තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 10 වැනිදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(06)තීරණය කලේය.
පෙත්සම ඊවා වනසුන්දර සහ අනිල් ගුණරත්න යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එම පෙත්සම මීට පෙර සලකෙ බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේම එය නැවත කැඳවන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙත්සම මෙදිනට කල් තබන ලදී.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ ඊට විරුද්ධත්වය පළ නොකළේය.ටිරාන් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් දී තිබූ සහතික වීමද ලබන ජූලි 10 වැනිදා තෙක් පවතවා ගෙන යාමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පල කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලස් වාරණය සිකුරාදා තෙක්