ඔත්තුකරුවන් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ටේප් රෙකෝඩර පාවිච්චි කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට අද (19) උපදෙස් දුන්නේය.
අනුරාධපුර ගොවිජන සේවා නිලධරයකු එම කාර්යාලයේ ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් 30,000ක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇතත් ව්‍යාපෘති මුදලින් 1%ක් කොමිස් ගැනීමේ අයිතිය ඔහුට ඇති බවත් එම මුදල වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීමටද පෙර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
අල්ලස් කොමිසම තම උපදෙස්ම පිළිපදින්නේ නම් ඉන්පසුව සැකකරුවන් මුල් අවස්ථාවේම මුදා හරින බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. සැකකරු ජනවාරි 25 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ව්‍යාපෘති මුදලින් 1%ක් කොමිස් ගැනීමේ අයිතියකුත්, එම මුදල වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීමට නීතියකුත් තිබෙනවද? එසේනම් ඔහුට 99%ක් ගෙව්වා නම් ඉවරයිනේ (නි)