වනාන්තරවලින් හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන් 23 දෙනකු රජයට සම්බන්ධ දේශපාලන බලවතුන් බාරයේ සිටිතියි එජාප පළාත් මන්ත්‍රීන් වන සන්දිත් සමරසිංහ හා හේෂාන් විතානගේ මහත්වරු සබරගමු පළාත් සභාවේදී ප්‍රශ්න මතු කළහ.
හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන්ගේ නම්,අල්ලාගත් කැලෑව හා දැන් සිටින ස්ථානය,හිමිකරුගේ නම ආදී විස්තර ද හේෂාන් විතානගේ මහතා ඉදිරිපත් කළේය.
සිඟිති, කණ්ඩුල, සංජු,සුජීවා, චූටි මැණීකේ, සන්දක, පංචාලි, සකුරා, වස්තු, පාරමී හා නමක් නැති අලි පැටවුන් දෙදෙනකු හබරණින් අල්ලාගෙන ඇතැයි ඔහු කීවේය.
ගංගා,භානූ,සුද්දි,දෙව්මි,සමාධි,සීදේවී,සංඛ,දෙව්රංග හා නමක් නැති අලි පැටවකු උඩවලවෙන් දඅල්ලාගෙන ඇතැයි ද ඔහු කීවේය. අල්ලාගත් ස්ථානයක් සඳහන් නැති අලි පැටවුන් දෙදෙනකු ගැන ද ඔහු කියයි.එම අලි පැටවුන්ගේ ඡායාරූප ද ඔහු සභාවට ඉදිරිපත් කළේය.
අද සමහරුන් රට බල්ලන් ඇති කරනවා වාගේ අලි පැටවුන් ඇති කිරීම විලාසිතාවක් කැරගෙන ඇතැයි ද මේ නිසා අලි පරපුර වද වී ඇතැයි ද ඔවුහු කීහ.
මෙම අලි හොරකම හෙළි කළ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා මාරු කැර ඇතැයි ද ඔවුහු කීහ.ඔහුට උසස්වීමක් දී ඇතැයි සන්ධාන මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කීවේය.
විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය පැවසුයේ අලි පැටවුන් මව් සෙනහස අහිමිවීමෙන් මිනිසුන්ට සතුරු විමෙන් අලියාගෙන් මිනිසාට අනතුරු විය හැකි යැයි කීවාය.
වල් අලින් හීලෑ කිරීම හොඳ වැඩකියි සන්ධාන මන්ත්‍රී නමින්ද අරුණප්‍රිය මහතා ද කීවේය.
අලි පරපුර රැකගැනීමට ඇති සියලුම දේ කරන බවට මහ ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.
සන්ධානයේ වරුණ ලියනගේ මහතා පැවසුයේ හීලෑ ඇතුන් සිටීම අලි මිනිස් ගැටුම් ඇතිවීම වැළක්වීමට හේතු වන බවයි.
2012 අලි සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වල් අලි ගහණය 5800 කි.ඉන් බහුතරය වියලි කළාපයේය. ශ්‍රී පාද ප්‍රදේශයේ ද අලි දෙදෙනකු හෝ තිදෙනකු සිටින බවත් සිංහරාජයේ ද තුන්පත් රැළෙන් එක් අලියකු ඇති බවත් කියති. ආසියාවේ වල් අලි වර්ග 13 කි .අප්‍රිකාවේ 38 කි. ශ්‍රී ලංකාවේ අලියා වඳවීමේ තර්ජනයකට ලක් ව සිටී.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් පෙලේ දේශපාලකයන් නිසා රටේ නීතියත් වල් වැදිලා , (දී)
අන්තිමට අපිට පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවන්ටත් අර අප්‍රිකාවේ කන් ලොකු කැත ඇත්තු ආනයනය කරන්න වේවි (දී)
මොනවා කරන්නද කාලේ පරිනාමය වෙනවත් එක්කම අලිත් වඳ වෙලා යයි (දී)
සොබා දහමින් දඩුවම් ලැබෙනකොට මේවා දැනේවී (දිල්)
මේ වගේ දේවල් ගැන මම කතා කලේ ගොඩක් ඉස්සර ඉඳන්.ජීවිතේටත් අඹු දරුවන්ටත් ආදරේ නිසා දැන් නිහඬව ඉන්නවා.අලි නෙවෙයි රටම විකුණලා දැම්මත් කතා කරන්නේ නම් නෑ (දිල්)
පවු තාම අම්මගෙන් කිරිබොන වයසේ පැටවු , කර්ම විපාකය සත්‍යක් නම් මේ උතුමන්ලටත් මේ පවු ගෙවනම වෙනවා (දී)
දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීමයි (දී)
දේශපාලනය ගැන හා ඒ අයගේ ක්‍රියාකාරකම් ගැන අපි කතා කිරීම පලක් නැති දෙයක් (දී)
වර්තමානය සමාජය කාගෙන් හෝ හොරාගේනමයි ජිවත් වෙන්න පුරුදු වී සිටින්නේ (දී)
හංග හංග නොවෙයි නමුත් එක්ක කියන්න ඕනේ ලෝකෙටම දැන ගන්න (දී)
විවෘත ආර්ථිකයද මේකටත් වග කියන්න ඕනේ (දී)
පිටිගල කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා! සාදරයෙන් පිළිගනිමි. (නි)
මේ අලි පැටවූ ටික මේ අදහස් ටික දැක්කා නම් උන්ට මොනවා හිතෙයිද?? (නි)
ලස්සන අලි පැටව් ටිකක්. සතුන්ට සතුන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න පින් සිද්ද වෙයි. උන්ගේ නිජබිම කැලයයි. (ස)
පෙනෙන හැටියට මෙයාල වැඩි දෙනෙක් ගස් බැදලා ඉන්නේ පන්සල් වතුවල වගේ . (ස)
ඉස්සර මෙහෙම උනේ නැහැ (දී)
පුෂ්ප, එළවලා හරි කැලෑ ටික බේරන්න ඕනෑ. මිනිසුන්ට තට්ටු ගෙවල් හදලා දෙන්න පුළුවන්? මේවා ගණන් නොගෙන ඉන්න එපා (නි)
මම නම් මේක දකින්නේ සංරක්ෂණ විදියක් ලෙසයි. හිංසනයක් නැතිනම් මෙහෙම කලාට කමක් නෑ. අද කාලේ අලින්ගෙන් වැඩ ගන්නවා හරිම අධුයි. මම අලි ගැන පර්යේෂණයකට සහභාගී වුන කෙනෙක්. අපේ රටේ වනාන්තර වල අලි ගහනය උපරිම ධාරිතාවට ලගින් යන්නේ. (ස)
මේ මෙතරම් පහත් තත්වයකට වැටුන 'මහජන නියෝජිතයන්' ඉතිහාසයේ කවදාවත් ඉන්න නැතුව ඇති. පුදුමය කියන්නේ කොතරම් පහත් වැඩක් කලත් අපේ රටේ මිනිසුන්ට කිසිම ගානක් නැති එක. (දී)
දේශපාලනය බලය (දී)
දේශපාලකයින්ට සල්ලි වැඩි වෙලා අලින්ට කන්න දෙන්න හදනවාවද්ද? (නි)
ඉතාමත් ලස්සන පින්තුර ටිකක්.ඒත් අලි පරම්පරාව ගැන දුක හිතෙනවා ,පරපුර රැකීම කෙසේවෙතත් දේශපාලන බලය ඉහවහා ගිහින් තිබෙනවා . (දී)
ඇති නැති පරතරය තවත් දුරස් වෙලා. සමහර අයට දරුවන්ට හරිහැටි කන්න දෙන්න වත්කමක් නැහැ. මේ අය කාලා අලින්ටත් කවනවා. (දී)
උගත් කමක් නැති පවුල් පසුබිම් වලින් ඇවිල්ලා, සල්ලියි, බලයයි ලබා ගන්නවා. හැබැයි ඉතින් ඒවා ලැබුනා කියලා පරම්පරාවේ අඩුව වහගන්න බැහැනේ. ඉතින් අලියෙක් ගෙදර බැඳගෙන හරි හාමු කෙනෙක් වෙන්න හදනවා. (දී)
මේවා සාමාන්‍ය දේවල් (දී)
කැලේ ඉන්න සත්තු ටික අල්ලාගෙන නම් ගම වාසගම් වෙනස් කරගෙන තියෙන්නේ හරියට මෙයාලට දාව ඉපදුන අලි බබ්බු වගේනේ. (දී)
මමනම් දන්නේ නැහැ හරියටම (දී)
කිසිම කෙනෙකුට අලින් තබාගැනීමට හෝ බලපත් ලබාගැනීමට තහනම් කිරීම සපුරා තහනම් කරන්න පුලුවන් නම් හොඳයි. නුවර පෙරහරට පමණක් සීමාකර, අනෙකුත් සියලු පූජා භූමියකවත් අලින් තබාගැනීම සපුරා තහනම් කළා නම්, කැලේ ඉන්න සතුන්ගේ කැලෑ වාසභූමි උන්ට බාරදීලා මිනිසුන් ගම් වැදුනානම් සියල්ල හරියාකාරව විසඳේවි. (නි)
සල්ලි කාරයෙක්ගේ ගෙවල්වල තියෙන සංකේතය තමයි අලි (දී)
දේශපාලනය ගෑවුන ගෑවුන තැන ඉවරයි (දී)
කැළෑ තියෙන්නෙත් ටිකයි ඒවයෙත් මිනිස්සු පදිංචි වෙලා කියනවා අලි ගැහුවලු විසදුම් දෙන්නලු මට නම් හිතෙන්නේ තියෙන එකම විසදුම තමයි ඒ මිනිස්සු ඒ ප්‍රදේශ වලින එලවන එක (දී)
කොහොම කොහොම හරි අපිට ඉන්න සත්තු ටික නැති වෙනවා (දී)
කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුනලු......... (දී)
