(නිමන්ති රණසිංහ)
යතුරුපැදියක ලියාපදිංචි සහතිකය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දුන් සහ ඉල්ලූ බව කියන මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ තැරැව්කරුවකු අද(10) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට අවසර දුන්නේය.
අදාළ තැරැව්කරු සහ සිවිල් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබිණි.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබ සිටිනුයේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ තැරැව්කරුවකු ලෙස සේවය කළ එහි හිටපු ආරක්ෂක නිලධාරියකු වූ කපුරුබණ්ඩාගේ දයානන්ද සහ අදාළ අල්ලස් මුදල පිරිනැමූ බව කියන සිවිල් පුද්ගලයා වූ ආසිරි ද සිල්වා යන අයය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලද නිර්නාමික පැමිණීලිවලට අනුව මෙම වැටලීම සිදුකර අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව එම කොමිසම අධිකරණය වෙත දැනුම් දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර විහිලුව.
තැරැව්කරුවකු ඉතින් ගානක් ගන්නේ නැත්තම් මොනවට ඕක කරනවද ? අනේ අපේ නීතිය කෙතරම් හොඳද ? අර කෝප් සමාගමේ මිලියන ගණන් වංචාවක විත්තිකාරියක අධිකරණය මඟ හැර සිට අත්අඩංගුවට ගත්තම පැයෙන් ඇප. දැන් ගෙදර .
රටට කෙලවෙලා තියෙන්නේ මේ නිසා. ලොකුම ලොක්කගේ ඉඳල පාර අතුගාන එක දක්වාම හොරකන්න, අල්ලස් ගන්න තමයි බලන් ඉන්නේ. තමන්ට අදාල රාජකාරිය කරන්නේ නැතිව ඉන්න සේවකයෝ, කියක් හරි ගසාකාල වැඩේකරන්නයි බලන්නේ. මුල් පුටුවේ ඉදලම මේක වෙනස් වෙන්න ඔ්නී, රට හදන්න නම්.
ඕක හොර ගුහාවක්.