IMG-LOGO

අවතැන් වු ගණන පැයෙන් පැය ඉහළට

කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් අවතැන්වුවන්ට සහන සැලසීමේදී සහන බලාපොරොත්තුව විවිධ හේතු දක්වමින් පවුල් පිටින් විශාල පිරිසක් අවතැන් කඳවුරු වෙත පැමිණිම නිසා තමන් දැඩි අසිරුවකට පත්ව ඇතැයි බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන  සහකාර අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසුවේය.

මේවනවිට පැයෙන් පැය එසේ පැමිණෙන්නන්ගේ ප‍්‍රමාණය වැඩිවන නිසා සහන දීම සහ අවතැන්වූවන්ගේ සංඛ්‍යා ලේඛන සැකසීම පවා අසීරුවී ඇතිබවද ඔහු කීහ.

කම්පනයට පත් වී සිටින  ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායන පවත්වන බව  කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී එරංග අසේල මහතා කීහ.

මේ අතර නායයාම සිදුවු දිනයේ පාන්දරින් පාසල් ආ සිසුන් සමහර දෙනෙකුගේ මව්පියන් ද පාන්දරින් විවිධ වැඩ ස`දහා නිවෙස්වලින් පිටවීම නිසා ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් ඇතිබව කී දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා බොහෝවිට ඒඅය අනෙක් ක`දවුරේ සිටිය හැකි යැයි පැවසුවේය.

මව්පියන් ඇති දරුවන්ට මව්පියන් මුණගස්වා දීමෙන් පසු මව්පියන් අහිමි දරුවන්ගේ පුනරුත්ථාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවලක් සකසන බවද කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.



අදහස් (0)

අවතැන් වු ගණන පැයෙන් පැය ඉහළට

සමන්ති Friday, 31 October 2014 12:20 AM

ග්‍රාම නිලධාරී මහතා මගින් මීරියබැද්ද සිටි වැඩිහිටි ගණන සොයාගන්න පුළුවන් නේද ? පාසල් වලින් පාසල් ළමයි ගානත් බොහෝ දුරට සොයාගත හැකියි. දැනට ඉන්න අය සමග අනිත් අයගේ විස්තර ලබා ගැනීමෙන් බොහෝ දුරට නිවැරදි වාර්තාවක් සැකසිය හැක (නදී)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 31 October 2014 11:43 AM

පාරවල් කාර්පට් කරලා එ්ක පුද්ගල ආදායම ඩොලර් 4000 කරලා කිව් වට මෙන්න ඇත්ත තත්වය. බයිලා කියල වැඩක් නැහැ. ඔන්න කරනවානම් සේවාවන්. වැඩ පෙන්නලා ඡන්දය දිනන්න, නැත්නම් ප්‍රශ්න අනිත් අය විසදාවී. (අ)

:       0       0

සත්‍යයා Friday, 31 October 2014 01:41 AM

ආපදාවක් සිදුවුණත් නැතිවුණත් මේ දුප්පත් මිනිසුන්ගේ ජීවිත එකම ඛේදවාචකයක්. වෙනස පිරිසක් ඛේදවාචකයේ කොටසක් හැටියට පස් යට තමන්ගේ දුක සඟවාගෙන මිහිදන් වී ඇති අතර අනෙක් පිරිස මියයන තුරුම ඛේදවාචකය තුළ ජීවත්වීමයි. (නි)

:       0       0

පිටිගල Friday, 31 October 2014 05:05 AM

අද රටේ ඉන්න හුඟක් දුප්පත් මිනිස්සුන්ට කන්නවත් නැහැ. විවිධ හේතු කියමින් කන්න දෙන තැනකට එන්නේ එකයි. ඔය ලයින් කාමර වල හිටිය මිනිස්සුන්ට මේ ජීවිතයට වඩා මරණය සැපක්. මේ මිනිස්සු ජීවත් වුණ ගෙවල් දැක්කම හිතා ගන්න පුළුවන්.රටේ ආර්ථිකයට උර දෙන මිනිස්සු අපා දුක් විඳිද්දී පැත්තක ඉන්න අය දවසට ලක්ෂ ගණන් විනෝද වෙන්න විතරක් වියදම් කරනවා. ලක්ෂ ගණන් වල සපත්තු දාන අය.මිලියන ගණන් වල ඔරලෝසු බඳින අය අපේ රටේ හිටියත් යතාර්ථය මේකයි.,(අ)

:       0       0

ලෝගේස් Thursday, 30 October 2014 08:45 PM

දුක වවාගෙන කන්න දෙන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site