රාත්‍රී - 10.15
(තරිඳු ජයවර්ධන)
අධික වර්ෂාව නිසා ඇති වූ අපදාවලින් මේ වන විට 122 දෙනකු මියගොස් 93 දෙනකු අතුරුදන්වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 49 දෙනෙක් තුවාල ලබා සිටිති. පවුල් 105956 ක පුද්ගලයන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් අවතැන්වී සිටිති.
නිවාස 187කට පූර්ණ හානි ද නිවාස 1602කට අර්ධ හානිද සිදුවී තිබේ.
ආරක්ෂිත ස්ථාන 209 ක පුද්ගලයන් 86316 ක් සිටින බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රාත්‍රී - 8.30
(හර්ෂණ තුෂාර සිල්වා)
දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අවදානමක් තිබෙන බව සඳහන් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද 27 රතු නිවේදනයක් නිකුත් කළේය. ඉදිරි පැය 24 කාලයේදීත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතිය හොත් නායයෑමේ අවදානම සහිත කඳුබෑවුම්වලින් ඉවත් වන්නැයි ද එම ආයතනය මහජනතාවට දැනුම් දුන් අතර අදාළ නිවේදනය හෙට 29 දහවල් 1 දක්වා වලංගු වේ.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම පවතියි. නායයෑම් අවදානම තිබෙන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.
අද සවස වනවිට මාතර නගරය දිස්වූ අයුරු


පස්වරු - 6.40
(කෑගල්ල එන්.ආරච්චි)
වර්ෂාව නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව 4,93,500 ක් ඉක්මවා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි
පස්වරු - 6.30
(කෑගල්ල එන්.ආරච්චි)
වර්ෂාව නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1294 කට අයත් සාමාජික සාමාජිකාවෝ 4835 දෙනෙකු විපතට පත් වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
වර්ෂාව නිසා මේවනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ මරණ දෙකක් සිදු වි ඇති අතර පුද්ගල අතුරුදහන් වීම් දෙකක් ද සිදු වි තිබෙයි.
පස්වරු - 6.20
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.
ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ. දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත.
පස්වරු - 6.15
(තරිඳු ජයවර්ධන)
මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කෙරෙමින් පවතී. ප්‍ර දේශයේ ජලය සහ විදුලිය නැති අතර පානීය ජලය බරපතළම අවශ්‍යතාව වී තිබේ.
පස්වරු - 6.10
(අජිත්ලාල් ශාන්තඋදය, පැල්මඩුල්ල අරුණ එස්. හේරත් සහ ඉන්දික රාජපක්‍ෂ)
ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න කන්දෙන් කොටසක් නායයාමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් ම යටවී 12 දෙනෙකුවත් පස්වලට යටවී ඇති බව ප්‍රදේශවාසීහූ කියති. නායයාම අවස්ථා දෙකක දි සිදුවූ බව පැවසූ ප්‍රදේශවාසීන් එය නැරඹීමට පැමිණ පිරිසකගෙන් සිව් දෙනෙක්ද ඊට යටවු අතර බේරාගත හැකිවූයේ එක් අයෙක් පමණක් බව ද පැවසුවේ ය.
අතුරුදන් වු පිරිස අතර එකම පවුලක සාමාජිකයන් හතර දෙනෙක් සිටින බව ද ප්‍රදේශවාසීහූ කීහ. තවත් නිවාස දෙකක් දැඩි අවදානම් තත්ත්වයේ ඇති අතර තවත් නිවාස තුනක් ද අවදානම් තත්ත්වයේ පවතින බව පොලීසිය පවසයි. මෙම ස්ථානයේ සහන කටයුතු වල නිරත යුද හමුදාව සිරුර තුනක් ගොඩගත් අතර බැකෝ යන්ත්‍රයක් ඇතත් එක්ස්කැවෙටර් යන්ත්‍රයක් නොමැතිකම නිසා සහන කටයුතු පමා වන බව ද පැවසුවේ ය.
ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, කිරිඇල්ල. අයගම, කලවාන, පැල්මඩුල්ල, නිවිතිගල, ගොඩකවෙල. කහවත්ත, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් නායයාම්, පස්කදු කඩා වැටීම් රැසක් වාර්තාවෙයි.
පස්වරු - 5.55
(අජිත්ලාල් ශාන්තඋදය, පැල්මඩුල්ල අරුණ එස්. හේරත් සහ ඉන්දික රාජපක්‍ෂ)
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර බැස යාම ඉතා සෙමින් සිදුවන අතර නායයාම් නිසා සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 50 කට වැඩි අතර අතුරුදන් වූවන්ගේ ප්‍රමාණය ද ඊට සමාන බව සහන සේවා කටයුතු වල නිරත යුද හමුදාව, පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිධාරීහූ පවසති.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිබත්ගල කන්දෙන් කොටසක් නායයාමෙන් ‘කුරහන’ ගම්මානයේ නිවස 10ක් සම්පුර්ණයෙන් යටවී පුද්ගලයන් 10 ගේ සිරුර හමුව ඇති බව ද යුදහමුදාව කියයි. ප්‍රදේශවාසීන් පවසන්නේ තවත් 16 දෙනෙකු පස් යට වැළලී ඇති බවයි. ‘කුරහන’ ගම්මානයේ තවත් නිවාස 15ක් පමණ නායයාමේ අවදානමකට ලක්ව ඇත.
පස්වරු - 4.45
(තරිඳු ජයවර්ධන)
නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා කොටුවී සිටින මාතර මාලිම්බඩ ජනතාවට ආහාර පාන නැතිවීමෙන් ඔව්හු බලවත් අපහසුතාවට පත්ව සිටිති. ගමේ තරුණ පිරිසක් එක්ව මහා මාර්ගයේ ගසක් යට ලිප් බැඳ ආහාර පිසිමින් අවතැන් වූවන්ට ගෙන ගියහ. ප්‍රදේශයේ විදුලි බලය සහ පානීය ජලය නැතිවීමෙන් ඔව්හු වඩාත් දුෂ්කරතාවට පත්ව සිටිති.
“බඩු තිබුණ නම් උයලා කන්න දෙන එක මහ දෙයක් නෙමේ. ඒත් බඩුවක් මුට්ටුවක් ගන්න යන්න විදිහක් නෑ....අපි හතර වටෙන්ම කොටුවෙලා“ යයි තරුණයෙක් එවූ කෙටි පණිවුඩයක සටහන් වී තිබිණ.
මාතර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවද වාර්තා වේ.


