තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය සති කිහිපයක වෙෙහෙසකර උත්සාහයකින් දිනා ගත නොහැකි වූ තැන ජනපති සිරිසේන ඔහුට ඉතිරිව තිබූ හොදම විකල්පය කි‍්‍රයාත්මක කළේය.ඔහු පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය.තමන්ගේ පක්ෂයෙන්ම කොන්වී යෑමෙන් ගැලවී ගැනීමටත්,සුලූතර බලයක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂයේ අප‍්‍රසාදයෙන් මිදීමටත්,අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් එල්ල වන පීඩනයට සාර්ථකව මුහුණදීමට දැන් ජනපතිවරයාට හැකියාව ඇත.

සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින යොදා තිබෙනුයේ අගෝස්තු 17 වැනිදාය.එදින සඳුදා දිනයකි.නාමයෝජනා භාර දීම සදහා ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය ලබාදී ඇත.නව පාර්ලිමෙන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස පළමුවැනිදාය.නව රජයේ පළමු වගකීම යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගොනුව ඇති පරීක්ෂණ වාර්තාව පිළිඹද සැළකිලිමත්වීම වනු ඇත.එම පරීක්ෂණ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය පැවැත්වෙන සැප්තැම්බර් මස 14 සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා කාලයේ විභාගයට ගැනීමට නියමිතය.මෙම පරීක්ෂණ වාර්තාවේ පිටපතක් කල් ඇතිවම ජනපතිවරයා අතට ලැබීමට යන බවද පැවසේ.කෙසේනමුත් පසුගිය සමයේ අන්තර්ජාතික ප‍්‍රජාවට පොරොන්දුවූ පරිද්දෙන් චෝදනා නැගී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් දේශීය මට්ටමෙන් පරීක්ෂණයක් දියත් කිරීමට සකස් කරන බව කියූ යාන්ත‍්‍රණය තවමත් සකස් කර නොමැත.

පාර්ලිමේන්තුව විසිරුවීම යනු ගෙවුනු සති කිහිපයේ තිරය පසුපස කි‍්‍රයාත්මක වුනු වැඩපිළිවෙල කිහිපයක අවසන් ප‍්‍රතිඵලය ලෙස සැළකිය හැකිය.පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට සහතික කර තම අත්සන එම ලියැවිල්ල මත තැබීමට පැය 24 කට මත්තෙන් ජනපති සිරිසේන තම පක්ෂය එක්සත් කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් කැදවා උත්සාහයක් දැරූ අතර එයද සාර්ථක නොවුණි. පෙර අවස්ථාවේදී මෙන් නොව මෙවර හමුව පැවැත්වුනේ අතිශයින් රහසිගතවය. දෙපාර්ශවයම එවැනි හමුවක් පැවැත්වුනේ නැති බව කියතත් ගින්නක් නොමැතිව දුමක් නොනගින බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

ජනපතිවරයා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම එක්සත් ජාතික පක්ෂයේ ගැලවීමටද හේතුවක් වී තිබේ.අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සිටි විශ්වාසභංගයන් දැන් වැඩකට නැත.මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව කෝප් කමිටුව ඉදිරිපත් කරන්නට නියමිතව තිබූ වාර්තාවද දැන් ඵලකට නැත.කෝප් කමිටු සභාපති ඞී.ඊ.ඩබ්ලියු ගුණසේකර එම වාර්තාව සිකුරාදා දිනයේ සභාගත කිරීමට සිටියද කමිටුවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ විරෝධය නිසා වාර්තාව ඉදිරිපත් කිරීම සදුදා ජූනි මස 29 වැනිදා දක්වා කල් දැමිීමට තීරණය වුණි.

එම සාමාජිකයින් නැගූ චෝදනාව වූයේ මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට ප‍්‍රථමයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා අජිත් නෙවාඞ් කබ්රාල් මහතාගේ කටයුතු සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකළ යුතුව තිබෙන බවයි.අනතුරුව පරීක්ෂණ වාර්තා දෙක එකින් එක සන්සන්දනය කළ යුතුව තිබෙන බවද ඔවුහු පවසා සිටියහ.මෙම වාර්තාව පිළියෙල කිරීමට දායකත්ව ලබා දී තිබෙන්නේ හිටපු රජයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකු යැයිද ඔවුහු චෝදනා කළහ.වාර්තා වන ආකාරයට පරීක්ෂණ වාර්තාව සභාගත කෙරුණේ නම් එයින් අගමැතිවරයාගේ හා මහ බැංකු අධිපතිවරයාගේ නාමයන්ට මහත් කැළලක් එක්වන්නට තිබුණු බව සඳහන්ය.නමුත් පාර්ලිමෙන්තුව විසිරුවීමත් සමග කෝප් කමිටුවේ පැවැත්මද අහෝසිවීම නිසා එක්සත් ජාතික පක්ෂය එම කඩුල්ලෙන්ද සාර්ථකව පැනගැනීමට සමත්විය.

පුදුමයට කරුණ වන්නේ ජනපතිවරයාගේ ළඟම උපදේශකයින් හා දේශපාලන හිතවතුන් පවා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයා ගෙන තිබූ තීරණය ගැන නොදැන සිටීමය.ඉන් එක් පුද්ගලයෙකු වන්නේ අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතාය.ඔහු පාර්ලිමෙන්තුව විසිරුවා හැර ඇති බව දැනගත්තේ ශී‍්‍රලංකාවේ ඉන්දියා මහකොමසාරිස් වයි.කුමාර් සිංහ මහතාගෙන්ය.එම අවස්ථාවේ ඔවුන් දෙදෙන සිටියේ රණවක අමාත්‍යවරයාගේ ආරාධනයෙන් මෙරට බලශක්ති හමුවකට සහභාගීවීමට පැමිණ සිටි ඉන්දියාවේ හිටපු ජනපති අබ්දුල්කලාම් සමග දිවා ආහාර වේලක් රසවිදිමිනි.ජනපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව අමාත්‍යවරයා පසු අවස්ථාවක ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් සමග පවසා තිබුණි.මෙම තීරණය ගැන නොදැන සිටි තවත් පුද්ගලයෙකු වූයේ කැබිනට් ප‍්‍රකාශක ලෙස ආන්දෝලනාත්මක චරිතයකට පණපොවමින් සිටි අමාත්‍ය රාජිත සේනාරත්නය.පාර්ලිමෙන්තුව විසිරුවීමට දිනකට පෙර,එනම් බ‍්‍රහස්පතින්දා දිනයේ ඔහු මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ 20ඒ සම්මත කරගැනීමකින් තොරව පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන්නේ නැතිය කියාය.ඔහුට කවරෙකු හෝ සාවද්‍ය තොරතුරක් ලබාදුන්නා වන්නට පිළිවන.නැතහොත් පසුගිය සමයේ තමන්ට සිතැගි පරිදි ප‍්‍රකාශයන් නිකුත් කළා හා සමානව මෙම ප‍්‍රකාශයද සිදුකරන්නට ඇතුවා විය හැකිය.කුමක් සිදුවූවද වැදගත් කරුණ වන්නේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම ගැන තමන්ගේ තීරණය තමන්ගේ ළගම හිතවතුන් වන මේ දෙදෙනාගෙන්ම වසන් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබීමය.

ගෙවුණු බදාදා දිනයේ ජනපතිවරයා හමුවූ රාජ්‍යතාන්ති‍්‍රකයින් පිරිසක් පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනපතිවරණ සමයේ දුන් පොරොන්දු ඉතාම සුහදශීලීව සිහිකැදවීය.ඔවුන්ට පිළිතුරු දුන් ජනපතිවරයා සති අන්තය වන විට තමන් පාර්ලිමෙන්තුව විසිරුවා හරින බව කීය.ජනපතිවරයා මේ පවසන්නේ කුමන සතිඅන්තය ගැනදැයි නිනව් නොමැතිව එම රාජ්‍යතාන්ති‍්‍රකයින් පිරිස ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කරගත්තද ජනපතිවරයා ඒ වන විටත් ගෙවුනු සතිඅන්තය වන විට පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නේයැයි රාජ්‍යතාන්ති‍්‍රක පණිවුඩහුවමාරු ක‍්‍රම භාවිතයෙන් ඇමරිකාව දැනුම්වත් කර තිබුණු බව ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වලින් පැවසුනි.නව රජය බලයට පත්වීමත් සමය ඇතිකරගත් අන්තර්ජාතික සබඳතා වල ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකාව වඩා මිතුරු ලීලාවෙන් ශී‍්‍රලංකාව හා ගනුදෙනු කිරීමේ යෙදුනු අතර මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍රලංකාවට අන්තර්ජාතික වශයෙන් කළු පැල්ලම් එක් කිරීමට අවස්ථාව තිබූ යෝජනා කිහිපයක්ම ඇමරිකාව තම හිතවත් රටවල සහය ඇතිව ප‍්‍රතික්ෂේප කරවීමට සමත්විය.මාර්තු මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාව සැප්තැම්බර් මාසය දක්වා කල්ගියේද ඇමරිකාවේ බලපෑම නිසාය.අපේ‍්‍රල් මාසයේදී දිවයිනට පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජොන් කෙරී හා පැවැත්වුනු හමුවේදී ඇමරිකාවට දුන් පොරොන්දු පිළිඹද රාජ්‍ය ලේකම්වරයා විමසූ විට පොරොන්දුවූ පරිදිම සැප්තැම්බර් මාසයේදී නව රජයක් පිහිටුවන බව ජනපති සිරිසේන සඳහන් කළේය.එදා දුන් පොරොන්දුව අද එලෙසම ඉටුකළ බව කියා සිටීමට ජනපතිවරයාට දැන් හැකිය.

තිරය පසුපස මෙහෙයුම

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර සිටම ඊට පෙර සැළකිල්ලට ගත යුතු අනෙක් කරුණු ගැන ජනපතිවරයා විමසිලිමත්ව කටයුතු කරන ආකාරය පසුගිය සති කිහිපය පුරාවට හොදින් දැකගත හැකිවිය.ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා හමුවී අදහස් හුවමාරු කරගත්තේය.විභාග කොමසාරිස් ඩබ්ලියු.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා හමුවී අගොස්තු මස පැවැත්වෙන අපොස උසස්පෙළ විභාගයේ විභාග දින සංශෝධනය කිරීමේ කටයුතු පිළිඹද සොයාබැලූවේය.විභාගය අගෝස්තු මස 4 වැනිදා ආරම්භ වී 28 වැනිදා වන විට අවසාන වීමට තිබුණද සංශෝධනයන්ට අනුව විභාගයේ එක් කොටසක් අගෝස්තු මස 4 වැනිදා සිට 13 වැනිදා දක්වාත්,අනෙක් කොටස අගෝස්තු මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන හා ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසැල් යොදාගැනීමට අපේක්ෂිත හෙයින් අවම දින 5 ක කාලයක්වත් පාසැල් වසා තැබිය යුතුයැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතාගේ නිර්දේශය වී තිබේ.ඒ අනුව අගෝස්තු මස 15 වැනිදාට පෙර දින කිහිපයකුත්,15 වැනිදාට පසු දින කිහිපයකුත් ලෙස එම දිනයන් වෙන්කරගැනීමට සැළසුම් කර ඇත.ජනපතිවරයාට සමිීප ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැන සිට ඇත.පසුගිය බදාදා දිනයේ පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල හමුවේදීද ජනපතිවරයා මේ සම්බන්ධයෙන් ඉගි පළකළ අතර වෙනත් න්‍යායපත‍්‍රයක් සංවාදයට ගැනීමට අමාත්‍යවරුන් සැරසෙද්දී  පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බැවින් එම න්‍යායපත‍්‍රයේ සදහන් යෝජනා ගැන දැන් සැළකිලිමත්වීම අවශ්‍ය නොවන බව ජනපතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කල්තියාම තම පක්ෂයේ ප‍්‍රධාන කමිටුවට නව දේශපාලන ප‍්‍රවණතා ගැන සංවේදීව සිටින්නැයි උපදෙස්දී තිබිණ.ඔහුගේ නායකත්වය යටතේ නාමයෝජනා මණ්ඩලයක් හා ප‍්‍රචාරක කමිටුවක් පත්කිරීමටද නියමිත අතර එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය වන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය ආදී තම ප‍්‍රතිවාදී පක්ෂ වල මේ දිනවල ඇතිව තිබෙන ගැටුම්වල වාසිය තමන් සතුවන හෙයින් පහසු ජයග‍්‍රහණයක් අත්කර ගත හැකියැයි යන්නය.නමුත් ගෙවුනු දින කිහිපයේ හිටපු ජනපතිවරයා වටා ජනතාව වැඩිවැඩියෙන් එක්රැුස් වනු දැකගත හැකිවූ අතර එනිසාවෙන්ම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ජයග‍්‍රහණය පක්ෂය සිතන තරම් ලෙහෙසියෙන් අත්කරගත හැකි ලකුණු පෙනෙන්නට නැත.දෛවයේ සරදමක් මෙන්දෝ එක්සත් ජාතික පක්ෂයේ විශ්වසනීයත්වය සේදීයෑමට ගත්තේ පැවති ජනපතිවරණයෙන් ජයගෙන වසර ගණනාවකට පසු බලය අත්පත් කරගැනීමත් සමගය.මහබැංකු බැදුම්කර සිදුවීම,ඉහළ ගොස් තිබෙන ජීවන වියදම,කඩාවැටෙමින් තිබෙන ආර්ථිකය,රජයේ මැති ඇමතිවරුන්ට එරෙහිව නැගෙන වංචා හා දුූෂණ චෝදනා ආදී මේ සියල්ලට මැතිවරණ වේදිකාවේදී පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.විරුද්ධ පක්ෂ වලින්ද ඔවුන්ට ගැලවීමක් නොතිබෙනු ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ වංචා හා දූෂණ කටයුතු හෙළිකිරීම ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත‍්‍රයේ ඉහළින්ම තිබෙන්නකි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියාට මැතිවරණයට සාර්ථකව මුහුණදීමට නම් විසදා ගතයුතුව තිබෙන ගැටලූ රැුසක්ම තිබෙන බව සත්‍යයකි.ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එක් පක්ෂයක් ලෙස හෝ නැතිනම් සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉන් ඉවත්වී දෙකට බෙදී හෝ මැතිවරණය ඉදිරිපත්වන්නේද යන්න තවමත් පැහැදිලි නැත.එක්සත් ජනතා නිදහස් සන්ධානය නොසළකා හැර තමන්ගේම නාමයෝජනා ඉදිරිපත් කිරීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමට යන අයුරක් දැනට හªනාගත හැකිය.මෙලෙස ඇතිවන බෙදීමක් එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වනු සැක නැත.ජනපති සිරිසේන හිටපු ජනපති රාජපක්ෂ සමග සහතිකයෙන්ම එකඟතාවයක් ඇතිකර නොගනු ඇතැයි විශ්වාසයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සිටී.කෙසේනමුත් පසුගියදා රහසිගතව පැවති හමුවේදී ජනපති සිරිසේන ඔහු කිසිලෙසකින්වත් පක්ෂය දෙකඩ වීමට ඉඩනොතබන බව හිටපු ජනපති රාජපක්ෂ හමුවේ කියා ඇති බව සඳහන්ය.ඔහු එය අවස්ථාවේ හැටියට සඳහන් කළාද නැතිනම් එහි වෙනත් අරුතක් තිබුණාද යන්න දන්නේ ඔහුම පමණි.

