(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බව කොමිසමට දැනුම් නොදීම සම්බන්දයෙන් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසමට සිය කණගාටුව පළ කළේය.
දිවා විවේකයෙන් අනතුරුව කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බවට පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කොමිසමට දැනුම් නොදීම බරපතල වරදක් යැයි පැවසීය.
ඒ අවස්ථාවේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයෙකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසමට වී දෙන සාක්කි වලට සවන් දෙන්නේ යැයි කීය.
ධර්මපාල මහතාගෙන් හරස් ප‍්‍රශ්න විමසීමට පර්පචුවල් ටේරෂරීස් සමාගමේ පළිසේන මහතාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නිසා ඔහුට කොමිසමට පැමිණීමට දැනුම් දුන්නේ යැයිද පළිසේන මහතා මෙම කොමිසමට කැඳවුයේ ඒ හැර වෙනත් හේතුවකින් නොවේ යැයිද ජනාධිපති නීතීඥ ප‍්‍රනාන්දු මහතා කීය.
කෙසේ නමුත් පළිසේන මහතා මෙම කොමිසමට කැඳවීමෙන් කොමිසමට යම් අපහසුතාවයක් සිදුවුයේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ ප‍්‍රනාන්දු මහතා සිය කණගාටුව පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd