කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් අවතැන්වුවන්ට සහන සැලසීමේදී සහන බලාපොරොත්තුව විවිධ හේතු දක්වමින් පවුල් පිටින් විශාල පිරිසක් අවතැන් කඳවුරු වෙත පැමිණිම නිසා තමන් දැඩි අසිරුවකට පත්ව ඇතැයි බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසුවේය.
මේවනවිට පැයෙන් පැය එසේ පැමිණෙන්නන්ගේ ප‍්‍රමාණය වැඩිවන නිසා සහන දීම සහ අවතැන්වූවන්ගේ සංඛ්‍යා ලේඛන සැකසීම පවා අසීරුවී ඇතිබවද ඔහු කීහ.
කම්පනයට පත් වී සිටින ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායන පවත්වන බව කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී එරංග අසේල මහතා කීහ.
මේ අතර නායයාම සිදුවු දිනයේ පාන්දරින් පාසල් ආ සිසුන් සමහර දෙනෙකුගේ මව්පියන් ද පාන්දරින් විවිධ වැඩ ස`දහා නිවෙස්වලින් පිටවීම නිසා ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් ඇතිබව කී දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා බොහෝවිට ඒඅය අනෙක් ක`දවුරේ සිටිය හැකි යැයි පැවසුවේය.
මව්පියන් ඇති දරුවන්ට මව්පියන් මුණගස්වා දීමෙන් පසු මව්පියන් අහිමි දරුවන්ගේ පුනරුත්ථාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවලක් සකසන බවද කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාම නිලධාරී මහතා මගින් මීරියබැද්ද සිටි වැඩිහිටි ගණන සොයාගන්න පුළුවන් නේද ? පාසල් වලින් පාසල් ළමයි ගානත් බොහෝ දුරට සොයාගත හැකියි. දැනට ඉන්න අය සමග අනිත් අයගේ විස්තර ලබා ගැනීමෙන් බොහෝ දුරට නිවැරදි වාර්තාවක් සැකසිය හැක (නදී)
පාරවල් කාර්පට් කරලා එ්ක පුද්ගල ආදායම ඩොලර් 4000 කරලා කිව් වට මෙන්න ඇත්ත තත්වය. බයිලා කියල වැඩක් නැහැ. ඔන්න කරනවානම් සේවාවන්. වැඩ පෙන්නලා ඡන්දය දිනන්න, නැත්නම් ප්‍රශ්න අනිත් අය විසදාවී. (අ)
ආපදාවක් සිදුවුණත් නැතිවුණත් මේ දුප්පත් මිනිසුන්ගේ ජීවිත එකම ඛේදවාචකයක්. වෙනස පිරිසක් ඛේදවාචකයේ කොටසක් හැටියට පස් යට තමන්ගේ දුක සඟවාගෙන මිහිදන් වී ඇති අතර අනෙක් පිරිස මියයන තුරුම ඛේදවාචකය තුළ ජීවත්වීමයි. (නි)
අද රටේ ඉන්න හුඟක් දුප්පත් මිනිස්සුන්ට කන්නවත් නැහැ. විවිධ හේතු කියමින් කන්න දෙන තැනකට එන්නේ එකයි. ඔය ලයින් කාමර වල හිටිය මිනිස්සුන්ට මේ ජීවිතයට වඩා මරණය සැපක්. මේ මිනිස්සු ජීවත් වුණ ගෙවල් දැක්කම හිතා ගන්න පුළුවන්.රටේ ආර්ථිකයට උර දෙන මිනිස්සු අපා දුක් විඳිද්දී පැත්තක ඉන්න අය දවසට ලක්ෂ ගණන් විනෝද වෙන්න විතරක් වියදම් කරනවා. ලක්ෂ ගණන් වල සපත්තු දාන අය.මිලියන ගණන් වල ඔරලෝසු බඳින අය අපේ රටේ හිටියත් යතාර්ථය මේකයි.,(අ)
දුක වවාගෙන කන්න දෙන්න එපා. (නදී)