පස්වරු - 4.40
(තරිඳු ජයවර්ධන)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර අන්තය වන ගොඩගම මංසන්ධියත් ජලයෙන් යටවීම නිසා වාහන වලට අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
පස්වරු - 3.20
වර්ෂාව නිසා විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ එකහමාරක් (150,000 ක්) පරිත්‍යාග කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි


අපදාවට පත් වූ පුද්ගලයින්ට ලබාදීම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දිවා ආහාරය පිළියෙල කල ආකාරය
(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
පස්වරු - 3.05
(තරිඳු ජයවර්ධන)
අවතැන් වූවන් සදහා පරිත්‍යාගශීලීන් ලබාදෙන දුව්‍යමය ආධාර ලබා ගැනීමට රත්මලාන ගුවන් හමුදා කදවුරේ විශේෂ මධ්‍යස්ථානයක් ආරම් කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. දුරකතන අංක 0716776740 ඔස්සේ ලුතිනන් කේ. ඒ. ජේ. බුද්ධික මහතා ඇමතීමෙන් ඒ සම්බන්ධ විස්තර ලබාගත හැකිය.
ආපදා පහව යන තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
පස්වරු - 3.00
(තරිඳු ජයවර්ධන)
28 වැනිදා පැවැතිවීමට නියමිතව තිබූ රාජ්‍ය කලමනාකරණ විභාගය ද දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කර තිබේ. දැනට නිකුත් කර ඇති පුවේශපත්‍ර අවලංගු කළ අතර නව ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී නිකුත් කෙරේ.
පස්වරු - 3.00
කළු ගඟේ ජල ප්‍රවාහය එන්න එන්නම වැඩිවීම නිසා දොඩන්ගොඩ පිවිසුම අසළදී දක්ෂිණ අධිවේදී මාර්ගයටද ගංවතුර පැමිණ තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුරට යටවී තිබේ. කෙසේ වෙතත් දක්ෂිණ අධිවේදී මාර්ගයේ වාහන ධාවනය ප්‍රවේසමෙන් කළ හැකිය.
පස්වරු - 2.05
(තරිඳු ජයවර්ධන)
රත්නපුරේ සමන් දෙවාලය අසළ ගනේගොඩ පාරේ වක්ගල්හෙන පන්සල අසළ රෙදි විවිමේ ආයතනය අසළ මිනිස්සු සිරවී සිටිති. සහන සේවා දුරකතන අංක ඇමතූවද ප්‍රතිඵලයක් නැතැයි ඔව්හු කියති. දුරකතන ඇමතුමට පිළිතුරු දී දුරකතනය පසෙකින් තැබූ බවත් පසුව පොලිසිය ඇමතූ අවස්ථාවේදී එය පැමිණිල්ලක් ලෙස භාරගන්නා බවත් කියා තිබේ. මේ වන තෙක් කිසිවකු එතැනට ගොස් නැතැයිද කියති.
අප එහි සිරවී සිටින අයකු හා දුරකතනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මිනිසුන් 40 කට ආසන්න පිරිසක් සිරවී ඇති බවත් පානීය ජලය සපයා ගැනීම විශාලම ප්‍රශ්නයක් වී ඇති බවත්ය.
“කෑම බීමත් තවම හරි හැටි ලැබුණේ නෑ. අපි සේරම හිරවෙලා. මේ වතුර බහින්නත් දවස් දෙක තුනක් යයිනේ“ යයිද හෙතෙම කියා සිටියේය.
තමන් ඇතුළු පිරිස උදව් බලාපොරොත්තුව සිටින බවත් ඒ සඳහා 0718486077 අංකය අමතා විස්තර ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පස්වරු - 1.40
(චන්දන උඩුවාවෙල)
පොසොන් පොහොය වෙනුවෙන් නියමිතව තිබු දන්සල්, තෝරන් ප්‍රදර්ශනය කිරීම් වැනි කටයුතු සදහා වෙන්කළ මුදල් වලින් කොටසක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරන්න යැයි අස්ගිරි මහානායක වරකාගොඩ ඥාණරතන මහනායක හිමියෝ ඉල්ලා සිටිති.

පස්වරු - 1.20
(තරිඳු ජයවර්ධන)
නායයාමෙන් සහ ජල ගැලීමෙන් අවතැන් වූ පාහියංගල ප්‍රදේශවාසින්ට ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය සහ ඇඳුම් පැලඳුම් අත්‍යවශ්‍ය වී ඇතැයි පාහියංගල අමිත හිමියෝ කියති. එම ප්‍රදේශයට පැමිණීමට ඇති මාර්ග සියල්ලම පාහේ යටවී ඇති නිසා ආධර ලැබීම බෙහෙවින්ම අඩුවී ඇති බවද ඒ හිමියෝ පැවසූහ.
පාහියංගල පෙදෙසේ අවතැන් වූ පුද්ගලයන් මේ වන විට යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සහ පාහියංගල විහාරස්ථානයේ සිටිති
දහවල් - 12.00
(තරිඳු ජයවර්ධන)
උඩුගම ගලගොඩ කොටුවී සිටින පිරිසට සහන සැලසීමට නාවික හමුදාවේ බෝට්ටු යොදවා තිබේ. උඩුගම නගරය ජලයෙන් යටවී ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.


පෙ. ව. - 10.55
(තරිඳු ජයවර්ධන)
ගාල්ල බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගංවතුරින් විපතටපත් පවුල් හා අවතැන්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එහි ගිය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන පැය 24 ක්‍රියාත්මක ආපදා මධ්‍යස්ථාන සහන ඒකකය නිරීක්ෂණය කර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

පෙ. ව. - 10.53
(තරිඳු ජයවර්ධන)
ගංවතුරෙන් ආපදාවට පත්වූ ප‍්‍රදේශ යළි යථාතත්වයට පත්කිරීම හා එහි ජනතාව මුදා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව’ සහන සේවා බළකාය එම ප‍්‍රදේශවලට ක්‍ෂණිකව ළඟා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.
කළුතර, ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රක්කවල මෙන්ම අනෙකුත් ප‍්‍රදේශවලද විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මෙම කි‍්‍රයාන්විතය මේ වනවිට කි‍්‍රයාත්මක වන බව ද ඔවුහු පවසති.

