(මනෝප‍්‍රිය ගුණසේකර)
පුපුරණ ද්‍රව්‍ය බලපත‍්‍රය ලබාගැනීමට අවශ්‍ය නිර්දේශය ලබාදීම සඳහා ගල්කොරියක හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු අකුරණ හිටපු ප‍්‍රාදේශීය ලේකම්වරයාට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද නියම කළේය.
පුපුරණ ද්‍රව්‍ය බලපත‍්‍රය ලබාගැනීමට අවශ්‍ය නිර්දේශය ලබාදීම සඳහා ගල්කොරියක හිමිකරුගෙන් ඉල්ලා ලබා ගත් රුපියල් 50,000/- ක අල්ලස් මුදල දණ්ඩන වශයෙන් විත්තිකරුගෙන් අයකර ගැනීමටද වැඩිදුරටත් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඬුවම් කාලය වසර 5කින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අකුරණ ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කළ මොහොමඩ් හනීෆා මොහොමඞ් නියාස් නමැත්තාටය.
මෙම අල්ලස් සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි අකුරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයා ලෙස කටයුතු කළ මොහොමඞ් අමීර් අස්වර් අලී නමැත්තා නඩුව විභාග වන අතරතුරදී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මීට පෙර අවස්ථාවක ඔහුට දඬුවම් නියම කරන ලදී.
විත්තිකාර මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස් නමැත්තාට එරෙහිව මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ නේද? පනස් ලක්ෂයක්වත් නම් තව කමක් නෑ, අනික ඔයිට වඩා කෝටි ගණනින් ගත්ත උන්නැහේලා චුන් එකේ ඉන්දැද්දී මේ පොඩි ගානකට වටිනා කියන ජොබ් එකකුත් නැතිකරගත්ත නේද?
50,000 අරන් අවුරුදු 10 නම් හොරකම් කරපු බිලියන් ගණන් වලට දඬුවම?
මධ්‍යම පළාතේ මේ වගේ වැඩකරන කාර්යාල තව බොහොමයක් තියෙනවා. ඒවත් ඉස්සරහට එයි... බලමු බලමු.....