(ගයාන් සූරියආරච්චි)

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අතඅඩංගුවට ගත් වාන් ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එම සැරයන්වරයා විසින් කින්නියා ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකුට අයත් යතුරුපැදියක් වාන් ඇළ පොලිසියට රැගෙනවිත් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා තිබුණි.

අනතුරුව රුපියල් 5000 ක් ලබා දෙන තෙක් යතුරුපැදිය නිදහස් කර එම යතුරුපැදියට අදාල ලියවිලි සැරයන්වරයා සනතකයට ගෙන තිබූ අතර එම වාන් ඇළ වට්ටමඩු හන්දිය අසලදී එම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.