අවතැන් පිරිස් සිටින ස්ථානවල පිසූ ආහාර වැඩිවීම නිසා අපතේ දැමීමට සිදුවී ඇති බවත් තව දුරටත් පිසූ ආහාර සහ වියළි ආහාර රැගෙන නොඑන ලෙස ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඇඳුම් හා යට ඇඳුම් ද ඖෂධ වර්ගද කාන්තාවන්ට හා දරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා, පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත්, සපත්තු සෙරෙප්පු වැනි දේ අවතැන් ජනතාවට අවශ්‍යව ඇතැයිද පිරිසිදු කිරීමට අවැසි ද්‍රව්‍ය හා උපකරණ වැනි දේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නැයිද ගම්මන්පිල මහතා අද (23) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසූ නිසා ජල ගැලීම සිදුවූ බව කියන කථා විහිළු බවත් පොල් ගැසූ මන්ත්‍රීවරු කිසිවිටක රටේවත් ජනතාවගේවත් විනාශය නොපැතූ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මේවා කියන්නේ. (ර)
කව්රු මොනවා කිව්වත් ගනන් ගන්න එපා හැමෝම තම තමන්ට හැකි උපරිම විදිහට අපේ අහිංසක අවතැන් උවන්ට උදව් කරන්න. (ර)
අනේ හොඳ වෙලාවට ඔබතුමා කිව්වේ. අපි එත් බලාගෙන හිටිය, පහුගිය ටිකේ ඔබතුමාට මොකුත් කියන්න බැරි වුණේ, ගංවතුරේ බැහැගෙන වැඩ කරපු නිසා නේද කියලා. (අ)
පිවිතුරු හෙළ උරුමයට මාධ්‍ය හමුවකදී පිසූ ආහාර සහ වියළි ආහාර රැගෙන නොඑන ලෙස ඉල්ලා සිටීමට බලයක් දුන්නේ කව්ද (අ)
වෙන මොනවද අවශ්‍ය? (අ)
දැන් ඉතින් හැමෝම තමතමන්ට ක්‍රෙඩිට් එක දාගන්න තමයි බලන්නේ.දුකේදී කරදරයකදී පිහිටවන අපේ ජනකොටස් හා සෙසු හමුදා නිලදරයන්ගේ නොමසුරු කැපකිරීම මේ මොහොතේ ලාංකික අපි සියලුම දෙනාම හිස්මුදුනින් පිළිගත යුතුයි. (ර)
මේ කවුද දැන් නින්දෙන් ඇහැරිලා. කළු කොඩියක් දාන්න එපාද ? (හේ)
අපි අද තමයි යන්තම් පොළොවේ පය ගහල කට්ටියට ආධාර අරන් ගියේ කැලණිය මුළු පළාතම එකම මඩ ගොඩක් .. උයන්න කරන්න විදියක් නෑ හැමෝටම තාමත් අවශ්‍ය පිසූ ආහාර. ඔය කෑම එපා කියන මහත්තය කවුද ,(හේ)
රටේ පාලකයෝ ගේ පව් අපි ගෙවනවා (හේ)
මේ වැඩ වලට නිසි කළමනාකාරිත්වයක් තිබිය යුතුයි (නි)
අර ගත්තු රුපියල් 100 මේ මිනිස්සුන්ට දෙන්න. (හේ)
ඉතාමත් හොඳ කතාවක්. රජය සමග ඒකාබද්ධව වැඩ කළානම් වඩා හොඳයි. පාලකයන් සාධාරණ ලෙස රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියල සොබා දහම අනතුරු අඟවා ඇත. (බ)
ගෙනයායුතු ආධාර ගැන කටයුතු කරන්න පුනරුත්තාපන කොමසාරිස්ට ඉඩදීලා ඉන්නවා නම් ඒ අයට කරන ලොකු උදව්වක්. (ර)
තාමත් ඉන්නවා කෑම පිසීමට නොහැකි ජනතාව. (ර)
මොනවා කිව්වත් , තාමත් ගෙදර ලිප පත්තු කරන්ඩ බැරි මිනිසුන් දහස් ගණනක් තාමත් ඉන්නවා , කරුණාකර පුළුවන් විදිහට උදවු කරන්න , වතුර බැස්සා කියන්නේ ඔක්කම හරි ගියා නෙවෙයි , ගංවතුරට අහුවූන මිනිසුන්ගෙන් 90% ජිවිත තවමත් යථා තත්වයට පත්වෙලා නැහැ , සහනාදර බෙදාහැරීමේ ක්‍රියා වලිය විදිමත් කරනවා වෙනුව මේ ආදාර දෙන්න එපා කියන්නේ මොන හිතකින්ද , තවමත් කිසිම සහනාදාරක් නොලැබුණු මිනිසුන් ඕනෑතරම් ඉන්නවා. (ර)