සිරිසේන - රාජපක්ෂ නැවත වරක් හමුවීමට පසුබිම සකස් කළේ ජනපති නියමයෙන් පත්වුනු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ 6 දෙනාගේ කමිටුවයි.පක්ෂය එක්සත් කිරීම ඔවුන්ට පැවරුනු රාජකාරිය විය.කමිටු සාමාජිකයින් රාජපක්ෂව මැතිවරණයට සකි‍්‍රීයව හවුල් කරගත යුතුයැයි ජනපති සිරිසේනට නැවත නැවතත් කියා සිටියද ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළ ජනපතිවරයා පැවසූයේ අවශ්‍ය නම් සම්භාවනීය තනතුරක් ඔහු වෙනුවෙන් ලබාදිය හැකිබවයි.මේ සම්බන්ධයෙන් රාජපක්ෂව දැනුම්වත් කළ අවස්ථාවේ ඔහු මෙය තමන්ව ජනතාව අතරින් දුරස් කිරීමට ගන්නා උත්සාහයක් යැයි හªන්වාදී එම තනතුර එකහෙළාම ප‍්‍රතික්ෂේප කරන බව කමිටු සාමාජිකයින් හමුවේ පවසා ඇත.රාජපක්ෂගේ ප‍්‍රතිචාරය ජනපතිවරයාට දැනුම්දීමේ වගකීම පැවරුනේ කමිටු ප‍්‍රධානී ජොන් සෙනෙවිරත්නටය.ඔහු දිගින් දිගටම ජනපති සිරිසේන හා සම්බන්ධතා පැවැත්වීය.සිරිසේන - රාජපක්ෂ හමුවකට පසුබිම සැකසෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

බ‍්‍රහස්පතින්දා රැුයේ පැවැත්වුනු හමුවට පෙර බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සංවිධානය කර තිබූ තවත් හමුවකට සහභාගීවීමට හිටපු ජනපතිවරයාට සිදුවිය.අමාත්‍යවරයා මෙම හමුව සංවිධානය කර තිබුණේ ගී‍්‍රන් පාත්හි පිහිටි ඔහුගේ නිවසේදීය.මුලින් වෝටර්ස් එජ් හි ශාලාවක් වෙන්කරවාගැනීමට සැළසුම් කර තිබුණද හමුවට රාජපක්ෂ සහභාගීවන බව දැනගැනීමත් සමග එහි පරිපාලකයෝ ශාලාව වෙන්කර දීම ප‍්‍රතික්ෂේප කර තිබේ.රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ ප‍්‍රතිවාදීන්ට මුහුණදීමට සිදුවූයේත් මෙවැනි සිදුවීම් වලට බව ඔබට මතක ඇතුවාට සැක නැත.ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රජයේ ඇමතිතනතුරු ලබාගත් මන්තී‍්‍රවරුන්ට හැර අනෙක් සියලූදෙනාට හමුවට සහභාගීවන්නැයි ආරාධනා කර තිබූ අතර ඒ අනුව මන්තී‍්‍රවරු 87 දෙනෙක් පමණ හමුවට සහභාගීව සිටියහ.සියලූදෙනා අමතමින් හිටපු ජනපතිවරයා ඉතාම කෙටියෙන් කතාවක් පැවැත්වූ අතර ජය පරාජය එකසේ දරාගැනීම තමන්ට හොඳින් පුරුදු දෙයක් යැයි කියාසිටියේය.වත්මන් ජනපතිවරයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඉල්ලූ විට තමන් නොපැකිලවම එය ලබාදුන් බවත් නමුත් දැන් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බූදලයක් බවට පත්ව තිබෙන බවත් ඔහු කිවේය.තමන් කිසිදා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හැර නොයන බව කී ඔහු තරුණ නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් මෙයින් ආදර්ශයක් ගතයුතුව තිබෙන බවද පැවසීය.රාතී‍්‍ර 10 ආසන්න වන විට විශේෂ හමුවකට සහභාගීවීමට තමන්ට සිදුව ඇතැයි පවසා සියල්ලන්ගෙන් අවසර ඉල්ලා සිටි ඔහු ජෝන් සෙනෙවිරත්න සමග පිටත්ව ගියේය.

සිරිසේන - රාජපක්ෂ - රහසිගත හමුව සම්බන්ධයෙන් පළවූ වාර්තා

සිරිසේන - රාජපක්ෂ හමුවක් කතානායක නිල නිවසේදී පැවැත්වී ඇති බවට සිකුරාදා උදැෑසන පළව තිබූ මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන් විය.මෙයට ප‍්‍රතිචාර දක්වමින් ජනපති සිරිසේනගේ හා හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශ ඉතාම සැළකිල්ලෙන් වදන් ගලපා ඇති බවක් පෙනුනු මාධ්‍ය වාර්තා දෙකක් ප‍්‍රසිද්ධියට පත්කළ අතර ඒවායේ සඳහන් වූයේ බොහෝ දෙනෙක් පවසන ආකාරයට කතානායක නිල නිවසේදී වත්මන් ජනපතිවරයා හා හිටපු ජනපතවරයා අතර හමුවක් නොපැවති බවය.මෙම වාර්තා දෙකෙහි වචන කිහිපයක් හැරෙන්නට අනෙක් සියලූ අන්තර්ගතය ඉතාම සමාන බව පෙනුනි.ඊටත් අමතරව වැදගත් කාරණය වූයේ කතානායක නිල නිවසේ හමුව නොපැවති බව වාර්තා දෙකෙන්ම ඉස්මතු කර තිබීමය.එයින් කියවෙන්නේ හමුව කිසිසේත්ම නොපැවති බවද? නැතිනම් කතානායක නිල නිවසේ නොව වෙනත් තැනක හමුව පැවති බවද? යන්න මෙම වාර්තාවන් අධ්‍යනය කිරීමෙන් පැහැදිලි කරගත නොහැකි විය.සන්ඬේ ටයිමස් වෙත ලැබී තිබෙන තොරතුරු වලට අනුව මෙම හමුව පැවැත්වී තිබෙන්නේ විජේරාම මාවතේ පිිහිටි ජනපති නිල නිවසේදීය.මෙම නිවස හිටපු ජනපතිවරයාට ලබාදීමේ සූදානමක් පවතින බවද සඳහන් අතර ජනපති සිරිසේන ඒ වෙනුවට සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල අසල පිහිටි හිටපු කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල භාවිතයට ගත් නිල නිවසට යන බව පැවසේ.එම නිවස මේ වන විට තිබෙන්නේ නවීකරණය කෙරෙමිනි.දෙදෙන හමුනොවූ බව දෙපාර්ශවයම නිවේදනය කිරීමත්,එම නිවේදනය සදහා එකම අයුරින් ලියැවුනු මාධ්‍ය වාර්තාවක් යොදාගැනීමත් අඩුම තරමේ හමුව ගැන පළව තිබූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්වත් දෙපාර්ශවය අතර යම්තාක් දුරට හෝ එකඟතාවයක් ඇතිව තිබෙන බව පෙන්වා දෙන්නකි.නමුත් දෙදෙනම ඔවුනොවුන් හමුනොවුනු බව කියා සිටීමට මෙතරම් උත්සාහයක් ගත්තේ ඇයිදැයි යන්න ගැටලූවකි.

