රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ලෙල්ලෝපිටිය හන්දිය අසලදී බවුසරයක් හා වෑන් රියක් ගැටී වෑන් රියේ ගිය පිරිමියකු  (50) මියගොස් නව දෙනෙක් තුවාල ලදහ.

ඔවුන් කඩවත හා කිරිල්ලවල සිට අවමඟුලකට යමින් සිටි බව පොලීසිය කියයි.