එජප මන්ත්‍රීවරුන් ඔය විස්තර දන්නවා වගේම,අපිත් ඕවා දැන ගෙන හුගක් කල්....... (දී)
පරිසරය සහ රට රැක ගැනීම අපගේ වගකීමක් රටේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්ට නිදසේ ඉන්න ඉඩදෙන්න ආණ්ඩුව මේ හැම දේකටම වගකියන්න ඕනි !!! (දී)
ඡන්දය දෙන එකනම් වරද්දන්න එපා (නදී)
සාංචාරකයින් එන කාලයේ වල් අලිත් අවශ්‍යයි. හීලෑ අලිත් අවශ්‍යයි. කඩිනමින් මහා පරිමාණයේ අලි ගොවි පළවල් බිහිකොට උපදින පැටව් අලි ගාය ඇති ඇත්තන්ට සාධාරණ මිලකට ලබා දෙන ලෙස ගරු වන ජීවී ඇමති තුමාගෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි. එසේ බැරිනම් ඩියුටි ෆ්‍රී අලි ආනයනයට බලපත් දීම අලි ජරමරේට විකල්පයකි (නදී)
කැලේ ඉන්න අලි ටික හොරකම් කරන්න උදව් කරන වනජීවී ඇමතිවරු ඉන්න රටකින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. වනජීවී ඇමති කට ඇරියොත් කියන්නේ අලි මිනිස් ගැටුම විසඳන්න තියෙන ක්‍රමය කැළේ ඉන්න අලි අල්ලලා හදාගන්න පුළුවන් මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ කියලා. මේ වගේ ඇමතිවරු පත් කරපු අයටත් අනාගත පරපුරේ සාපය වදීවි. රුපියල් ලක්ෂ දහයකට කැළේ අලි අල්ලලා බද්දට දෙන්න හදනවා කියලා පත්තර වල තිබුණු ප්‍රවෘත්තිය දැකලා මම වනජීවී ලේකම්ට කතා කරලා කැත වැඩ කරන්න එපා කියලා එකපාරක් කිව්වා. ඇත්තටම මට රට යන ඇත ගෙන පුදුම දුකක් දෙනුන නිසා. මෙහෙ ඉන්න ලොකුම සතා කැන්ගරුවා. නමුත් ලංකාවේ තියෙන ජෛව විවිධත්වය මතක් වෙනකොට අපිට ආඩම්බරයි. නමුත් මෙහෙ ඉන්න පාත්තයටවත් කරදරයක් කරන්න බැරි වෙන තරමට වන ජීවීන් රකින්න පුදුම කැපවීමකින් ක්‍රියා කරනවා. මට ලංකාවේ කැළේ ඉන්න සත්තුන්ගෙන් හා ගස් ටිකෙන් කොමිස් ගන්න බලාගෙන ඉන්න ඇමතිවරු ගැන අහන විට ඇතිවන්නේ පුදුම පිළිකුලක්. නමුත් මාධ්‍ය ඉදිරියේ මේ ගොල්ලෝ කතා කරන්නේ මොකුත් නොදන්නා, නොකරපු තොත්ත බබාලා ගානට. කාව රවට්ටන්න හැදුවත් තමන්ගේ හෘද සාක්ෂිය රවටන්න බැහැනේ. ඕවට සම්බන්ධ වෙච්ච අයට මේ ආත්මෙම ඕවා පටිසන් දේවි. නමුත් මට දුක අපේ දරුවෝ ලංකාවට එන දවසක පෙන්නන්න අලියෙක් නැති වෙයිද කියලා (නදී)
ලංකාවේ අලි ප්‍රමාණය සැහෙන අඩුවෙලා අලි මිනිස් ගැටුම නිසා. මේ අලි පැටව් ජාවාරම කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා. අලි පැටව් අල්ලන්න ලොකු අලි කී දෙනෙක් මරනවද කියලා තවම හරියට කියන්න බැහැ. රට මේ තරම් පහත් තත්වයකට වැටුණු කාලයක් තවත් නැතුව ඇති. නීතිය වල්වැදුණු රටක හැටි. (නි)
වනේ අසරණ ගිජිඳුන් හට වද දෙන්නේ - පාලන බලය සියතට ගෙන ඇති බැව් කියැවෙන්නේ - බලය කවදා කෙදිනෙක හෝ ගිලිහෙන්නේ - එදාට තමයි කළ කළ පව් පලදෙන්නේ!!. (දී)
මෙහෙම බලනකොට අපිට අනාගතයේදී අලියෙක් දැකගන්න වෙන්නේ ඡායාරූපයකින් පමණක් වෙයි (නි)
හංසි,නියම,.....ඔබින..... කවි පංතිය. (දී)
මොකද අපිට පුලුවන්ද අලියෙක් ඇතිකරන්න (දී)
කොතන කොහොම අලි හොරෙක් හිටියත් ඒකට දේශපාලනය ගැවිල? (නි)
අපි නම් දන්නේ නැහැ ඕවා (දී)
ලංකාවෙන් අලි වඳ වෙන කාලය දුර ඈතක නොවෙයි (දී)