දෙදෙන අතර සාකච්ඡුාව පැයක පමණ කාලයක් පැවැත්වුනි.රාතිී‍්‍ර 11.30 ට පමණ ජොන් සෙනෙවිරත්න සමගම ජනපති නිල නිවසින් නික්ම රාජපක්ෂ නැවත වරක් පැමිණියේ ප‍්‍රසන්න රණතුංගගේ නිවසටය.එහිදී හිතවත්ම මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සමග රහසේ අදහස් හුවමාරුකරගත් ඔහු ජනපති සිරිසේන හමුවූ බව පැවසීය.නමුත් ඔවුන් නැගූ ප‍්‍රශ්න වලට රාජපක්ෂ පිළිතුරු දුන්නේ වටින් ගොඩිනි.හමුව කැදවූයේ ජනපතිවරයා බවත් ඔහු පැමිණෙන තෙක් තමන් අසුන්ගෙන සිටි බවත් ඔහු පැමිණි පසු තමන් සිටගෙන ඔහුට ආචාර කළ බවත් රාජපක්ෂ පැවසීය.අනතුරුව පාර්ලිමෙන්තු මැතිවරණයට තරග කිරීමට අදහසක් ඇත්දැයි ජනපතිවරයා විමසා සිටි බවත් මුලින් අදහසක් නොතිබුණත් දැන් නම් නියත වශයෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේයැයි තමන් ඔහුට කී බවත් රාජපක්ෂ සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ පහරට ලක්වීමේ ප‍්‍රවණතාවත් එවිට ඇතිවන බව පෙන්වාදුන් ජනපතිවරයාට, තමන්ට එවැනි පහරවල් දැන් ගණනකට නැති තත්ත්වයකට පත්ව තිබෙන්නේයැයි පිළිතුරු දුන් බව රාජපක්ෂ කීවේය.අමතරව පක්ෂයෙන් අගමැති තනතුරට තමන්ව යෝජනා කිරීම පසුපස පැවති සාකච්ඡුා පිිළිඹදවද ජනපතිවරයා තමාගෙන් කරුණු විමසා සිටි බවද හිටපු ජනපතිවරයා තම හිතවතුන් හමුවේ කියා සිටියේය.

නුගේගොඩ රැළිය සම්බන්ධයෙන්,ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණීම සම්බන්ධයෙන් ආදිය ගැනද ජනපතිවරයා රාපක්ෂගෙන් කරුණු විමසා තිබේ.ඒවාට පිළිතුරු දෙන අතරේ තමන් අගමැති තනතුරට සුදුසු නොවන බව සිතන්නේ තමන්ව වික‍්‍රමසිංහ හා සන්සන්දනය කිරීමෙන් ඇතිකරගන්නා අදහස් වලට අනුවදැයි රාජපක්ෂ ජනපතිවරයාගෙන් පැනයක් නගා ඇත.එයට ජනපතිවරයාගෙන් පිළිතුරක් ලැබීමට ප‍්‍රථමයෙන් අදහස් දක්වා ඇති රාජපක්ෂ තමන් විවිධ අවස්ථාවල කෝපයෙන් අදහස් පළකළත් ඒ කිසිදු දෙයක් සිතේ රදවා තබාගන්නේ නැති බව කියා තිබේ.හමුව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත හා අදහස් හුවමාරු කරගැනීමට තමන්ට අවැසි බව ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.මෙම සංවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් රාජපක්ෂට වෙන්වෙන්නට යන අයුරක් යන්නතමට පෙනේ.පිටත්ව යෑමට ප‍්‍රථමයෙන් පක්ෂයේ කිසිදු බෙදීමක් ඇතිවීමට ඉඩ නොදෙන්නේයැයි පවසා සිටි ජනපතිවරයා පාර්ලිමෙන්තුවද ඉක්මනින්ම විසිරුවා හැරීමේ අදහසක්ද ඇතැයි තමන්ට කියූ බවද රාජපක්ෂ තම හිතවතුන් හමුවේ පවසා තිබේ.දෙදෙන අතර එකඟතාවක් ඇතිවන්නට යන ලකුණු පෙනෙන්නට ඇතත් කරුණු විමසීමට යාමේදී දෙපාර්ශවයම මුනිවත රකින පිළිවෙතක් අනුගමනය කරන නිසා ඒ සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට එළැඹිීමට නොහැකිය.

සිකුරාදා උදැෑසනම ජනපති සිරිසේන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ තම හිතවත්ම සාමාජිකයින් කිහිපදෙනෙකු හා විශේෂ හමුවක් පැවැත්වීය.මෙම සාමාජිකයින් අතර රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙක්ද සිටියේය.රාජපක්ෂ හා තමන් අතර හමුවක් පැවති බව එහිදී ඔවුන් හමුවේ පවසා සිටි ජනපතිවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් වළකින ලෙසත් එසේ සිදුවුවහොත් එසේ හමුවක් පැවැත්වුනේ නැතැයි පෞද්ගලිකවම තමන්ට මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවනු ඇති බවත් කීවේය.හමුව පැවැත්වෙන අතරතුරදී පක්ෂයේ අගමැති අපේක්ෂක වීමේ හැකියාවක් ඇත්දැයි රාජපක්ෂ විමසා සිටි අවස්ථාවේ තමන් එය ප‍්‍රතික්ෂේප කළේ යැයිද ජනපතිවරයා පැවසීය.පාර්ලිමෙන්තුව මෙම සතිඅන්තයේදී විසිරුවා හැරීමට තීරණය කර ඇති හෙයින් ඒ සදහා සූදානම් වන්නැයිද ජනපතිවරයා දැනුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ යාන්ත‍්‍රණය සකස් කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමද මෙහිදී සිදුවිය.සරත් අමුණුගම,එස්.බී දිසානායක,මහින්ද අමරවීර ආදීහු එහි සාමාජිකයෝ ලෙස පත් කරගැණින.

හිටපු අමාත්‍යවරුන්ට ප‍්‍රවාහන පහසුකම්

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුලූ පක්ෂ රැුසක් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ලෙස පත්කරවීමට ඇපකැපවී කටයුතු කළේය.ඔවුන් ඉදිරිපත් කළ ජනාධිපතිවරණ යෝජනාවලියේ ඉහළින්ම සදහන්වූයේ වංචා හා දුූෂණ සම්පූර්ණයෙන්ම මර්දනය කෙරෙන,වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවෙන් යාන්ත‍්‍රණයක් සකස් කරන බවය.ජනතාව ඔවුන් විශ්වාස කළේත් මේ කරුණ නිසාවෙන්මය.දින සියයක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමේ පොරොන්දුව ඇතිව බලයට පත්වූ නව රජය දිනාගත් දෙයක් වේ නම් ඒ යම් වෙනස්කම් ඇතිව හෝ 19ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමය.ඒ හැරෙන්නට රජය කළ කිසිවක් නැති ගානය.දින සියයද ඉක්මවා තවත් දින 69 ක්ම බලයේ සිටියද චෝදනා නැගී තිබුනු එකදු පුද්ගලයෙකුට හෝ එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් දියත් කරවීමට රජය අපොහොසත් විය.ඇතැම් අවස්ථාවන්හිීදිී එම පරීක්ෂණ කටයුතු ප‍්‍රමාද කෙරෙන්නේ රජයේම ඇතැම් බලවතුන්ගේ වුවමනාව නිසා යැයි පැවසුනි.

 

දින සියයේ යෝජනාවලියේ වැඩි සැළකිල්ලකට ලක්නොවුනු යෝජනාවක් වූයේ හිටපු රජයේ අමාත්‍යවරුන්ට,නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා මන්තී‍්‍රවරුන්ට ඔවුන්ට ලබාදී තිබූ නිල ප‍්‍රවාහන සේවාවන් දිගින් දිගටම භාවිතා කිරීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාවයි.2015 පෙබරවාරි මස 5 වැනිදා ජනපති ලේකම් පී.බී.අබේකෝන් මෙම යෝජනාව කි‍්‍රයාත්මක කරවන්නැයි සියලූ අමාත්‍යංශ ලේකම්වරුන්ද දැනුම්දීමක් සිදුකළේය.එම දැනුම්දීමේ සදහන්වූයේ මෙවැන්නකි.

 

හිටපු රජයේ අමාත්‍යවරුන්ට,නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා මන්තී‍්‍රවරුන්ට නිල ප‍්‍රවාහන සේවා සැපයීම.

 

රජයේ දින සියයේ වැඩපිළිවෙලේ එක් අංගයක් වන්නේ අධීක්ෂණ කමිටු පිහිටුවීමය.මෙම කමිටු පක්ෂ විපක්ෂ සියලූ සාමාජිකයින්ගෙන් නියෝජනය වනු දැකීම ජනපතිවරයාගේ අපේක්ෂාවයි.එනිසා මෙම කමිටු කටයුතු වලට සහභාගීවීමේ පහසුව වෙනුවෙන් පහත නම් සඳහන් ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් සදහා නිල වාහන වෙන්කිරීම 2015 ජනවාරි මස 28 වැනිදා පැවැත්වුනු කැබිනට් මණ්ඩල හමුවේදී ගත් තීරණයක් අනුව මෙසේ සිදුවේ.

 

1.හිටපු රජයේ ඇමති,නියෝජ්‍ය ඇමතිවරුන්ට හා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට නිල ප‍්‍රවාහන පහසුකම් සැපයෙනු ඇත.අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූවෙකුට නිල වාහන දෙකක් සැපයෙන අතර මන්තී‍්‍රවරයෙකුට නිල වාහන එකක් සැපයෙනු ඇත.දැනට කිසියම් මන්තී‍්‍රවරයෙකුට හෝ හිටපු ඇමති හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකුට හෝ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ වාහනයක් හිමිව ඇත්නම් එය මෙම වැඩසටහන යටතේ ලබාදුන් වාහනයක් ලෙස සැළකේ.

