අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහා කොමිසමේ ලේකම්ට බාර දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
විමලචන්ද්‍ර මහතා හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකි.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනකු සිටිති. එක් කොමසාරිස්වරයකු ඉල්ලා අස් වුවහොත් කොමිසම ඉබේම අක්‍රීය වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර නීති විශාරදයින් කියනුයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසමේ කාලය ද අවසන් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි (කේ)
හිතට එකගව වැඩ කරන්න පුළුවන් තැනක්ද? (කේ)
අනුන්ගේ ඇගිලි ගැසීම්! අසාධාරණ ! බලපෑම්! පලිගැනීම්! නිසා රාජකාරිය කල නොහැක. එතුමා ඉල්ලා අස්වීම කොයි අතටත් සුබදායකය. එය තම ආරක්ෂාව තමාම සපයා ගැනීමකි. (කේ)
අගමැතිකම අල්ලසක් කියල පැමිණිලි කල ගමන් කොමිසමේ අයට අයින් වෙන්න කියල බලපෑම් කරලා කොමිසම අක්‍රිය කරන්න. (බ)
දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)
ඕනෑම ආයතනයක පුරප්පාඩුවක් ඇතිවූවිට අවශ්‍යතාව අනුව එය පිරවීම සාමාන්‍ය දෙයකි. අල්ලස් කොමිසම වැනි වැදගත් තැනක තනතුරක් හිස් වීම නොසළකා හැරියයුතු දෙයක් නොවේ. පෙත්සම් සහ විභාග ගණනාවක් ඇති මේ කාලයේ මෙම අස්වීම පිළිගත්තා නම් නව කොමසාරිස්වරයෙකු පත්කොට අඩුව පිරවිය යුතුය. පවතින චෝදනා ආදිය හැකිතාක් ඉක්මණින් විමසා බලා ජනතාවට කරුණු පැහැදිළි කළයුතුය. කිසිවෙකු පත්කිරීමක් නොකරන්නේ නම් මහජනයා තුළ සැකයක් ඇතිවීම සාධාරණ වේ. (නි)
හේතුව කුමක් වන්නට ඇද්ද? (නි)
හිතට එකඟව වැඩ කරන්න බැරි නිසා වෙන්නැති (නදී)
මේ ඉල්ලා අස්වීමට හේතුව මේ කොමසාරිස්ට එතන හිතට එකඟව වැඩ කිරීමට ඉඩක් නැතිකමද ? (නදී)
එයාගේ "කොන්ද" තාම කෙලින් (බ)
මේකත් මහින්දගේ වෙඩක් වෙන්න අැති? (කේ)
කණගාටුයි! (නි)