(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා   හෙට (06) ඉදිරිපත් කෙරේ.

"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  විසින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත්  කෙටුම්පත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  සුනිල් කුමාර ගමගේ මහතා විසින්ද ඉදිරිපත් කරනු ලැබේ.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක්ව තිබූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" (Protection of the State from Terrorism Bill) 2026 සැප්තැම්බර් 22 වන දින නිල වශයෙන් ගැසට් පත්‍රයේ පළ කෙරිණ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නියමය පරිදි මෙම නව පනත් කෙටුම්පත ගැසට් කර ඇත.