ගංවතුරෙන් විපතට පත් අය මුදාගැනීමේ මොහෙයුමේදී මියගිය ගුවන් භට යාපාරත්න
සිකුරාදා රාත්‍රී 9.00 වනවිට තිබූ තත්වය

පෙ. ව. - 10.22
(තරිඳු ජයවර්ධන)
විපතට පත්වූවන් බේරා ගැනීම සදහා සහ ඔවුන්ට සහන සැලසීමේදී අනතුරු දායක ලෙස ගමන් නොකරන ලෙස අපදා නිලධරයෝ ඉල්ලති. ඇතැම් පැතිවල පාරු මගින් සහ වෙනත් අනාරක්ෂිත ක්‍රම වලින් ජලයේ ගමන් කිරීමට උත්සාහ කරනු පෙනේ.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ශීතකරණයක් ආධාරණයෙන් ජලයේ ගමන් කරන අන්දමයි
පෙ. ව. - 10.10
(තරිඳු ජයවර්ධන)
නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල හා මාතර වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය කියන්නීය. මේ වන විට ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කරමින් පවතී.

පෙ. ව. - 9.24
(තරිඳු ජයවර්ධන)
ගාල්ල උඩුගම පාරේ ස්ථාන කිහිපයක පස්කඳු කඩාවැටීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිර. මෙම තත්ත්වය නිසා සහන කණ්ඩායම් තවත් අසීරුතාවට පත්වෙයි.
පෙ. ව. - 9.10
(තරිඳු ජයවර්ධන)
රත්නපුර සහ ගාල්ලේ ප්‍රදේශ කිහිපයකම වෙසෙන අවතැන්වූවන්ට ආහාර ලැබී නැතැයි වාර්තාවේ. මාර්ග ජලයෙන් යටවීම නිසා සහන කණ්ඩායම් වලටත් දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
රත්නපුර රෝහලට යැවිය යුතු හදිසි රෝගීන් 7 දෙනෙක් පමණ කලවාන රෝහලේ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි. ඒ ගැන අවධානය යොමු කරන ලෙස සහන කණ්ඩායම් වලින් ඉල්ලීමක්