දැන් කොහොමවත් ආහාර නොදී ඉඳීද දන්නෙ නැහැ (නි)
ඔබ තුමාට අපෙන් තුති , කරන සේවයට (හේ)
ඡන්දෙට කළා වගේ රුපියල් 100 බැගින් ආධාර එකතු කළා නම් නරකද?(හේ)
ඔබ තුමා ගන්න උත්සාහයට මෙවැනි පවිටු පාලකයෝ පන්නා දමන්න අපෙන් සහය (හේ)
මේ මිනිස්සුන්ට මඩ ගහන එක නවත්වල මෙයාල කියන්නේ මොනවද කියල ඇහුවොත් නරකද? හැම එකටම එක එක්කෙනාගේ කොන්ත්‍රාත් වලට මෙතන ද්වේශ සහගත අදහස් නොදා.(අ)
මේ වැඩකට නැති මනුස්සය මේ වෙලාවෙත් මාධ්‍ය සන්දර්ශන තියල පොර වෙන්න හදනවා, ලංකාවට මෙහෙම වෙන්නේ නැතුව තියේද ඉතින් මෙයාල වගේ අය ඉන්නකොට (බ)
කොහෙද දන්නේ නැහැ හිටියේ පහුගිය දවස්වල. රාජකාරිය කරන අයට එක කරන්න දීල පැත්තකට වෙලා ඉන්න. දෙන අධාරයක්වත් දෙන්න හිතෙන්නේ නැහැ දැක්කම. (බ)
ජනතාව නිසිපරිදි දැනුවත් කරනවා නම් මේ කාර්යය සාර්ථක වේවි (නි)
නිසි කළමනාකරණයකින් තොරව හිතුමතේට උදව් කරන්න ගියෝතින් නිරපරාදේ සහනාධාර නාස්තිවෙනවා .නිසි බලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීම තමයි නුවණට හුරු .මෙතුමාගේ කතාව හරි කියලයි මට නම් හිතෙන්නේ. (ර) .
මෙවැනි උගතුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ... (ර)
අනේ මෙහෙමත් දේසපාලන ගැති බවක්. (ර)
මෙයාල අනුන්ගේ ඒවාට අත තියල ගම්මන්පිලලා කළා කියල රටට කියන්න හදන්නේ (බ)
ආහාර නැතුව මිනිස්සු බඩගින්නෙනේ. කෑම අහක යන්නෙ හරිහමන් කළමණාකාරීත්වයක් නැති නිසා. එහෙම නැතුව කෑම අනවශ්‍ය නිසා නෙමෙයි. (නි)
මේ සැලසුම අහිංසක මිනිස්සු බඩගින්නේ තියන්න රු 2500 පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු අයනේ ඔය ඒකාබද්ධ වීපක්ෂ්‍ෂයේ ඉන්නේ (බ)
කව්රු මොනවා කිව්වත් ඔබතුමාගේ ඉදිරි වැඩවලට ශක්තිය ධෛර්යය ලැබේවා. (බ)
අනේ අනේ අනාත වෙච්ච මින්ස්සුන්ට දෙන්න ,මගේ එකවුන්ට් එකට රුපියල් සීය ගානේ දාන්න (බ)
අනේ පැත්තකට වෙලා ඉන්න . ඔබව දැක්කොත් ලැබෙන අාධාරත් ලැබෙන්නේ නැහැ (බ)
තවම වියලි ආහාර අවශ්‍ය තැන් තියෙනවා. හොයලා බලන්න අසරණ මිනිස්සු තව අසරණ වෙන්නවා මේ වගේ කථාවලින් (බ)
රටේ නායකයෝ දුස්සීල නිසා විපත් වුනේ (හේ)
දැන්ද මේ අය ඇහැරිලා තියෙන්නේ.(හේ)
ගෙනයායුතු ආධාර ගැන කටයුතු කරන්න පුනරුත්තාපන කොමසාරිස්ට ඉඩදීලා ඔබ කටවහගෙන ඉන්නවා නම් ඒ අයට කරන ලොකු උදව්වක්. ඔබ ආධාර ගෙන්න කියනකොට ගෙනියන කෙනත් ආපසු හැරෙයි.(හේ)
'අනුන්ගේ සීනි ණයට කිරනවා" කියන්නේ මේකටයි (හේ)
මේවා දෙවියන්ට භාරයි.(හේ)
රටක ආණ්ඩුව කියන්නෙත් රටේ මහජනතාව බව මේ උන්නැහේට අවබෝධ වෙලා නැහැ වගේ තාමත් , (හේ)
පිසූ අහාර ඇයි ජනතවට අවශ්‍ය නැද්ද.? (ර)
මෙතුමා දැන් ඇයි මේවා කියන්නේ.. (ර)