(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ  පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට්  ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්  මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද  සම්මතවිය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ වාර්තාවේ  නිර්දේශ අනුව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.

එම කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 24 වැනිදා ඉදිරිපත් කර ඇති වාර්තාවකින් මෙම නිර්දේශය කර ඇත.