පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ට ලබාදී ඇති බලපත්‍ර විකුණා ඔවුන් අයුතු ලෙස ධනය උපයාගෙන ඇතැයි කියමින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන පවත්වන්නැයි ඉල්ලා නීතිඥවරයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කළහ.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසමේ සභාපති, එහි සාමාජිකයන් හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd