IMG-LOGO

‘අවතැන්වූවන්ට පිසූ ආහාර ගේන්න එපා‘

අවතැන් පිරිස් සිටින ස්ථානවල පිසූ ආහාර වැඩිවීම නිසා අපතේ දැමීමට සිදුවී ඇති බවත් තව දුරටත් පිසූ ආහාර සහ වියළි ආහාර රැගෙන නොඑන ලෙස ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඇඳුම් හා යට ඇඳුම් ද ඖෂධ වර්ගද කාන්තාවන්ට හා දරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා, පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත්, සපත්තු සෙරෙප්පු වැනි දේ අවතැන් ජනතාවට අවශ්‍යව ඇතැයිද පිරිසිදු කිරීමට අවැසි ද්‍රව්‍ය හා උපකරණ වැනි දේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නැයිද ගම්මන්පිල මහතා අද (23) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසූ නිසා ජල ගැලීම සිදුවූ බව කියන කථා විහිළු බවත් පොල් ගැසූ මන්ත්‍රීවරු කිසිවිටක රටේවත් ජනතාවගේවත් විනාශය නොපැතූ බවද ඔහු සඳහන් කළේය.

phu_2016523



අදහස් (0)

‘අවතැන්වූවන්ට පිසූ ආහාර ගේන්න එපා‘

ගුනවර්දන Monday, 23 May 2016 09:48 AM

දැන්ද මේවා කියන්නේ. (ර)

:       0       0

හේවා කුමාර Monday, 23 May 2016 09:49 AM

කව්රු මොනවා කිව්වත් ගනන් ගන්න එපා හැමෝම තම තමන්ට හැකි උපරිම විදිහට අපේ අහිංසක අවතැන් උවන්ට උදව් කරන්න. (ර)

:       0       0

විජේරත්න Monday, 23 May 2016 10:00 AM

අනේ හොඳ වෙලාවට ඔබතුමා කිව්වේ. අපි එත් බලාගෙන හිටිය, පහුගිය ටිකේ ඔබතුමාට මොකුත් කියන්න බැරි වුණේ, ගංවතුරේ බැහැගෙන වැඩ කරපු නිසා නේද කියලා. (අ)

:       0       0

ඥානදාස Monday, 23 May 2016 10:08 AM

පිවිතුරු හෙළ උරුමයට මාධ්‍ය හමුවකදී පිසූ ආහාර සහ වියළි ආහාර රැගෙන නොඑන ලෙස ඉල්ලා සිටීමට බලයක් දුන්නේ කව්ද (අ)

:       0       0

ඔරියා Monday, 23 May 2016 10:13 AM

වෙන මොනවද අවශ්‍ය? (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 10:19 AM

දැන් ඉතින් හැමෝම තමතමන්ට ක්‍රෙඩිට් එක දාගන්න තමයි බලන්නේ.දුකේදී කරදරයකදී පිහිටවන අපේ ජනකොටස් හා සෙසු හමුදා නිලදරයන්ගේ නොමසුරු කැපකිරීම මේ මොහොතේ ලාංකික අපි සියලුම දෙනාම හිස්මුදුනින් පිළිගත යුතුයි. (ර)

:       0       0

සේනක Monday, 23 May 2016 10:29 AM

මේ කවුද දැන් නින්දෙන් ඇහැරිලා. කළු කොඩියක් දාන්න එපාද ? (හේ)

:       0       0

දර්ශන Monday, 23 May 2016 10:31 AM

අපි අද තමයි යන්තම් පොළොවේ පය ගහල කට්ටියට ආධාර අරන් ගියේ කැලණිය මුළු පළාතම එකම මඩ ගොඩක් .. උයන්න කරන්න විදියක් නෑ හැමෝටම තාමත් අවශ්‍ය පිසූ ආහාර. ඔය කෑම එපා කියන මහත්තය කවුද ,(හේ)

:       0       0

සමන් Monday, 23 May 2016 10:31 AM

රටේ පාලකයෝ ගේ පව් අපි ගෙවනවා (හේ)

:       0       0

ඉසුරු Wednesday, 25 May 2016 04:18 AM

මේ වැඩ වලට නිසි කළමනාකාරිත්වයක් තිබිය යුතුයි (නි)

:       0       0

ජෙරමි Monday, 23 May 2016 10:36 AM

අර ගත්තු රුපියල් 100 මේ මිනිස්සුන්ට දෙන්න. (හේ)

:       0       0

ප්‍රතාප් නාලක Monday, 23 May 2016 10:41 AM

ඉතාමත් හොඳ කතාවක්. රජය සමග ඒකාබද්ධව වැඩ කළානම් වඩා හොඳයි. පාලකයන් සාධාරණ ලෙස රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියල සොබා දහම අනතුරු අඟවා ඇත. (බ)

:       0       0

ශාන සෞදි Monday, 23 May 2016 10:48 AM

ගෙනයායුතු ආධාර ගැන කටයුතු කරන්න පුනරුත්තාපන කොමසාරිස්ට ඉඩදීලා ඉන්නවා නම් ඒ අයට කරන ලොකු උදව්වක්. (ර)

:       0       0

ජීවන් Monday, 23 May 2016 10:49 AM

තාමත් ඉන්නවා කෑම පිසීමට නොහැකි ජනතාව. (ර)

:       0       0

අමල් Monday, 23 May 2016 10:53 AM

මොනවා කිව්වත් , තාමත් ගෙදර ලිප පත්තු කරන්ඩ බැරි මිනිසුන් දහස් ගණනක් තාමත් ඉන්නවා , කරුණාකර පුළුවන් විදිහට උදවු කරන්න , වතුර බැස්සා කියන්නේ ඔක්කම හරි ගියා නෙවෙයි , ගංවතුරට අහුවූන මිනිසුන්ගෙන් 90% ජිවිත තවමත් යථා තත්වයට පත්වෙලා නැහැ , සහනාදර බෙදාහැරීමේ ක්‍රියා වලිය විදිමත් කරනවා වෙනුව මේ ආදාර දෙන්න එපා කියන්නේ මොන හිතකින්ද , තවමත් කිසිම සහනාදාරක් නොලැබුණු මිනිසුන් ඕනෑතරම් ඉන්නවා. (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 25 May 2016 05:03 AM

දැන් කොහොමවත් ආහාර නොදී ඉඳීද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයරත්න Monday, 23 May 2016 11:05 AM

ඔබ තුමාට අපෙන් තුති , කරන සේවයට (හේ)

:       0       0

හෆීල් Monday, 23 May 2016 11:07 AM

ඡන්දෙට කළා වගේ රුපියල් 100 බැගින් ආධාර එකතු කළා නම් නරකද?(හේ)

:       0       0

චන්දන Monday, 23 May 2016 11:07 AM

ඔබ තුමා ගන්න උත්සාහයට මෙවැනි පවිටු පාලකයෝ පන්නා දමන්න අපෙන් සහය (හේ)

:       0       0

රජින්ද Monday, 23 May 2016 11:17 AM

මේ මිනිස්සුන්ට මඩ ගහන එක නවත්වල මෙයාල කියන්නේ මොනවද කියල ඇහුවොත් නරකද? හැම එකටම එක එක්කෙනාගේ කොන්ත්‍රාත් වලට මෙතන ද්වේශ සහගත අදහස් නොදා.(අ)

:       0       0

ඉරෝෂ් Monday, 23 May 2016 11:42 AM

මේ වැඩකට නැති මනුස්සය මේ වෙලාවෙත් මාධ්‍ය සන්දර්ශන තියල පොර වෙන්න හදනවා, ලංකාවට මෙහෙම වෙන්නේ නැතුව තියේද ඉතින් මෙයාල වගේ අය ඉන්නකොට (බ)

:       0       0

ජයම්පති Monday, 23 May 2016 11:50 AM

කොහෙද දන්නේ නැහැ හිටියේ පහුගිය දවස්වල. රාජකාරිය කරන අයට එක කරන්න දීල පැත්තකට වෙලා ඉන්න. දෙන අධාරයක්වත් දෙන්න හිතෙන්නේ නැහැ දැක්කම. (බ)

:       0       0

යසපාල Tuesday, 24 May 2016 12:09 AM

ජනතාව නිසිපරිදි දැනුවත් කරනවා නම් මේ කාර්යය සාර්ථක වේවි (නි)

:       0       0

සොපි Monday, 23 May 2016 12:04 PM

නිසි කළමනාකරණයකින් තොරව හිතුමතේට උදව් කරන්න ගියෝතින් නිරපරාදේ සහනාධාර නාස්තිවෙනවා .නිසි බලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීම තමයි නුවණට හුරු .මෙතුමාගේ කතාව හරි කියලයි මට නම් හිතෙන්නේ. (ර) .