 

2.හිටපු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය වරුන් භාවිතා කරන මෙවන් වාහන වලට ඉන්ධන හා රියැදුරන් සැපයීම සිදුවනු ඇත්තේ පසුගිය රජය සමයේ ඔවුන් හෙබවූ අමාත්‍යංශ වලිනි.අනෙක් අයට මාධ්‍ය හා පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍යංශය යටතේ ඉන්ධන හා රියැදුරන් සැපයීම සිදුවුනු ඇත.එම කටයුතු කැබිනට් මණ්ඩලයේ තීරණය මත පත්වන ඇමතිවරුන්ගේ කමිටුවක් යටතේ අධීක්ෂණය කෙරෙනු ඇත.

 

3.ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයෙකුට රියැදුරන් දෙදෙනෙකු බැගින් ලබාදෙනු ඇති අතර මන්තී‍්‍රවරයෙකුට ලබාදෙනු ඇත්තේ එක් රියැදුරෙකි.

 

4.රාජ්‍ය වැය සම්බන්ධයෙන් 2005 10 14 දාතමින් නිකුත් කර තිබෙන චක‍්‍රලේඛයකට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිල රථයට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය තීරණය කෙරෙනු ඇත.

 

මෙයින් පෙනී යන්නේ හිටපු රජය,වත්මන් රජය යැයි රජයන් දෙකක් පවත්වාගැනීමට මුදල් වෙන්කිරීමක් සිදුව තිබෙන බවයි.හිටපු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවැන් දින සියයේ වැඩපිළිවෙලට කෙසේ දායකත්වය ලබාදුන්නාදැයි ගැටලූවකි.ඔවුන් එසේ දායකත්වය ලබාදුන්නානම් දින සියයයේ වැඩපිළිවෙලෙන් පොරොන්දුවූ තොරතුරු දැනගැනීමේ පණත,විගණන පණත වැනි සාධනීය යෝජනා රැුසක් මේ වන විට සම්මතව අවසානය.හිටපු රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සිය දෙනෙකුට පමණ මෙසේ අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වෙන්කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක් විය හැකිද? අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිනවායැයි කියමින් බලයට පත්වූ නව රජය මේ කර ඇත්තේ කුමක්ද? සිදුව තිබෙන වියදම් පිළිඹද සොයාබැලීම පවතින තත්ත්වය හමුවේ විගනකාධිපතිවරයාටද ගැටලූවක් වනු ඇත.මෙසේ වියදම් සිදුකර ඇත්තේ ජනාධිපතිවයාට විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ සහය දිනාගැනීමට නම් එයිනුදු ඵලක්ව නොමැත.ඔවුන්ගෙන් බහුතරය තවමත් සිටින්නේ අනෙක් පැත්තේය.

තත්ත්වය තවත් ව්‍යාකූලව තිබෙන්නේ මෙසේ සහන ලැබූ අය අතර අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයන් ගෙන ආ මන්තී‍්‍රවරුන්ද සිටීමය.අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ජූලි මස අගභාගයේදී විභාගයට ගැනීමට නියමිතව තිබුණු අතර මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විභාගයට ගැනීමට නියමිතව තිබුණේ ජූලි 6 වැනිදාය.පසුව එය ජූලි 7 වැනිදාට කල් දැමුනි.අස්ගිරිය පාර්ශවයේ නව මහානායක හිමි ලෙස පූජ්‍ය ගලගම ශී‍්‍ර අත්තදිස්සි හිමි පත්කිරීමේ ලියැවිල්ල ඉදිරිපත්කිරීමේ උත්සවයට සහභාගීවීමට නුවර දළදා මාළිගාව බලායෑමට ජනපතිවරයාට නියමිතව තිබීමත් එම උත්සවයට මැති ඇමතිවරුන්ට ආරාධනා ලැබී තිබීමත් මිීට හේතුව විය.නමුත් දැන් පාර්ලිමෙන්තුව විසිරුවා හැර ඇති හෙයින් මෙම විශ්වාසභංගයන්ගෙන් වැඩක් නැත.

එක්සත් ජාතික පක්ෂයේ තුරුම්පුව - කල්තැබීමේ විවාදය

පසුගිය අගහරුවාදා පැවැත්වුනු පාර්ලිමෙන්තුව අවසානය දුටුවේ මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයක් සදහා කල් තැබීමේ විවාදයක් කැදවීමට අගමැතිවරයා යෝජනා කිරීමත් සමගය.මේ අනුව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට එකඟතාවය පළවුනි.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම අතළගම තිබෙන බව ඔහු දැන සිටින්නට ඇතත් ඔහුගේ අරමුණ වූයේ 20ඒ සංශෝධනය ගැන පාර්ලිමෙන්තුවේ අදහස් පළකිරීමට සියලූදෙනාට අවස්ථාව ලබාදීම බව පැහැදිලිය.

ජනපති සිරිසේනද කැබිනට් මණ්ඩල හමුවලදී නොයෙක් 20ඒ සම්බන්ධයෙන් නොයෙක් යෝජනා ඉදිරිපත් කළේය.එක් අවස්ථාවක ඔහු පාර්ලිමෙන්තුවේ නියෝජනය වැඩි කිරීමට ආසන සංඛ්‍යාව 255 ක් දක්වා වැඩි කළ යුතුයැයි කියා සිටි අතර තවත් අවස්ථාවක එම සංඛ්‍යාව 237 ක් විය යුතු බව පැවසීය.මෙයට එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන්ගේද අනුමැතිය හිමිවිය.

