තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 06 වැනිදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)තීරණය කලේය.
එම පෙත්සම මීට පෙර සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේම එය නැවත කැඳවන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ ඊට එකඟතාවය පළ කෙළ්ය. ටිරාන් අලස් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් සහතික වීමද ලබන ජූලි 06 වැනිදා තෙක් පවතවා ගෙන යාමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝටම මොනයම් හරි වරදක් කරලා පොලිසිය අපි ගැන පරීක්ෂණ කරන බව දැනුනොත් පෙරකදෝරු මහත්තයකුට කියලා ශ්‍රේෂ්ට අධිකරණයට ඇපෑලක් දමලා පොලිසියෙන් බේරෙන්න පුලුවන්ද? (ර)