:       0       0

ඩග්ලස් Monday, 23 May 2016 12:25 PM

මෙවැනි උගතුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ... (ර)

:       0       0

නිමල් ලාලිත Monday, 23 May 2016 12:49 PM

අනේ මෙහෙමත් දේසපාලන ගැති බවක්. (ර)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 24 May 2016 03:02 AM

මෙයාල අනුන්ගේ ඒවාට අත තියල ගම්මන්පිලලා කළා කියල රටට කියන්න හදන්නේ (බ)

:       0       0

චන්දන Tuesday, 24 May 2016 03:06 AM

ආහාර නැතුව මිනිස්සු බඩගින්නෙනේ. කෑම අහක යන්නෙ හරිහමන් කළමණාකාරීත්වයක් නැති නිසා. එහෙම නැතුව කෑම අනවශ්‍ය නිසා නෙමෙයි. (නි)

:       0       0

නෆ්ලි Monday, 23 May 2016 02:00 PM

මේ සැලසුම අහිංසක මිනිස්සු බඩගින්නේ තියන්න රු 2500 පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු අයනේ ඔය ඒකාබද්ධ වීපක්ෂ්‍ෂයේ ඉන්නේ (බ)

:       0       0

අජිත් Monday, 23 May 2016 02:03 PM

කව්රු මොනවා කිව්වත් ඔබතුමාගේ ඉදිරි වැඩවලට ශක්තිය ධෛර්යය ලැබේවා. (බ)

:       0       0

සහන් Monday, 23 May 2016 02:44 PM

අනේ අනේ අනාත වෙච්ච මින්ස්සුන්ට දෙන්න ,මගේ එකවුන්ට් එකට රුපියල් සීය ගානේ දාන්න (බ)

:       0       0

සරත් Wednesday, 25 May 2016 11:44 AM

අනේ පැත්තකට වෙලා ඉන්න . ඔබව දැක්කොත් ලැබෙන අාධාරත් ලැබෙන්නේ නැහැ (බ)

:       0       0

රාජ් Monday, 23 May 2016 03:16 PM

තවම වියලි ආහාර අවශ්‍ය තැන් තියෙනවා. හොයලා බලන්න අසරණ මිනිස්සු තව අසරණ වෙන්නවා මේ වගේ කථාවලින් (බ)

:       0       0

සිරිල් Monday, 23 May 2016 09:16 AM

රටේ නායකයෝ දුස්සීල නිසා විපත් වුනේ (හේ)

:       0       0

සරෝජා Monday, 23 May 2016 09:19 AM

දැන්ද මේ අය ඇහැරිලා තියෙන්නේ.(හේ)

:       0       0

පිටිගල Monday, 23 May 2016 09:26 AM

ගෙනයායුතු ආධාර ගැන කටයුතු කරන්න පුනරුත්තාපන කොමසාරිස්ට ඉඩදීලා ඔබ කටවහගෙන ඉන්නවා නම් ඒ අයට කරන ලොකු උදව්වක්. ඔබ ආධාර ගෙන්න කියනකොට ගෙනියන කෙනත් ආපසු හැරෙයි.(හේ)

:       0       0

සෑම් Monday, 23 May 2016 09:30 AM

'අනුන්ගේ සීනි ණයට කිරනවා" කියන්නේ මේකටයි (හේ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 23 May 2016 09:36 AM

මේවා දෙවියන්ට භාරයි.(හේ)

:       0       0

ජයරත්න Monday, 23 May 2016 09:38 AM

රටක ආණ්ඩුව කියන්නෙත් රටේ මහජනතාව බව මේ උන්නැහේට අවබෝධ වෙලා නැහැ වගේ තාමත් , (හේ)

:       0       0

චන්න Monday, 23 May 2016 09:42 AM

පිසූ අහාර ඇයි ජනතවට අවශ්‍ය නැද්ද.? (ර)

:       0       0

රුවන් Monday, 23 May 2016 09:44 AM

මෙතුමා දැන් ඇයි මේවා කියන්නේ.. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site