IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අලහප්පෙරුම කමිටුවේ වාර්තාව: මැතිසබා කමිටුවට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ  නිලධාරිනියට සිදුවී ඇතැයි පැවසෙන විවිධ හිරිහැර සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි  කාර්ය මණ්ඩල උපදේශක කමිටුවේ (STAFF ADVERSARY COMMITTEE) අවසන් තීරණය සඳහා යොමු කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා තීරණය කර ඇත.

එම කමිටුවේදී  ඒ  සම්බන්ධයෙන් සාධාරණ   තීරණයක් ගැනීමෙන් පසු වාර්තාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට කතානායකවරයා මැතිසබයට  පසුගියදා  දැනුම් දුන්නේය.

සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතාද වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.

මේ අතර වාර්තාව පැත්තකට දමා ඇඟ  බේරා ගැනීමට ඇතැමුන් උත්සාහයක නිරතව සිටින හෙයින්   නිලධාරිනියට සිදුවී ඇතැයි පැවසෙන අසාධාරණකම් සහ වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවෙන් කෙරුණු සාධනීය නිර්දේශ සම්බන්ධයෙන් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්  ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාගෙන්  දැඩි ඕනෑකමින් යුතුව  ඉල්ලීමක් කරති.

එම ඉල්ලීම කරමින්  පාර්ලිමේන්තුවේදීද අදහස්  ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සූදානමින් සිටිති.

හිංසන චෝදනාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවට    රජය  විසින් සැලකිය යුතු මුදලක්  වැය කෙරිණ. එම  පරීක්ෂණ  කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළේ  හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම  මහත්මියයි.



අදහස් (1)

අලහප්පෙරුම කමිටුවේ වාර්තාව: මැතිසබා කමිටුවට

හාසුදු Saturday, 13 December 2025 04:43 PM

දඬුවම අමතරව වැයවුන මුදල හා දඩ මුදලක්ද වැරදිකරුවන්ගේ පුද්ගලික මුදලින් අයකර ගත යුතුයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site