(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග)
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ජලගැලීමෙන් පීඩාවට පත් පවුල්වලින් බැකු ණය එකතුකිරීම අත්හිටුවන ලෙස දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ දී අද (28) පැවසීය.
ණය එකතු කිරීමේදී ජනතාවට සහනදිය යුතු ක්‍රමවේද පිළිබඳව බැංකු සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා මූලික සහන සැපයීමෙන් පසු සියලූ දේපල හානි සඳහා ඉතා කඩිනමින් වන්දි මුදල් ලබාදෙන බවද අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ඇදහැලූණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුරින් අවතැන්වූ ජනතාව සඳහා සහන ලබාදීම වෙනුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
අමාත්‍යවරු ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
එහිදී උතුරේ ජනතා නියෝජිතයන් තම ජනතාව මුහුණපා ඇති ආපදා තත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ විස්තරයක් කළ අතර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා ආපදා හානි සම්බන්ධ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කළේය. මෙහිදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මූලික වටයේ වන්දි මුදල වන රුපියල් දසදහසක චෙක්පත් ප්‍රදානයක් ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
ආපදා සහන වැඩසටහනින් පසුව අග්‍රාමාත්‍යවරයා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර නිරීක්ෂණයට ද එක්වූ අතර එහි නවාතැන් ගෙන සිටින ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව පෞද්ගලිකවම විමසා බැලීය. ආපදාවට පත් පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑගි මල්ල ගෙදරම ගෙනිහිල්ලා වගෙයි...
හාමුදුරුවෝ පිරිත්නූල් අතේ බඳින කොටවත් ඔය මුහුණ තිබුනේ නැහැ. අපිත් පොහොට්ටුවෙන් දෙන්නම් වැඩේ...
මගේ මූලික අරමුණ ගංවතුර නිසා කරදරයට පත් වූ මිනිස්සු නෙවෙයි... ඡායාරූප එකතු කිරීම ...
දැක්කත් මුණ හැමවිට කජු ලෙල්ලක් සේ... දන්නව හේතුවත් ජඩ වැඩ නිසා නේ... උත්සහ කලත් හිනැහෙන්නට බැරුවා නේ... ඉදිරිය මුන්දැගේ සදහට අඳුරුයි නේ...
පත්තරවලින්, ගුවන්විදුලි නාලිකා වලින් එකතු කරපු ගංවතුර ආධාර බඩු භාණ්ඩ ටික නේද? ඔය නම ගහලා බෙදාගෙන යන්නේ...
දාසයයි මාසයයි වගේ පොටෝ දැම්මට අදනේ ඇත්තටම දැක්කේ වයස? ඉසකෙයා ටිකත් ඉපනැල්ල වගේනේ නේද? දැන් ඉතින් මොන පෙරමුණු හද හද ඉන්නවද නවගුණ වැලක් අරන් පන්සල් යනවා මිසක්?..
හූනියම් යන්ත්‍ර අතේ අැතිව කුඩා දරුවන් හුරතල් කරමින් කරන රංගනයට වඩා මෙය හොඳයි..
පිරිත් නූල් බැඳීමෙන් සෙතක් වේ නම් අද රට කොහිද? දැන්වත් මේ මිථ්‍යාවන්ගෙන් මිදෙන්න..
බමුණා. රවින්ද. මිනිස්සු අමාරුවේ වැටුනහමත් අනුකම්පා කරන්න බැරිද? සිංහල ජාතියට අවනම්බු කරනවා. ද්වේශ සහගත මිනිස්සු. උතුරේ ඉන්නෙත් අපේ රටේ මිනිස්සු..
සරමක් ඇඳගෙ ආවනම් ඔයිට වඩා හොඳයි.
කිලිනොච්චි කියලා මැදවච්චි ගිහින්ද කොහෙද..?
මහබැංකුවට විදපු කෙනෙක් නේද මේ?
මෙයා මේ කරන්නේ දෙමල ඡන්ද දඩයමක්. එහි ඇති වැරද්දක් නැත. අපි දකින වැරැද්ද ඒ දඩයමට සිංහල ජාතිය බිලිදීමයි. නැතිනම් මොන නායකයාද තම හමුදාව යුද්ද අපරාද කළා කියලා ලෝකෙට කියන්නේ? දෙමල ත්රස්තවාදීන්ට සිංහලයින්ගේ බදු සල්ලිවලින් වන්දිගේවන්නේ? යුද්ධය අවසන් වූ ගමන් විදේශීය වාර්තා කාරයින්ට මහින්ද මහතා කීවේ "ශීරෝ කැෂූවල්ටීස්" කියලා. අන්න එහෙමයි රාජ්‍ය නායකයෝ. මේවගේ නායකයෝ එක පොල්පිත්තෙන් දහයක් විතර කපාගන්න පුළුවනි.
රවී මහතාණෙනි, ඔබ තවමත් රනිල් වහලෙක් බව පෙනේ. ඔබ දෙනෙත් වසා සිටින නිසා ඔබට දෑස නොපෙනෙයි.
ජනතාවගේ රැවුල ගිි අරන්. දොදොල් හැඳිගාන්නද හදන්නේ?