කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් කොළඹ නගරයේ විශේෂ පිණ්ඩපාත චාරිකාවක් ආරම්භ කළහ.
‘පැවිදි හඬ‘ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ කැරුණු චාරිකාව කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල ගමන් කැරිණි.
ලැබෙන ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විපතට පත් කොළඹ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද හිමියෝ කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් දක්නාතුරු සසර ගමනට දානය, ශීලය හැර වෙන මොන පිහිටක්ද? සාදු, සාදු, සාදු!!! (නි)
අර ගිහියෙකුගේ ආරක්ෂාවට හදනවා කිව්ව භික්ෂුන් 100 හමුදාවත් ජනතාවට සහන සළසන්න යෙදෙව්වා නම් නරකද? චතුරි කියනවා වගේ පොඩි හාමුදුරුවරු ගැන නම් දුකයි. (නි)
මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්. ඒකට දේශපාලනය ගාවගන්න එපා. කවුරු කළත් හොඳදෙයට හොඳයි කියන්න. විපතක් වුණ වෙලාවට හාමුදුරුවරු තමයි මුලින්ම ඉදිරියට විත් ජනතාවට පිහිට වෙන්නේ. ආණ්ඩුව හා වෙනත් අය සුදානම් වෙනකොට පන්සලේ හාමුදුරුවරු වැඩ පටන් අරගෙන. (නි)
තමන්ගේ හිත් වල ඇති කුහකකම් ප්‍රදර්ශන කරන්න එපා චතුරි, අමීරා. මේ කරන්නේ සද්ක්‍රියාවක්. කිසියම් කෙනෙක් දුකක, කරදයක වැටුනාම උදවුවක් කිරීම,මේක බුදුදහමේ කියාදෙන මුලික සංකල්පයක්. අජීර්ණවූ දේශපාලනය මෙවැනි අවස්ථා වලදිත් පටලවාගන්න එපා (නි)
අමිරා නම් නොදන්නාකමට එහෙම කිව්වා කියන්න පුළුවන්. එතකොට චතුරි? අනගාරික ධර්මපාලතුමා කිව්ව ජාතියේ කෙනෙක් හැටියට තමයි හිතන්න වෙන්නෙ. මිනිසුන්ට උදව් කිරීමට දේශපාලනය ඈඳාගෙන. (නි)
හෙද සංගමයේ තිබෙන මුදල් වලින් ස්වල්පයක් මේ සඳහා පරිත්‍යාග කරන බැරිද? නිකන් ලෝකෙට පෙනෙන්න වැඩකරලා වැඩක් නැහැ. අඩුම ගණනේ හෙද සංගමයට පුළුවන්නේ නොමිලයේ විපතට පත් ජනතාවට සාත්තු සේවය සපයන්න. (නි)
ආදර්ශමත් වියයුතු උත්තමයන් සෑමවිටම ආදර්ශමත් වීම රටේ වාසනාවකි. සැප විඳින දේශපාලකයන්ට තව තවත් සැප ලබාදීමටත්, ඒ මඟින් තමන්ගේ පැවැත්ම ගෙනයාමටත් කාලය කැපකරන අපේ සමහර භික්ෂුන් වහන්සේලා මෙවැනි මොහොතකවත් මෙවැන්නකට කැපවීම අපි අගය කරමු. ආගම ධර්මය අනුව තමන් කැපවිය යුත්තේ කුමකටද යන්න අවබෝධ කරගැනීම ගැන අපි මෙම භික්ෂුන් වහන්සේලා ගැන සතුටු වෙමු. (නි)
ඔබ වහන්සේලා මේ කරන වැඩ කටයුත්ත ගැන අපට ගොඩක් සතුටුයි.(හේ)
කුමාර්, දන්නා දෙයක් කතාකරන්න (නි)
සුන්දර දසුන් පෙළක්.(හේ)
ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන යම් බෝධියක් ඇත්නම් ඒකාන්තයෙන්ම ලැබේවා! "සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ" (නි)
අමීරා, ඔබ වගේ අයත් මේ මෝඩයන් අතරේ ඉන්න බව තේරුම් ගන්න ලැබීම සතුටට කරුණක්! (නි)
මහින්දට වියදම් කරන්න හදන සල්ලි වලිනුත් පුළුවන් නේද ආධාර කරන්න. (නි)
මේ හැමදේටම සමහරු දේශපාලනය ගාවාගන්නා බව අදහස් වලින් පෙනෙනවා (නි)
රොකි ඔබ හරියටම හරි, ඒ මදිවට බල පෙරේත දේශපාලනයත් පටලවාගෙන. ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේනේ දහසකුත් බාධක මැද අද ඉන්න තත්වයට හෙද හෙදියන් ගෙනාවේ, මතකනේ, 60 සහ 70 වේ දශකය එනිසා හෙද හෙදියන්ටත් කියන්න දිනක වැටුප පරිත්‍යාග කරන ලෙසට. (බ)
හොද වැඩක්. නමුත් දන්නේ නැති හින්දා අහන්නේ. මෙය පිණ්ඩපාතය කියන නම නැතුව ආධාර කියලා එකතුකළා නම් ශාසනික වශයෙන් හොඳයි නේද? සමාවෙන්න මම වැරදි නම් (නි)
රටත් සියලු ජනතාව වෙනුවන් සැමදා ඉදිරියට එන රටේ මුර දේවතාවන් දකින්න ලැබීමත් සතුටක්. සාදු සාදු!!!!!! අවවාදයට වඩා ආදර්ශය උතුම්. (නි)
ඉතා වටිනා පුණ්‍යකර්මයක් (නි)
ගංවතුරක්ම එන්නා ඕනා මෙයාලා සැප ආසන හා මාලිගාවලින් එලියට බස්සවන්න. (බ)
කුමාර්, අදටත් ලංකාව ආරක්ෂා වෙලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා නිසා (බ)
කුමාර් .දන්නා එකක් කතා කරන්න.පන්සලක් පැත්තෙවත් යන්නේ නැතිව ටයිප් කරන්න පුළුවන් වුනාට දන්නේ නැති දේවල් කියන්නේ නැතිව ඉන්න. (බ)
කුමාර්, ඔබ සිංහල බෞද්ධයෙක් නොවන බව පැහැදිලි (බ)
දහම්, මේකත් සංදර්ශනයක්ද ? (බ)
මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කවදත් අවතැන් වූවන් වෙනුවෙන් උදව් කරන්න,අරමුදල් පිහිටවන්න කටයුතු කරන හාමුදුරු නමක් (බ)
මේගොල්ලන්ට ව්‍යාපාර තියෙනවා අදායම් මාර්ග තියෙනවා .ආධාර කරන්න දුප්පත් මිනිහාගේම සාක්කුවට තමයි හැමෝම බහින්නේ .තමන්ගේ පෙට්ටගම් ඉබි යතුරු ගෙන කොයි ලෝකෙට ගෙනියන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ (බ)
මහින්දව ආරක්ෂා කරන්න. හිටපු කට්ටියද මේ .පොඩි හාමුදුරුවෝ. ගැන. දුකයි පොඩි හාමුදුරුවනේ කාටවත් කඩේ නොයන්න අදිටන් කරගන්න (බ)
කෝ අර පහුගිය ටිකේ කෑගහපු සේනාව? (නි)
හාමුදුරුවනේ, මේ පුණ්‍යකර්මයම ඇති නිවන් දකින්න. (නි)