
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි හත්සීයක රේගු බදු රටට අහිමි කරමින් මෙරටට ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 112ක් අතරින් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වාහන පහක් යළි රේගුවට භාරදීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.
අදාළ වාහන අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මගින් සහකාර රේගු අධ්යක්ෂවරයාට මෙසේ බාර දීමට නියෝග කෙරිණි.
රුපියල් කෝටි හැටකට අධික වටිනාකමකින් යුත් මෙම වාහන පහ මගින් රුපියල් මිලියන 300 රේගු බදු රටට අහිමි කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
අදාළ වාහන පහ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙසට මහේස්ත්රාත්වරයා රේගු අධ්යක්ෂ ජනරාල් වරයාට නියෝග කරමින් දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් යාළුවෝ මල්ලි...
ඊළඟට රේගුවේදී ඔය වාහනවලට වෙන්නේ මොකද්ද? එතැනදී ආයෙත් වෙන විදියකට පිල්ලි ගහවිද?
රේගුව හරියට බදු ගැහුවේ නැති නිසා තමයි හොරෙන් RMV එකේ රෙජිස්ටර් කළේ. ආපසු රේගුවට දුන්නාම හොරාට බඩු ටික අරන් යන්න නීතියෙන් අවසර දුන්නා වගේ...
රේගුවට බාර දුන්නාම රේගුව ඒ ටික වෙන්දේසි කරනවා. සියලු රේගු වෙන්දේසිවලින් පාතාල සහාය සහ දේශපාලන බලය පාවිච්චි කරලා බඩු කුණු කොල්ලෙට ගන්න ප්රධාන පුද්ගලයා තමයි හිටපු මහරජතුමාගේ සියලු ආවතේව වැඩකරන නෙවිල්. දැන් වැඩේ තේරෙනවා නේද? අවසානයේදී සල්ලි යන තැන දන්නවා නේද?
කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ තීන්දු දෙන්නේ හොඳට හිතලා මතලා.
කිසිම වාහනයක් රේගුව නිදහස් නොකර එලියට ගන්න බැහැ. එහෙම තත්ත්වයක් මත රේගුව කියන කථා කප්පම් නොලැබීම නිසා කරන රංගනයක් නොවේද?