එයින් පසුව ජූනි මස 15 වැනිදා 20ඒ සංශෝධනය ගැසට් කෙරුණී.වෙනත් වචනවලින් කිවහොත් ජනපතිවරයා ප‍්‍රමුඛ පක්ෂ ඉදිරිපත් කළ මැතිවරණ සංශෝධනයන්ට එක්සත් ජාතික පක්ෂයද අවසානයේ සහය පළකර තිබුණි.නමුත් මැතිවරණ යෝජනා සම්බන්ධයෙන් සුළු පක්ෂ දැඩි විරෝධයක් දැක්වීය.පාර්ලිමෙන්තුවේ අදහස් දැක්වීමට එම පක්ෂ බලාසිට මුත් ජනමත විමසීමෙන්,අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් තවදුරටත් 20ඒ සංශෝධනය හැඩගැසෙන තාක්කල් තවත් සති දෙකක පමණ කාලයක් බලාසීටීමට සිදුවන බව එම පක්ෂවල නායකයෝ දැන සිටියහ.ඉවසා සිටිය හැකිවුවත් යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර බලහත්කාරයෙන්ම එයට සංශෝධන කිහිපයක් සිදුකිරීමට යන්නේය යැයි මතයක් පැතිර තිබූ නිසා ඔවුන් සිටියේ තැතිගැන්වීය.මේ නිසාම ජනපතිවරයා තිරය පසුපස සිට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට කටයුතු කරමින් සිටීම ඔවුන්ගේ අවධානය ලක් නොවුනි.

‘අපට කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට සිදුවුනා සියලූ පක්ෂ වල අදහස් දැනගන්න.මොකද ගැසට් කරලා තියෙන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ වුවමනාවට සකස් කරලා තියෙන මැතිවරණ යෝජනා’. සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.කල් තැබීමේ විවාදයට ඔහු මුලදීම ජනපතිවරයාගෙන් අවසරද ගෙන තිබුණි.විවාදය කැදවීමෙන් අගමැති වික‍්‍රමසිංහ කැබිනට් මණ්ඩල හමුවන්ගේදී මතු නොවුනු සුළු පක්ෂ වල අදහස් වලට වේදිකාවක් තනා දුන්නේය.එය 20ඒ සංශෝධනය සම්මත කරගැනීම නැවත නැවතත් ප‍්‍රමාද කළ ඇතැම් අයට එකට එක කිරීමක් වැනි වුනි.

එම අඟහරුවාදා දිනයේම පෙරවරු 11 ට ජනපති ලේකම් කාර්යාලයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැුස්වූයේ ජනපතිවරයාව හමුවීමටය.නමුත් ජනපතිවරයා එහි පැමිණෙන විට වේලාව 11 පසුවී විනාඩි 40 ක් පමණ ගතව තිබුණි.අගමැතිවරයා යෝජනා කර තිබෙන කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ඔවුහු ජනපතිවරයාට තම විරෝධය පළකළහ.එය ඉවත් කරගන්නැයි බලකරන ලෙසද ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.ඔවුන්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා තමන්ට පාර්ලිමෙන්තුවේ කටයුතු වලට මැදිහත් විය නොහැකි යැයි කීය.කල්තැබීමේ විවාදය අත්හිටුවීමන් 20ඒ සංශෝධනය අදම විවාදයට ගතහැකියැයි සන්ධාන මන්තී‍්‍රවරුන් පෙන්වා දුන්නද ජනපතිවරයා තම තීරණය වෙනස් කළේ නැත.පස්වරු 1 වන විට සියලූදෙනා පාර්ලිමෙන්තු විවාදයට සහභාගීවී සිටිනු දැකීම තම අපේක්ෂාව බව කියා සිටි හෙතෙම හමුව අවසාන කළේය.

‘කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් අප දැඩි විරෝධයක් පළකලා.මේ වගේ දෙයක් පාර්ලිමෙන්තු ඉතිහාසයේ කවදාවත් සිදුවෙලා නැහැ.පණතක් ගැසට් කළාට පස්සේ එකසැරේට පාර්ලිමෙන්තු විවාදයක් කැදවෙන්නේ නැහැ.එහෙම දෙයක් කරන්න පුලූවන් කියලා පාර්ලිමෙන්තුවේ ස්ථාවර නියෝග වලවත් සදහන් වෙලා නැහැ.’

සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පාපොච්චාරණයක් සිදුකළේය.කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන් කිහිපදෙනෙක් එකාධිපති ස්වභාවයක් පෙන්වමින් හැසිරුනු බවත් ඔවුන් සෑම අවස්ථාවකදීම සුළු පක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමේ නිරත වුනු බවත් ඔහු කීවේය.ිකැබිනට් එක කුස්සියක් වගේ වුනා අන්තිමට’ ඔහු පැවසීය.නමුත් ඔහු එම ඇමතිවරුන්ගේ නම් හෙළි කළේ නැත.එම අමාත්‍යවරුන් කවුරුන්දැයි මෙම දේශපාලන තීරුව ගැන අවදානයෙන් සිටි ඔබ දනී.නව මැතිවරණ ක‍්‍රමයේ අන්තර්ගත කර තිබෙන යෝජනා මුල් කරගන හකීම් අමාත්‍ය රණවක හා සේනාරත්න යන දෙදෙනා හා නැවත නැවතත් පැටලූනු අයුරු ගෙවුනු සති කිහිපයේදීම දැකගත හැකිවිය.හිටපු ජනපතිවරයාග