ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක දුන් තීන්දුව ඉවත දැමූ අභියාචනාධිකරණයේ අවංක හා සෘජු විනිසුරුවරයකුට දිගින් දිගටම උසස්වීම් නොදෙතියි නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.
කොළඹ අලුත්කඩේ නීතීඥ සංගම් නව දේශ ශාලාව විවෘත කරමින් ඔහු කීවේ අනිල් ගුණරත්න නම් මෙම විනිසුරුගේ උසස්වීම් දී නැති බවයි.
අඩු තරමේ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරන අවංක විනිසුරුවරුන්ට සලකන්නේ මෙලෙසදැයි ඔහු ප්‍රශ්න කළේය.
මේ නඩුවේ දී ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුතුමා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තීරණය ඉවත දැමූ බවත්, ඔහු කලකිරුණු පුද්ගලයකු ලෙස මිය ගිය බවත් ජයසූරිය මහතා කීවේය.
නව දේශන ශාලාව එච් ඩබ්ලිව් ජයවර්ධන මහතා නමින් නම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාත් මානව හිමිකම් කොමිසමට යා යුතුයි. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවලු ප්‍රජාතන්ත්‍රය තිබෙනවාලු අනේ මගේ කට (දී)
අවංක විනිසුරුට පලා බෙදලා‘ විනිසුරුලට පමණක් නොවෙයි අවංක හැමකෙනාටම එහෙමයි (දී)
අපි කාටත් ඕක තමයි වෙන්නේ (දී)
ටෙනිසන් මහත්මයා, මම නම් කැමතියි තම සේවය හරියට ජනතාවට ඉටුකරන ,කොන්ත්‍රාත් වලින් ගසානොකන, එමෙන්ම තමා යටතේ සේවය කරන සේවකයන් ගණන්කාර හෝ දේශපාලන වහලුන් නොකරන,එමෙන්ම කාටත් සුවසේ ජීවත්විය හැකි සිංහල රටක් බිහිවනු දැකීමට (නි)
සමහර අවංක කම් අවංක කමද තමාගේ පක්‍ෂපාතිත්වයද කියලා ගැටළු මතුවෙන අවස්ථා ඕනතරම් තියනවා.(දී)
නිමල් ලාලිත මහත්තය නාරි ලාලිත්‍යය දාල ඔය කියන්න හදන්නේ කා ගැනද කියල තේරෙනවා .. එහෙම උනොත් ඉතින් විනිසුරුවරුන්ට දෙවී පිහිටයි.. කට්ටිය පෝලිමට සත්තු වත්තට දක්කයි තමන්ට ඕන තීන්දුව නොදුන්නොත්.. මේ චරිතය ගැන නොදන්නා අය තාමත් මේ රටේ ඉන්නව කියන එකනේ පුදුමේ..මේ සභාපති උත්තමය ප්‍රසිද්ධියේ යම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කඩේ යන්නෙක්.එයාල වගේ අය තමයි ඉතින් කවද හරි විනිසුරු පුටුවටත් යන්නේ.අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ විහිළුවක් ..එතන ඉන්න අය ක්‍රියාත්මක වෙන්නෙත් තම තමන්ගේ දේශපාලන දැක්මන් අනුව තමයි. (ස)
පළි ගැනීම මේ ජාතියට උරුම වෙච්ච දෙයක් (දී)
හැම තැනම ඕකම තමයි (දී)
මෙතන අවංක කියා අදහස් කරන්නේ ශිරාණි බණ්ඩාරනායකගේ නඩුවේ තීන්දුව ඉවත දමපු නිසාද ? එසේ නම් අවංක වන්නට බැහැ , ඔහු දේශපාලනීය වුන කෙනෙක් , අවංක කමට රජය හෝ විපක්ෂය කියා නැහැ ,කාටත් එක සමාන විය යුතුය (දී)
කොහෙත් ඔහොම තමයි මහත්තයෝ (දී)
ඕක සාමාන්‍ය තත්වයක් (දී)
ලලිත් මහත්තය කතා කරන්නේ විනිසුරු තුමා ගැන විතරද? මේ අපිට වෙන අසාධාරණ හරිද?(දී)
බන්දුල පෙරේරා මහත්තයා, ඔබ වගේ මම දේශපාලන පක්ෂ කරගහගෙන වහල්කම් කරන්නේ නැහැ. ජෙනරල් ෆොන්සේකාට මම ගරු කරනවා යුද්ධය මෙහෙයවූ යුද සෙනෙවියා නිසා. මම අදත් ගරු කරන්නේ මේ සිංහල රටයි කියා සිතා වැඩකළ දේශපාලකයන්ට පමණයි. (නි)
සමහර අධිකරණ තීන්දු වලට එරෙහිව නීතීඥයන් අධිකරණයේ පුටු පවා පොළොවේ ගැසූ අවස්ථා තිබුනා.එය අධිකරණයට අපහාසයක් සාමාන්‍ය මිනිසෙකු කලානම්..නමුත් විනිසුරන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.එබදු විනිසුරන් කුමන ගණයටද වැටෙන්නේ. (දී)
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
අවංක අය පාරේ ගියත් පරිස්සමෙන් යන්න ඕනේ.රිය පදවුවත් පරිස්සමෙන් යන්න ඕනේ .ලංකාවේ ඇතුලත කොහේ ගියත් පරිස්සමෙන් යන්න ඕනේ. (දී)
නිමල් ලලිත මහත්තය යන්නේ කොහෙද කියල වැටහෙනවා.එත් මහත්තයෝ පසුගිය වසර පනහක කාලය පුරා මම ඔය කියන ජාතියේ කෙනෙක් හෙවුවා. මල එකෙක් මිස ජීවතුන් අතර ඉන්න කෙනෙක්නම් මේ ශ්‍රී ලංකා භූමියේ මට දකින්න ලැබුනේ නැහැ. (ස)
බබුනුඅරච්චි කියන්නේ අයෙත් ගල් ගහන්නද ? (දී)
කොච්චර අවංක වුණත් වැඩක් නැහැ නීතියට අනුව තීන්දුවක් දෙන්න බැරි නම්. අවංකකමෙන් වැඩක් නැහැ නීතිය වැරදියට අර්ථ නිරූපනය කරනවා නම්. ගුණරත්න, විනිසුරුතුමා යුක්තිගරුකව තීන්දු දුන් කෙනෙක්. (නි)
සමහරු එම නඩුව ගැන දන්නේ පුවත්පත් කී දේවල් පමණයි නමුත් එම විනිසුරුවන් එම නඩුවට සහභාගි වූ අය. ඉතින් කොහොමද විනිසුරුවරයාගේ තීන්දුව ගැන කතකරන්නේ? (නි)
මතකද විනිසුරුවන්ට ගල්ගැසූ කාලයකුත් තිබුණා?? (නි)
ඔබතුමාට කරන්න කිසිම දෙයක් ඇතැයි මම නම් සිතන්නේ නැහැ. මොකද මේ අපේ ලංකාවනේ! (නි)
අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ලංකාවේ තිබේද? නීතිය ඉදිරියට ගිය මිනිසුන්ට කවදාද නීතීඥවරුන්ගෙන් මෙය ලැබුනේ? (නි)
නඩුකාරයන්ට ගල් ගැසූ යුගය අවසන් කිරීමට පැමිණි අය ඊටත් වැඩි වැරදි කරන්නේ නම්, එය අසාධාරන නැද්ද? මේ රටේ කෙදිනකවත් මහත්මා දේශපාලනයක් ඇති කරන්න බැහැ. එසේ කරනවා නම් කළහැක්කේ ගරුතර මහා නාහිමිවරුන්ට සහ මේ රටට ඇත්ත වශයෙන්ම ආදරය කරන හමුදා සෙනෙවියෙකුට පමණයි (නි)