(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නට යෑමේදී එම පොලිස් නිලධාරින් දෙදෙනා අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (02) වන දින සැකපිට අත්අඩංගුවට තිබේ.
මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් රථ වාහන නඩුවක දඩ මුදල අඩු කර ගැනීම සඳහා අදාළ පුද්ගලයාගෙන් මුදල් ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතිකය නොමැතිව ගමන් කළ එම පුද්ගලයාට අඩු මුදලක දඩ කොළයක් ලබාදීම සඳහා මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා අල්ලස් ලෙස රුපියල් 10000 ක මුදලක් තමාගෙන් ඉල්ලූ බවට එම පුද්ගලයා විසින් අල්ලස් දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල සිද්ධිය පිළිබඳ වැඩිදුණ පරීක්ෂණ කටයුතු අල්ලස් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න පැත්තෙන් ඉන්නවා. ඔවුන් මට බයට ත්‍රීවීල් එකේ කට්ටියක් එක්ක යන්නේ.. කවදත් තනියම යන්න බයයි. සාරි අන්දන්න ඕනේ පොලිස්කාරයින්ට....
හවායි යතුරුපැදි කරුත් වැරැදියි...