පෙ. ව. - 9.00
(තරිඳු ජයවර්ධන)
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැස්ස ඇරඹෙයි.
පෙ. ව. - 8.40
(තරිඳු ජයවර්ධන)
මේ වන විට ගාල්ල වැලිපිටිය, උනන්විටිය, මාපලගම සහ බද්දේගම මහ ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. ජල මට්ටම හෙමින් වැඩිවන බව ප්‍රදේශවාසීහු කියති.
පෙ. ව. - 8.30
(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යන බැවින් හැකිතාක් දුරට ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි රජය දැනුම් දෙයි.
කැලණි ගඟ මායිම්ව පිහිටි කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩි වෙමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ රාත්‍රීයේ ඇති වූ වර්ෂාවත් සමඟ ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇති බැවින් ගංඟා දෙපස සටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි හැකිතාක් කඩිනමින් ආරක්ෂිත පියවර ගන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙ. ව. - 8.25
(තරිඳු ජයවර්ධන)
විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම අද පෙරවරුවේදී යළි ඇරඹෙයි. නාවික හමුදා යාත්‍රා වලට අමතරව ධීවර බෝට්ටුද ඒ සඳහා යොදාගෙන තිබේ. ගුවන් හමුදා හෙළිකොප්ටර් 4 ක් ද මුදා ගැනීමේ මෙහෙයුමේ යොදවා තිබේ.
පෙ. ව. - 8.03
(තරිඳු ජයවර්ධන)
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා වලින් මියගිය ගණන 100 ඉක්මවයි. තවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන්.
කැළණි ගඟේ මහ ගංවතුර තත්ත්වය පහව යමින් තිබෙන බව බලධාරීහු කියති
පෙ. ව. - 8.01
(තරිඳු ජයවර්ධන)
ගිං ගඟේ ජල මට්ටම මහ ගංවතුර මට්ටමටත් වඩා ඉහළ නගී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කොටසක් පමණක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දෙන්න ඉල්ලීම් කරන්නේ... තොරන් සම්පුර්ණයෙන්ම සෑදීම නවතා එම මුදල් අසරණවූ අයට දිව යුතුයි නොකියන්නේ මන්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දීල තියෙන්නෙ නිකං රට කජු ගොට්ටක්. මීට වඩා දෙතුන් ගුණයක් අපේ එක ඇමතිවරයෙක් වාහනයක් ගන්නම වැය කරනවා.
ඔයා මේකට කීයක් විතර දුන්නාද?
කාගේ සාක්කුවටද වැඩිම කුට්ටිය යන්නේ... ? විපතට පත්වුණ අයට කීයක් ලැබෙයිද? ජයග්‍රාහකයාට ගංවතුර නැරඹීමට බෝට්ටු සවාරියක්...
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ ලංකාව මුහුණ දීපු කීවෙනි විපතද මේ..? ජනපතිතුමාගේ හෝ වෙන කාගේහරි හෝ රටට නොගැලපීමක් තියෙන නිසයි මෙවැනි විපත් වෙන්නේ...
මේ මොන ලැජ්ජ නැති කතාවක්ද ? "ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් 150000 "කියන්නේ. ඔකෙනුත් ඉතින් හොරා කනවනේ අපේ රටේ පාලක ඇත්තෝ...
මේක දැන් ඉන්න නායකයාගේ හෝ හිටපු නායකයන්ගේ ප්‍රශ්නයක් නොවේ. මේක ජනතාව තමා ජිවත් වන පරිසරය ගැන පළමුව හිතන්න වෙනවා. සතෙක් වුණත් කූඩු හදන්නේ තමුන්ට ආරක්ෂාවක් තියන තැනක්...නමුත් මිනිසාට ඒ තරම්වත් දැනුමක් නැති එකේ වරද... ඉතින් වරද කාගේද? පවතින රජයන් වල වරද තමයි ගඟ අසබඩ අනවසර පදිංචි කරුවන් ඉවත් නොකිරීම....මේක බරපතල වරදක්... මොකද ජනතාවගේ ආරක්ෂාව පවතින්නේ පවතින රජය තුල, රියදුරෙක් යම් අනතුරකට ලක්වුණානම් පොලිසිය ඔහුට නඩු දානවා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම කියලා... එතකොට මේවා මොනවාද?
රජයෙන් අප ඉල්ලා සිටින්නේ අාපදා අරමුදලක් වහාම අරඹන ලෙසයි. ජනතාව බලා සිටින්නේ රජය අරඹන වැඩපිළිවෙලකට දායකවීමටයි.
මෙවැනි ආපදා සිදුවන්නේ විශේෂයෙන්ම රජ්‍ය පාලකයින්ගේ අධර්මිෂ්ටකම්, නොපනත්කම් නිසයි.
රතු නිවේදනයක් ජේ.වී.පී. එකෙන් නිකුත් කරන තෙක් ආණ්ඩුව උඩ බලාගෙන හිටියද? මෙවැනි අවස්ථාවක එකිනෙකාගේ දේශපාලන පක්ෂයේ හා ජාතියේ ආගමේ අනන්‍යතාවය නිවැරදිව හොයා බලා ඒ අනුව ඔවුන්ට සැලකීමට පක්ෂ හා සිවිල් සංවිධාන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
සියළුම ගංගාවල මෝයකටවල් ලොකුකර ජලය බැසයාමට සැලැස්විය යුතුයි. එතකොට ගැටළු අවම කරගත හැකියි.
ගං වතුර දැන් ඉන්න නායකයාගේ හෝ හිටපු නායකයන්ගේ ප්‍රශ්නයක් නොවේ. ඒ වගේම මගේ ප්‍රශ්නයකුත් නොවේ. කොටින්ව පරාජය කිරීමේදී අත, පය, ඇස්, මස් අප වෙනුවෙනුවෙන් දන් දුන් රණවිරුවෙකුට හැර ලංකාවේ ඉන්න කවරෙකුටවත් කිසි අනුකම්පාවක් නොදක්වමි.
අපේ අමතිවරුන්ගේ වාහන ටික වික්කා නම් ලංකාවේ හැමෝටම සහන දෙන්න පුළුවන්වෙයි..