දඹුල්ල පැල්වෙහෙරදී මළගෙදරක ගොස් එමින් සිටි මිතුරන් පිරිසක් රැගත් ත්‍රී රෝද රියක් හා බස් රථයක් ගැටී ත්‍රී රෝද රියේ සිටි අයකු මියගොස් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පැල්වෙහෙර පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක් අනතුරින් මිය ගොස් ඇති අතර ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා වෙනත් මාර්ගයකට හැරවීමේදී දඹුල්ල දෙසින් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලද දෙදෙනකු මහනුවර රෝහලට මාරුකර ඇති අතර එක් අයකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු යළි සිදු නොවේවා.(හේ)
මියගිය එක්දරු පියාට නිවන් සුවය හා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පමණකි පතන්නේ.(හේ)
එක මළගෙයක් අවසන්වෙද්දි තවත් මළගෙයක් (නි)