
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිඥ එම්.ආර්.වයි.කේ උඩවෙල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය.
ඇය එම තනතුරේ අද (10) වැඩ බාරගත්තාය.
උඩවෙල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ( නීති අංශය) ලෙස මීට පෙර කටයුතු කළාය.
උඩවෙල මහත්මිය සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන බිරිඳය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ කනිෂ්ක විජේරත්න මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම තනතුරින් පසුගිය 7 වැනිදා ඉල්ලා අස්විය.
ඔහු මෙසේ තනතුරින් ඉල්ලා අස්වූයේ විජේරත්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදනියක සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කරනු ලැබ තිබියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාතීව, තනතුරේ ගෞරවය රැකගැනීම ඔබගේ වගකීමයි. සුබපැතුම්...!
අනුරගේ කැබ් එකේ පිරෙන්න පහුගිය කාලේ හොරකම් කළ ෆයිල් තියෙනවා. දැන් ඉතින් වැඩේ පටන් ගන්න. ඔය කැබ් එකේ තියන ෆයිල් හිස්වෙලා. හොරු ඔක්කොම ජේල් එකට යවන්න ඕනෑ.... ඔබතුමිය...
ජොලි සීයලාගේ ,සුනාමියලාගේ ගජ මිතුරු විජේරත්න ගිය එක කොච්චර හොඳද .මෙයා කොච්චර කේස් යටිමඩි ගහලා තියෙන්න ඇත්ද .බයේ යන්න ඇත්තේ