ගලහ පොලිසියේ පිරිසක් ගමන් කළ වාහනය උඩුදුම්බර සේනාපිටියේ දී අද අළුයම ටිපරයක ගැටී පොලිසියේ දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පොලිසියේ පිරිස අවමගුලකට සහභාගී වී යළි ආපසු එමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත.