මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
දැව කඳන් ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
සිද්ධියට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි ප්‍රාදේශිය කළමණාකරු නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝක කැරිණි.
අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ ප්‍රියංගනී ජයලත් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් චෝදනාවට වරදකරුවු හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 10,000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවයා ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරු ධනුෂ්ක සම්පත් නමැත්තාට මෙලෙස දඬුවම් නියම වු අතර ප්‍රාදේශිය කළමණාකරු ලෙස කටයුතු කළ වරදාන කීර්ති රෝයි නමැත්තා නිදොස් කොට නිදහස් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන ගණනක් මුදල් බැඳුම්කර හොරකම් කරපු අයට කිසිම දඬුවමක් නැත. ඒ අයට අඩුම තරමේ ජීවිත කාලයට වත් සිර දඬුවම් දිය යුතුයි.
මේ නිලදාරිය බන්දනගාර රෝහලට ඇතුලත් කරනවද මෙයාලට එවැනි පහසුකම් නැතිද රුපියල් ලක්ෂයකට මෙහෙම නම් සිල් රෙදි හොරුන්ට කෝ දඩුවම් නීතිය හරියට දඩුවම් නොදුන්නත් රටේ මුදල් හොරකම් කරපු උන්ට දෙවියො හරි දඩුවම් දෙයි.
විදෙස් රැකියා ඒජන්සිකරුවන්ගෙන් යහමින් පගා ගත්තු අය ඉන්නවා හරි උසස් නිලධාරින් බව රටට පෙන්වාගෙන. ඒවාත් අල්ලනවා නම් තමයි හොඳ.
වන සංරක්ෂණ නිලධාරීන් බීජයක් රෝපණය කරලා, එම පැල නිසි පරිදි සිටුවා වන වගාවක් කරන එකයි. ඒවා සතුන්ගෙන්, ගින්නෙන් සහ දැව සොරුන්ගෙන් රැක ගන්න එකයි කියලා ගස් ලොකු කර දෙනවා. දැව සංස්ථාවේ නිලධාරීන් ඒවා කපල විකුණලා බෝනස් එකකුත් ගන්නවා. වනාන්තර වෙනුවෙන් කිසිම වග කීමක් ගන්නේ නැහැ. එහෙව් මිනිස්සු ජරාවත් ගන්නවා. දඬුවම මදි වසර 20 ක් වත් හිරේට ගියා නම් තමයි සුදුසු. රජයේ අයට වඩා මේ ගොල්ලන් ලොකු වැටුපකුත් ගන්නවා නේද?