දකු වන එම් එස් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබීය.
පතිරගේ රාජා පැවසුවේ දියේ ගිලුණු පුද්ගලයා බේරා ගැනීමට පැමිණි තමන් අහිංසකයකු බවත්. ලබන හතර වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මතකයි ඔය සිද්දිය (දී)
ලංකාවේ හැටි එහෙම තමයි . උදව් කරන්න ගිහින් වසර 3,1/2 හිරේ ඉදන් කාපු පරිප්පුවම මදැයි (ස)
මෙයා කියන්නේ ඇත්තම නම් ලොකු අසාධාරණයක් අපරාධයක්. (ස)
කොහොමත් දැන් දඩුවම් ලැබෙන්නේ අහිංසකයන්ට විතරයිනේ (ස)
හරියටම හරි රුවන්, මට ඒ දර්ශනය මතකයි තවම. (නි)
මේ කවුරු ගැනද කියන්නේ විද්‍යා නාමසේන ? කවුද කොටියා ? කවුද වීරයා (ස)
ප්‍රතිචාර දක්වපු කිසිම කෙනෙකුට මතක නැතුව ඇති රූපවාහිනියෙන් මේ සියළු දර්ශන පෙන්නුවා. මුහුදෙදි පොලුවලින් ගැහුවේ මිය ගිය පුද්ගලයා බේරාගන්න අදහසින්ද?(නදී)
කොහේ හිටියත් කල කම් පල දෙනවා.(දී)
එතනෝල් ආනනය කරලා අහුවුණාම ඇප දෙන්න ඕනතරම් අය ඉන්නවා (ස)
නඩුව අහන්නෙ නැතිව මෙච්චර කල් හිටපු එක කොහොමටත් අසාධාරණයක්! රිමාන්ඩ් එකේ අවුරුදු තුන හමාරක් කියන්නෙ නඩුත් නැතිව දඬුවම් ලැබුනා හා සමානයි. මේ වැනි සිද්ධීන් ගැන බළධරයන් නොපමාව සොයාබැලිය යුතුයි. (ස)
නීතිය කොහේ ගිහින්ද ? (ස)
මග මැරෙන්න ගිය කෙනාව මිනිස්සු රෝහලකටවත් ගිනියන්න උදව් වෙන්නේ නැත්තේ මේ වගේ පරිප්පු කන්න වෙන නිසා තමයි. මිනිසුන්ගේ සාරධර්ම පිරිහෙන්නේ පවතින නීතිමය රාමුවත් එය ක්‍රියාවට නන්වන අයත් වගකිව යුතුයි.(නදී)
උසාවියෙන් නොව ස්වභාව ධර්මයෙන් පළමුවන සැකකරුට දඬුවම් ලැබී ඇත .මොහුටත් එසේම වේවි .(නදී)
මෙතුමා ජාතික වීරයෙක්. වහාම නිදහස් කරන්න (ස)